• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම වැඩේට බැහැලමයි ඉන්නෙ

March 28, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම වැඩේට බැහැලමයි ඉන්නෙ
Share on WhatsAppShare on Facebook

⬤ කලින් වගේ දැන් අමාරු නැහැ…

⬤ තනිකමට තියෙන්නෙ රේඩියෝ එක විතරයි…

වයස් බේදයකින් තොරව ඇයට දැන් හැමෝගෙම ආදරේ ලැබෙනවා. ඒ ඇය ‘බස්එකේ ස්කෝලේ’ ටෙලිනාට්‍යයෙන් ‘ප්‍රියානි’ ලෙසට ඔබට සමීප වීමෙන්. ඉතින් ප්‍රියානි මේ යන ගමන කොයි වගේද කියලා අපිට කිව්වේ මේ විදියට…

🔴 ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ ජනප්‍රියතම ටෙලිනාට්‍යයකින්. කොහොමද ඔබට රංගන භූමිකාව හිමිවන්නේ?
මගේ පළමු රංග භූමිකාව, හැකියාව මම දැන හඳුන ගත්තේ පාසල් අවධියේ. පාසලේ විවිධ ප්‍රසංග, කෙටි නාට්‍ය තරග සඳහා මූලික වෙලා වැඩ කළා. මම පාසලට කැපී පෙනෙන චරිතයක් වුණා. නිළියක් වීමේ සිහිනයක් තිබුණත්, හිතුවේ නැහැ මට මේ තැනට එන්න ලැබෙයි කියලා. ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පිටපත් රචක ලක්ෂාන් වත්තුහේවා තමයි මාව ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ ‘අනෝමා’ චරිතයට සම්බන්ධ කරගත්තේ. මුල්ම ගෞරවය ඔහුට හිමිවිය යුතුයි.
🔴 ‘අනෝමා’ චරිතයට ගොඩදෙනෙක්ගේ ආදරය හිමිවුණා නේද?
කෙටියෙන්ම පැවැසුවොත් වයස් බේදයකින් තොරව ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය හිමිවුණා. විදේශීය රටවලින් පවා ගොඩදෙනෙක් මට කතා කළා. ඉතින් ඔවුන්ගෙන් ඒ ලැබෙන ආදරය මට මිල කරන්න බැහැ. පාරක බැහැලා ගියත් සෙල්ෆියක් ගහලා මම එක්ක කතාබහ කරලා මට සුබපතන පිරිස තවමත් ඉන්නවා.
🔴 මේ දවස්වල ඔබ එක පැත්තකින් ‘අනෝමා’ ලෙසට සංවේදී වෙනකොට තවත් පැත්තකින් ‘ප්‍රියානි’ තුළින් වෙනස් රංග භූමිකාවක් දකිනවා?
ප්‍රදීප් රසාංග අධ්‍යක්‍ෂණය කරන ‘බස් එකේ ස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘ප්‍රියානි’ චරිතය ‘අනෝමා’ චරිතයට වඩා හාත්පසින්ම වෙනස්. ‘අනෝමාගෙන්’ මිදිලා ‘ප්‍රියානි වෙන එක මට ගොඩාක් අපහසු වුණා. සියලුම දෙනාගේ උදවු ඇතිව මම ඒ අභියෝගය බාර ගත්තා. දැන්නම් මම චරිතයට බැහැලමයි ඉන්නේ. මුලදී දැනුණු අපහසුතාවය දැන්නම් නැහැ.
🔴 හොඳක් කරන්න ගිහින් දැන් ඉතින් නරක නාමත් අහනවා ඇති?
ඒ දේ ඉතින් කාටත් උරුම – දෙයක් නේ. හැබැයි ඉතින් ප්‍රියානි ඒ සම්බන්ධකම් ගොඩනැඟුවේ දරුවා ගැන හිතලයි. දරුවාට මවකගේ ආදරයක් තිබිය යුතු නිසයි. හසිත මල්ලි ගැන දැනගෙන හිටියට බියුලාගේ තත්ත්වය මොනවගේද කියන්න මම දැනන් හිටියේ නැහැනේ. මෙහෙම වුණේ ප්‍රියානි නිසා කියලත් කියනවා.
🔴 ප්‍රියානිගේ ජීවිතය ගෙවී යන්නේ වැඩිපුරම ගුවන්විදුලියත් එක්ක?
ඔව්… ඉතින් ප්‍රියානිට දරුවෙක්වත් නැහැ. සැමියා දේවාලයේ කපුවෙක්. ඔහු කරන්නේ බොරුවක් කියලා දන්නවා. ඉතින් මගේ පාළුව, තනිකම බෙදා ගන්නේ ගුවන්විදුලියත් එක්ක.
🔴 රංවල පදනමට පිවිසෙන්නේ රංගනය ගැන හැදෑරීමටද?
2015 තමයි සහන් රංවල පදනමට මම සම්බන්ධ වුණේ. රංවල පදනමෙන් රංගනය ගැන මූලික අඩිතාලම ලබාගන්නවා. අමිතා රබ්බිඩිගල ඇය තමයි රංගනය ගැන මට උනන්දුවක් ඇති කරවන්නේ. ඒ ගුරු දෙපළගේ ගුරුහරුකම් මැද මම රංවල පදනමෙන් දැනුමක් ලබාගෙන මම දැන් රංවල පදනමේ නවක ශිල්පීන්ටත් දැනුමක් ලබා දෙනවා.
🔴 ඉදිරි වැඩකටයුතු කොහොමද?
හෙමින් ගමනක් යනවා. කිසිම කලබලයක් නැහැ මට. චරිත තෝරා බේරාගෙන තමයි මම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.
🔴 ඔබ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස කටයුතු කරන අතරතුර තමයි කලා කටයුතු කරගෙන යන්නේ. කොහොමද මේ සියල්ලට මුහුණ දෙන්නේ?
මගේ ප්‍රධාන වෘත්තිය ගුරු වෘත්තියයි. වත්තල ජාත්‍යන්තර පාසලක නර්තන අංශයේ ප්‍රධානි විදියට කටයුතු කරනවා. පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයෙන් ලැබෙන සහාය කිසිදා අමතක වෙන්නේ නැහැ. මගේ රාජකාරියට බාධාවක් නොවන විදියට තමයි අනෙකුත් වැඩකටයුතු කරගන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජෝක් නොවී ජෝක් දාන අංකල් බෙනා

Next Post

මියන්මාර තත්ත්වය දරුණු වෙයි: ඊයේ විතරක් 114ක් මරුට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.