• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අලුත් සිංදු කිව්වෙ නැත්තේ මංකොල්ලකන නිසා

April 4, 2021
in Heart
Reading Time: 2 mins read
A A
අලුත් සිංදු කිව්වෙ නැත්තේ මංකොල්ලකන නිසා
Share on WhatsAppShare on Facebook

⬤ ප්‍රසංග වේදිකාවේ තිබුණු ඉල්ලුමට වෙනසක් වුණේ නෑ…

⬤ ඒකපුද්ගල ප්‍රසංග කරන්න මේක වෙලාව නෙමෙයි…

අතුල ශ්‍රී ගමගේ කියන්නේ අදටත් ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ගායන ශිල්පියෙක්. ඔහුගේ ගීත සියල්ලම පාහේ එදා වගේම අදටත් එක වගේ ජනප්‍රියයි. ඒත් අපි දන්න විදියට ඒ ගීත සියල්ලම දශක කිහිපයක් පැරැණියි. මේ තරම් ජනප්‍රියත්වයක් තිබියදීත්, අතුල ශ්‍රී ගෙන් අලුත් නිර්මාණ එළියට එන්නේ නැත්තේ ඇයි කියන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලත් තියෙනවා. ඒ හැම දේම ගැන දැන ගන්න අපි ඔහුට කතා කළා.

🔴 වර්තමානයට එන්න කලින් අපි අතීතයට යමු. ගායන ශිල්පියෙක් වුණේ කොහොමද කියන එක මතක් කරලම අපි කතාබහ පටන් ගමු?
කලාවට පාසල් යන කාලයේ ඉඳන්ම ආසාවක් තිබුණා. සාහිත්‍ය සමිතිවල, උත්සවවල ඒ කාලේ ඉඳන්ම ගීත ගායනා කළා. ඒත් පාසලේ සංගීතය හදාරන්න පහසුකම් තිබුණේ නැති හින්දා චිත්‍ර කලාව තමයි හැදෑරුවේ. පස්සේ උසස් පෙළ කරලා රැකියාවක් කරන්න කොළඹ ආවා. ඒ කාලෙදි මට සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය හදාරන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි මගේ ආරම්භය.
🔴 තමන්ටම කියලා ගීතයක් හදා ගත්තේ කොයි කාලෙද?
මං හිතන්නේ 1989දි විතර තමයි මගේ මුල්ම ගීතය පටිගත කළේ. “ඉකිබිඳ හඬා” කියන ගීතය තමයි මගේ මුල්ම ගීතය. ඊට පස්සේ ඒ කාලෙම තවත් ගීත තුනක් පටිගත කළා. ඒ කාලේ ගුවන් විදුලියේ ගීත ප්‍රචාරය වෙන්න නම් සරල ගී ගායකයෙකු ලෙස සමත් වෙන්න ඕනෑ. ඒ පරීක්ෂණය සමත් වෙන්න මට පුළුවන් වුණා. ඒ හින්දා 1991 වගේ වෙද්දි මගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා.
🔴 නමුත් ඔබව රටම හඳුනා ගත්තේ “හිම මීදුම් වලා කුළේ” ගීතයෙන් කියලා කිව්වොත් මං වැරැදි නැහැ?
ඔව්. ප්‍රවීණ ශිල්පී නිහාල් ගම්හේවා මහත්තයා තමයි මට ඒ ගීතය හදලා දුන්නේ. එතුමා හමුවීම මගේ භාග්‍යයක්. ඒකත් රසවත් කතාවක්. ඒ වෙද්දි මගේ ගීත හතරක් තිබුණට, ප්‍රසංග වේදිකාවෙදි මට ගායනා කරන්න වුණේ මගේ ගුරුවරයා වුණු සනත් නන්දසිරි මහත්මයාගේ ගීත. ඒ විදියට කඩුවෙල තිබුණු ප්‍රසංග වේදිකාවක ගීත ගායනා කරද්දි තමයි මට ගම්හේවා මහත්තයා හමු වුණේ. මට ගීත කිහිපයක් හදලා දෙන්න කියලා මම කළ ඉල්ලීම එතුමා බොහොම නිහතමානීව බාර ගත්තා. ඒ වගේම ඒ ගීත හැමෝම අතරම ජනප්‍රිය වුණා. තුටු කඳුලින් දෙනෙත සලා, සුර දූතියෝ වගේ ගීතත් ඒ හරහායි නිර්මාණය වුණේ. ප්‍රසංග වේදිකාවේ මට දැඩි ඉල්ලුමක් එන්න පටන් ගත්තේ එතැනින් පස්සේ.
🔴 ඒ කාලේ ගායන ශිල්පියෙකුගේ අනන්‍යතාවය වුණේ කැසට් පට. අපි ඔබේ මුල්ම කැසට්පටය ගැන කතා කරමු?
91 අවුරුද්දේ අන්තිම වෙද්දි මගේම කියලා ගීත දහයක් විතර තිබුණා. මම ඒ ගීත ප්‍රසංග වේදිකාවල ගායනා කළා. ප්‍රසංග වේදිකාවේ ගායනා කරලා පටිගත කරන ගීත කැසට්පට වශයෙන් අලෙවි කිරීමත් ඒ කාලේ සිද්ධ වුණු දෙයක්. ඔය විදියට පටිගත කළ මගේ ගීත රෙකෝඩ්බාර් එකක ප්‍රචාරය වෙනවා අහපු කැසට් නිෂ්පාදකවරයෙක් තමයි මාව හොයා ගෙන ඇවිත් මුල්ම කැසට් එක කරන්න කතා කළේ. මට ලොකු ලාබයක් තිබුණේ නැතත් මම ඒකට කැමැති වුණා. “මුතු කඳුළු සලා” යන නමින් තමයි මගේ මුල්ම ගීත එකතුව නිකුත් කළේ. ඊට පස්සේ “රන් සුර කුමරියෝ” සහ “කෝකිල වසන්තේ” නමින් තවත් කැසට් දෙකක් නිර්මාණය කරන්න මට පුළුවන් වුණා.
🔴 90 දශකය මැදභාගය වෙද්දි පැතිරිලා ගිය සන්ෆ්ලවර් රැල්ල අපේ ගීත කලාව උඩුයටිකුරු කළා. ඔබත් ඒ රැල්ල එක්ක ඉදිරියට ගිය ගායකයෙක්?
ඔව්. 1997 තමයි මම සන්ෆ්ලවර් එක්ක මුල්ම කැසට් එක කළේ. ඒකට අතිවිශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. ඒ ජනප්‍රියත්වය හින්දම සන්ෆ්ලවර් සමඟ තවත් කැසට් දෙකක් කරන්න මට සිද්ධ වුණා. ඊට පසු කාලෙක මම සකුරා රේන්ජ් සමඟත් කැසට් එකක් එළි දැක්වූවා.
ඔබ 90 දශකයේ අපේ රටේ හිටිය ජනප්‍රිය තරුවක් වුණත් නව සහශ්‍රයත් එක්ක ඔබේ නව
🔴 නිර්මාණ ජනප්‍රිය වෙනවා අපි දැක්කේ නැහැ. මොකක්ද ඒකට හේතුව?
ඒ කාලේ ඇතිවුණු ගීත මංකොල්ලය තමයි ඒකට ප්‍රධාන හේතුව. අනවසර ගීත මංකොල්ලය හින්දා නිෂ්පාදකයෝ කලාවෙන් ඈත් වුණා. අපිට නව ගීත එකතු කරන්න තිබුණු අවස්ථාව නැති වුණා. ඒ වගේම නවකයෝ ඇවිත් විවිධ වෙනස්කම් එක්ක ගීත ගායනා කළා. ඒ විදියට වෙනස් වෙන්න කැමැත්තක් අපිට තිබුණෙත් නැහැ. අපේ අලුත් නිර්මාණ ජනගත නොවෙන්න ඒක තමයි හේතුව. මේක මට විතරක් නෙවෙයි මට වඩා ප්‍රවීණ බොහෝ ශිල්පීන්ටත් බලපෑව දෙයක්.
🔴 ඒ කියන්නේ ඔබ එතැනින් පසුවත් අලුත් ගීත නිර්මාණය කළා. නමුත් ඒවා ජනප්‍රිය වුණේ නැහැ කියන එකද?
ඔව්. අලුත් ගීත කිහිපයක්ම කිව්වා. ඒත් ඒවා ජනතාව අතරට ගියේ නැහැ. කැසට් නිෂ්පාදනය නැවතිලා තිබුණු හින්දා ඒ ගීත ජනතාව අතරට ගෙනියන්න අපට මාර්ගයක් තිබුණේ නැහැ.
🔴 ඔබ ඒ කාලේ ගැන කලකිරීමෙන් වගෙයි කතා කරන්නේ?
කලකිරීමක් තියෙනවා. අපි නිකම් හිටියේ සිංදු කියන්න බැරිව නෙවෙයිනේ. ඔය ගීත මංකොල්ලය නවත්වන්න ඒ කාලේ කිසිම කෙනෙක් මැදිහත් වුණේ නැහැ. වෙන රටවල ඔය වගේ දේවල් වෙන්නේ නැහැ. නමුත් අපේ රටේ දරුණුවට ඒක සිද්ධ වුණා. ඒ හරහා හොඳ නිර්මාණ රාශියක් බිහිවෙන්න තිබුණු අවස්ථාව නැති වුණා. මට විතරක් නෙවෙයි බොහෝ ශිල්පීන්ට ඒක බලපෑවා.
🔴 නමුත් ඔබට මේ දක්වා ප්‍රසංග වේදිකාවේ තිබුණු ඉල්ලුම නම් අඩු වෙලා නැහැ නේද?
ඒක ඇත්ත. පාස්කු ප්‍රහාරය හින්දා ප්‍රසංග සංවිධානය අඩු වෙනතුරුම මට ඒ ඉල්ලුම ඒ විදියටම තිබුණා. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේ හැමතැනකින්ම. මම ගීත ගායනා කරන්න ලෝකයේ බොහෝ රටවලට ගිහින් තියෙනවා. ඒත් දැන් නම් මං විතරක් නෙවෙයි හැම කලාකරුවාම ගෙදරනේ. අපි ගැන බලන්නත් කවුරුත් නැහැ. රටේ හැමදේම යථා තත්ත්වයට පත් වුණත් කලාකරුවාට තවම මොකුත් නැහැ.
🔴 ඉදිරියේදී නව නිර්මාණයක් ඔබෙන් අහන්න ලැබෙන එකක් නැද්ද?
නව නිර්මාණ කරන්න ඕනෑ. රසිකයන්ට අහන්න අලුත් දෙයක් දෙන්න ඕනෑ. ඒත් ඒ කාලේ වගේ දැන් කවුරුවත් ගීත නිෂ්පාදනයට මැදිහත් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ.
🔴 බොහෝ ප්‍රවීණ ශිල්පීන් ඒකපුද්ගල ප්‍රසංග පැවැත්වීම සිදු කරනවා. ඔබට එවැනි අදහසක් නැද්ද?
ඒකපුද්ගල ප්‍රසංග සඳහා මටත් ආරාධනා රාශියක් ආවා. ඒත් තවම ඒකට වෙලාව නෙවෙයි කියලා මට හිතුණු හින්දා ඒක ටිකක් කල් දැම්මා. ඒත් දැන් යන විදියට නම් ආයේ කවදා එහෙම දෙයක් ගැන හිතන්නවත් පුළුවන් වේවිද දන්නේ නැහැ.
🔴 අවසන් වශයෙන් අපි ඔබේ බලාපොරොත්තු ගැන කතා කරමු?
රට සාමාන්‍ය අතට පත්වෙලා තියෙන හින්දා කලාකරුවන්ටත් වෙනදා වගේ තමන්ගේ රැකියාව කරගෙන ඉන්න පුළුවන් කාලයක් ඉක්මනටම උදා වෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රාර්ථනාවකට වැඩිය ඒක ඉල්ලීමක් කියලා කිව්වත් හරි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

නාමල් ආ රැස්වීමේදී පිල්ලෙයාන් ජල්ලියක් අල්ලයි

Next Post

15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමය සිංගර්

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.