කෝවිඩ් වසංගතය හමුවේ සිය සමාජ වගකීම උපරිමයෙන් ඉටු කරමින් ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රය වෙත පළමු වරට ඔස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය, සෞඛ්‍ය අමාත්‍යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් කෝවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුමැතිය ලබා ගන්නා ලදී. මේ සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත රසායනාගාරයක් වත්තල හේමාස් රෝහල් පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරනු ලැබීය. මෙම වෛද්‍ය රසායනාගාරය මගින් හේමාස් රෝහලේ නේවාසික රෝගීන්ට, බාහිර රෝගීන්ට, විදේශ සංචාරකයින්ට, විදෙස්ගතවන්නන්ට, කර්මාන්තශාලා සේවකයින්ට මෙන්ම විවිධ ආයතතනික සේවකයින්ට සේවා සපයනු ඇත.
වත්තල හේමාස් රෝහලේ ස්ථාපනය කළ මෙම නවතම වෛද්‍ය රසායනාගාරය සඳහා LOLC සමාගම සහයෝගීත්වය ලබාදුන් අතර ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ විශේෂඥයකු වන ආචාර්ය මංජු ගුණවර්ධන සිය විශේෂඥ උපදේශනය ලබා දෙන ලදී. දිවයින පුරා ඇති රසායනාගාර නියැදි එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන හරහා ලැබෙන පරීක්ෂණ නියැදි සඳහාද මෙම රසායනාගාරයේ සේවාව හිමිවේ.