සීනි සහ පොල්තෙල්වලින් මෙරට ජනතාවට කළ අතිවිශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එසේ නොවුනහොත් එහි පාඩුව ගෙවන්නේ කවුදැයි ඔහු ප‍්‍රශ්න කරයි.
‘සීනි හා පොල්තෙල් වලින් ජනතාවට කළ විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතුයි. ආණ්ඩුව ඒක කරන්න ඕනේ. නැත්නම් මේ අලාභය කවුද ගෙවන්නේ. මුදල් ඇමතිගේ බූදලයෙන්ද ගෙවන්නේ. එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම්ගේ සාක්කුවෙන් ද ගෙවන්නේ. මේකට තිබෙන එකම විසඳුම සති දෙකක් ඇතුළත ෂැංග්‍රීලා හෝටලය රජයට පවරාගෙන ජනසතු කරන එක’ යයිද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.








