• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති ඩිජිටල් වේදිකාවට ගොඩවෙයි

March 26, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනපති ඩිජිටල් වේදිකාවට ගොඩවෙයි
Share on WhatsAppShare on Facebook

“ඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

“රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින්. යල් පැනපු අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක්. පුළුල් මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්තියක් ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බැහැ. ” යැයි ජනාධිපතිවරයා පැවසීය.

21 වැනි ශතවර්ෂයට ගැළපෙන අයුරින් දැනුම පාදක කොටගත් මානව ප්‍රාග්ධනය සැලසුම් කොට පෝෂණය කිරීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛ පරමාර්ථයක් බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කළයුතුය.

රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවෙන් පිරිපුන් පරපුරක් ලෙස ලෝකය හමුවට ගෙන යාම “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන්” තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා වන “ඩිජිටල් වේදිකාව” දියත් කිරීම පිණිස අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

“නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා” යන්න “ඩිජිටල් වේදිකාවේ” තේමාවයි.

“ඩිජිටල් වේදිකාව” නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

අද සිට ඉදිරි මාස 03 ක කාලයක් පුරා https://egenuma.moe.gov.lk/public/showLanguage.mvc වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා සහ අදහස් “ඩිජිටල් වේදිකාවට” යොමු කිරීමට පිළිවන.

පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය, වෘත්තීය සහ තෘතීයික අධ්‍යාපනය සහ උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ලෙස ප්‍රධාන උප ක්ෂේත්‍ර 04ක් යටතේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.

තිරසර අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා වඩාත් පුළුල්ව මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට “ඩිජිටල් වේදිකාව” විවෘතව පවතී.උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමට වැඩි අවස්ථාවක් සැලසීම ප්‍රතිසංස්කරණවල තවත් අරමුණකි.

විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක විෂය නිර්දේශ නවීකරණය සහ ප්‍රතිව්‍යුහකරණය මගින් රැකියා නිපුණතා වර්ධනය අපේක්ෂා කෙරේ.රැකියාවක නිරතවන අතර තම අධ්‍යාපන සුදුසුකම් වැඩිදියුණු කර ගැනීම සඳහා විවෘත විශ්ව විද්‍යාල පද්ධතිය පූර්ණ වෙනසකට ලක්විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

සියලුම ශ්‍රී ලාංකික දරුවන්ට පෙර පාසලේ සිට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් දීම තම අපේක්ෂාව බව කී එතුමා දැනට පවතින අන්තර්ජාල සහ තාක්ෂණික අඩු පාඩු 2023 වර්ෂය වන විට සම්පූර්ණයෙන් ඉවත් කරන බව පැවසීය.

ප්‍රෞඩ අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට ඊට වඩා ප්‍රෞඩ අනාගතයක් උරුමකරදීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සීතා අරඹේපොල, විජිත බේරුගොඩ, ඩී.වී චානක යන මහත්ම මහත්මීහූ, තානාපතිවරු, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල ‍පෙරේරා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් ආචාර්ය එම්. උපාලි සේදර යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ, විදුහල්පතිවරු, ගුරුවරු සහ පාසල් ශිෂ්‍යාවෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඩොලර් බිලියන 10 බඩු සූවස් ඇළේ හිරවෙයි! ලංකාවේ බඩු මිල ඉහළට!! අපනයනවලටත් බලපෑම්!!!

Next Post

පාස්කු ප්‍රහාරයේ මහ‌මොළකරු ගැන මරික්කාර් හෙළිකරයි (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper