• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කොටි කටේ හිත ගැහෙන අමුතු ගමන

September 23, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙවර අපගේ චාරිකාව වූයේ අතිශය සුන්දර බෝපත්තලාව, හරිත කන්ද නොහොත් පුංචි නවසීලන්තය ලෙස හඳුන්වන හරිත පැහැයෙන් වැසී ගිය කඳු වැටියයි. චාරිකාව පිළිබඳ අදහස මාගේ සුපුරුදු නඩයට දැනුම්දීමත් සමඟ ඔවුන් මේ සඳහා එක පයින් කැමැත්ත දැක්වීමද පෙර පරිදිම විය. හරිත කන්දට යන මාර්ගය පිළිබඳ දළ අදහසක් මා තුළ තිබූ නමුත් ඒ නියම මාර්ගයමදැයි නිශ්චයක් මා තුළ නොවුණි. හැටන් නගරයට ගොස් එතැන් සිට බොගවන්තලාව බසයක, බගවන්තලාව ගමට ගොස් එතැන් සිට කන්දට යා හැකි බවක් මා දැන සිටියෙමි. හැටන් නගරයට බදුල්ලේ සිට දුම්රියෙන් යෑමට තීරණය කරමින් දුම්රිය කාලසටහනට අනුව පසුදා උදෑසන 8.30ට ගමන් අරඹන පොඩි මැණිකේ දුම්රියෙන් හැටන් බලා යෑමට අප කටයුතු සූදානම් කරගත් අතර පෙර පරිදිම මෙවරත් රාත්‍රී කඳවුරු බැඳීමට තීරණය කර ගතිමු.

නමුත් අපිට පසුදා උදෑසන වනතුරුම කූඩාරමක් හොයාගැනීමට නොහැකි විය. එම නිසා අපගේ තීරණය වූයේ කෙසේ හෝ දවසින් කන්ද තරණය කොට අවසන් කිරීමටයි. මෙවර අපගේ ගමනට ගමන් සගයන් 8 දෙනකු පමණ එක් වූ අතර සියලු දෙනාම උදෑසන 7.30 වන විට විශ්වවිද්‍යාලය අසලට එක්වී පසුව උදෑසන ආහාර ගෙන බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වූයේ 8.30ට පිටත්වන දුම්රියෙන් හැටන් බලා යෑමටයි. ඒ අතරතුර අපේ එක් සගයෙක් පැවැසූවේ “මේ පාර නම් අපි වෙලාවටම ආවා. ඒත් පස්සේ මොනවා හරි අවුලක් වෙයිද දන්නේ නෑ” යනුවෙනි. එසේ පැවැසීමටද හේතු කාරණා තිබූ බව නම් සැබෑවකි. මන්ද, අප ගමන් කිරීමට යෙදුණු චාරිකා කිසිවක් පෙර සැලසුම් කළ පරිදි නිසි කාල වේලාවක් අනුව සිදු නොවූ නිසාවෙනි. මෙසේ අප කතාබස් කරමින් සිටින අතරතුර දුම්රිය බදුල්ල නගරය පසුකරමින් අපගේ ගමනාන්තය වන හැටන් බලා ගමන් ආරම්භ කර තිබිණි. දුම්රියෙන් බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, ඔහිය යන පරිසරයන් පසුකර යෑම සැබෑ ලෙසම දිව්‍යලෝකයක් පසුකරමින් ගමන්කිරීමක් ලෙස අතිශයෝක්තියෙන් පැවැසූවද කම් නැත. මන්ද යත් ප්‍රදේශයට උරුමකම් කියන සීතල දේශගුණයත් සමඟ කැටිවූ අවට පරිසරයේ සුන්දරත්වය ඕනෑම අයකුගේ නෙත් සිත් පැහැර ගැනීමේ හැකියාවකින් යුතු වූ නිසාවෙනි.

කෙමෙන් කෙමෙන් දහවල් වන විට ගමනේ විඩාබර ස්වභාවය තරමක් දුරට දැනෙන්නට වුවත් අවට පරිසරය හා සීතල සුළඟ එකී විඩාව නිවීමට අපට උපකාරි විය. දිගු ගමනකට පසු දහවල් 2.45 පමණ වන විට හැටන් නගරයට පැමිණීමට අපට හැකි විය. ඉන්පසු හැකි ඉක්මනින් හැටන් නගරයට ගොස් බොගවන්තලාව ප්‍රදේශයට යෑමට බස් රථයක් සොයාගැනීමට අපට හැකි විය. නමුත් ඒ වනවිට මා කනස්සල්ලට ලක් වූ කාරණය නම් අපට බොගවන්තලාව නගරයට යෑමටත් පැයක පමණ කාලයක් ගතවන බව රියැදුරු මහතෙක් පැවැසීමයි. අපගේ සූදානම වූයේ දිනක් ඇතුළත කන්ද තරණය කොට නැවත බදුල්ල බලා පැමිණීමටයි. නමුත් අප කන්දට ළඟාවන විට සවස 4 පමණ වුවහොත් කළුවර වැටීමත් සමඟ කන්ද බැසීමේ කාර්යය තරමක් අසීරු බව මාගේ සිතේ තදින්ම රැඳී තිබූ කරුණක් විය. ඒ වන විට අප හැටන් නගරයෙන් බොගවන්තලාව බලා යන බස් රථයට ගොඩවී ගමන් ආරම්භ කර සිටියෙමු. කෙසේ හෝ අප බොගවන්තලාව ගමට ළඟාවන විට සවස 4 පමණ වී තිබිණි. සිතේ තිබූ දෙගිඩියාව තරමක් දුරට තුරන්වීමට හේතු වූයේ අප පැමිණි බස් රථයේ කොන්දොස්තර මහතා බොගවන්තලාව බස් නැවැතුමේ සිට කන්ද ළඟට යෑමට අපට පාසල් බස් රථයක් සූදානම් කර දීමයි. ඒ වන විට සැලසුමෙන් බැහැරව යමින් අප සැමගේ අදහස වූයේ කෙසේ හෝ කන්ද උඩ රැය ගතකිරීමයි. එම තීරණය මත අපි සියලු දෙනා බොගවන්තලාවේ තිබූ වෙළෙඳසල්වලින් අපට අවශ්‍ය පාන්, ජෑම්, කෙසෙල්, බිස්කට් හා බිම එළීමට ඉටිකොළ මිලදී ගැනීමට කටයුතු කළෙමු. මේ වන විටත් පෙර කියූ පාසල් බස් රථය අප එනතුරු නවතාගෙන සිටි බැවින් අප ඉක්මනින් එම බස් රථයට ගොඩවීමට කටයුතු කළෙමු. ඒ වන විටත් බසය පාසල් ළමයින් හා ගුරුවරුන්ගෙන් පිරී තිබිණි. එහි සිටි සියලු දෙනාම දමිළ ජාතිකයන් වූ නමුත් ඔවුන්ගේ සිනා මුහුණු අප සියල්ලන්ම ප්‍රබෝධමත් කළ බව පැවැසුවහොත් මා නිවැරැදිය.

කෙසේ හෝ සවස 4.45 පමණ වන විට අපට කන්ද ආසන්නයටම පැමිණීමට හැකි විය. බස් රථයේ රියැදුරු මහතාට ස්තුති කරමින් ඔහුගේ දුරකතන අංකයද රැගෙන බසයෙන් බැසගත් අපි අසල තිබූ නිවෙසකින් හිස්වූ වතුර බෝතල්ද පුරවා කන්ද දෙසට ගමන් කිරීම ආරම්භ කළෙමු. සීත තේ වතුවලින් වට වූ සුන්දර වටපිටාව මැදින් සවස 5.30 පමණ වනවිට අපට කඳු මුදුනට නැඟගැනීමට හැකි විය. සියල්ලන්ගේම සිත් ඇදගන්නාසුලු දර්ශනයක් දැකගැනීමට අපට හැකි වූයේ එවිටයි. එක් පසෙකින් තේ යායක්ද, අනෙක් පසින් හරිත පැහැ ගැන්වූ භූමියක්ද සමඟින් අවට පරිසරය අපූර්ව සුන්දරත්වයක් උසුලනු ලැබුවා. කන්ද මුදුනෙන් හමාගෙන එන සීතල සුළඟ අපගේ ගමන් විඩාවට කදිම ඔසුවක් ගෙන දුණි. කඳු මුදුනේදී අපට ඉතා සුන්දර හා පින්බර දසුනක් බලාගැනීමට හැකි විය. ඒ නම් ඈතින් පෙනෙන ශ්‍රීපාදස්ථානයයි. සියලු දෙනා සුළු වේලාවක් ඒ දෙස බලා සිටියේ එහි දැල්වෙන විදුලි බුබුළුවල අලංකාරය නැරැඹීමටයි. වටින් පිටින් ඇඳිරි වැටීගෙන එන විට සියලු දෙනා එක් තැනකට රැස්ව රාත්‍රිය ගතකිරීමට අවශ්‍ය තැනිතලා භූමියක් සොයා ගිනිමැළයක් දැල්වීමට අවශ්‍ය දරද සොයාගත්තේ පැවැති දැඩි සීතලත් සමග ගැටෙමිනි. එහි සිටි කවුරුත් කූඩාරමක් නොමැතිව රැයක් ගතකොට නොතිබූ බැවින් මෙය අලුත්ම අත්දැකීමක් වේ යැයි අප බලාපොරොත්තුවෙන් පසුවුණෙමු. පිරිසක් ගිනිමැළය දල්වන අතරතුර පිරිසක් රෑ කෑමට පාන් සූදානම් කරන අතරතුර මා රාත්‍රී අහසේ හා ශ්‍රීපාදස්ථානයේ ඡායාරූප කිහිපයක් ගනු ලැබුවෙමි.

රාත්‍රී කෑම ගන්නා අවස්ථාව වන විට වටෙන් පිටෙන් විවිධාකාර සතුන්ගේ හඬ ඇසෙන්නට විය. එය ඉතා තැතිගන්නාසුලු අවස්ථාවක් විය. මන්ද අපට ආරක්ෂා වීමට කූඩාරම් හෝ විදුලි පහන් හෝ නොමැති නිසාවෙනි. ගිනිමැළයේ එළියෙන් හා ජංගම දුරකතනයේ දුබල එළියෙන් අපට පලක් වූයේ නැත. කෙමෙන් කෙමෙන් එම ශබ්ද අපගේ අසලටම ළඟාවන බවක් වැටහුණද අපට කිරීමට කිසිවක් නොතිබුණෙන් ඉක්මනින්ම රෑ කෑම ගෙන සියලු දෙනා එක තැනකට රැස්ව ගිනිමැළය තවත් දැල්වීමට කටයුතු කළෙමු. නමුත් රැය පහන් කිරීමට තරම් ප්‍රමාණවත් දර නොතිබූ හෙයින් රෑ කළුවරේම කන්දෙන් බැසීමට අප තීරණය කළෙමු. ඒ වන විට ශබ්දවල යම් අඩුවක් පැවැතුනද අප අපගේ සියලු බඩු බාහිරාදිය රැගෙන ගිනිමැළය සම්පූර්ණයෙන් නිවාදමා නැවත බොගවන්තලාව නගරය බලා පිටත්වන්නට වූයෙමු. අප රාත්‍රියේදී කඳු නැඟීමේ යෙදී නිබුණද කඳු බැසීම සිදුකළ නොතිබූ නිසාවෙන් කළුවරේ ඇදවැටීම්වලටද ලක්වෙමින් සියලු දෙනාම කන්දෙන් බැසගැනීමට පැයක පමණ කාලයක් ගතකරනු ලැබීය. ඉන් පසු බොගවන්තලාව නගරයට පයින්ම යෑමට සිදුවූයේ එම ප්‍රදේශයේ කිසිදු වාහනයක් අපට සොයාගැනීමට නොහැකි වූ බැවිනි. කිහිප දෙනකුගේ අදහස වූයේ බොගවන්තලාව නගර මධ්‍යයේ රාත්‍රීය ගතකිරීමයි. නමුත් එහි තිබූ අධික සීතල නිසා නගරයේ රාත්‍රිය ගතකිරීම සුදුසු නැති බව අපට වැටහිණි.

ඉන්පසු සැවොම තීරණය කළේ කුලී රථයක හෝ හැටන් නගරයට ගොස් රාත්‍රී තැපැල් දුම්රියෙන් බදුල්ල බලා යෑමටයි. කෙසේ හෝ එම අවස්ථාවේ කුලී රථයක් පවා සොයාගැනීම අපහසු විය. මෙසේ කුමක් කළ යුතුදැයි සිතමින් පැයක පමණ කාලයක් ගතවිය. ඒ අවස්ථාවේ එතැනින් චාරිකාවක යන බස් රථයක් ගමන් කළ හෙයින් අපි එය නවතා ගැනීමට කටයුතු කළෙමු. “අපිව හැටන්වලට දාන්න පුළුවන්ද?” කියා ඔවුන්ගෙන් විමසීමේදී ඔවුන් පැවැසූවේ “අපි මේ සිරිපාදේ යනවා, හැටන් යන්නේ නෑ” යනුවෙනි. එසේ පැවැසූ ඔවුන් බස් රථය ඉදිරියට පදවාගෙන ගියෙන් සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් විය. නමුත් බලාපොරොත්තු නොවූ පරිදි බස් රථය ආපස්සට ගෙන ආ රියැදුරු “ඔයාලව ඕනෙ නම් නෝවුඞ්වලින් දාන්නම්” යනුවෙන් පැවැසූවේ අපගේ සුන්වූ බලාපොරොත්තුවලට නව ජීවයක් දෙමිනි. සියලු දෙනා බස් රථයට ගොඩවුණේ ඉමහත් සතුටකිනි. එහි සිටි පිරිස සමඟ කතාබහ කරමින් ඉදිරියටම ගමන් කළ අපට එහිදී අහඹු සිදුවීමකට මුහුණදීමට සිදුවිය. එනම් වන්දනා නඩයේ සිටි පිරිස අපගේ විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ අසල්වාසීන් පිරිසක් වීමයි. ඔවුහු අපිට ඔවුන් සතුව තිබූ ආහාරපානවලින් සංග්‍රහ කරමින් නෝවුඞ් දක්වා රැගෙන ඒමට කටයුතු කළහ. ඉන්පසු ඔවුන්ට සමුදී ත්‍රීරෝද රථ දෙකක නැඟ හැටන් නගරයට පැමිණීමට අපට හැකි විය. ඒ වන විට රාත්‍රි 11.30ද පසුවී තිබිණි. සියලු දෙනාම නගරයේ තිබූ කෑම කඩයකින් කෑම කා හැටන් දුම්රියපොළට පැමිණියේය. මගීන් විශාල පිරිසක් සහිතව අලුයම 1.30ට පැමිණීමට නියමිතව තිබූ දුම්රිය අලුයම 2ට පමණ දුම්රියපොළට ළඟා විය. සියලුදෙනා හැකි ඉක්මනින් දුම්රියට ගොඩ වුවත් එහි හිටගෙන යෑමට පවා ඉඩකඩක් නොවීය. කෙසේ හෝ පැයක පමන දුරක් ගමන් කිරීමෙන් පසු බිම ඉඳගෙන යෑමට අපට අවස්ථාව හිමිවිය. “හිටිය හැටියට මළා මදැයි” සිතමින් එහි වාඩිවූ අප උදෑසන 8ට පමණ වන විට බදුල්ල නගරයට ළඟා වුණෙමු. පෙර දිනයේ උදෑසන අප නිසි වේලාවටම දුම්රියට පැමිණි පසු කුමක් හෝ සිදුවීමකට මුහුණදීමට සිදුවෙතැයි කියූ ලෙසම අපට විවිධාකාර අවුල්සහගත සිදුවීම්වලට මුහුණදීමට සිදුවිය. නමුත් ඒ සියල්ලම ජීවිතයට අලුත් අත්දැකීමක් කරගැනීමට සේම, සොඳුරු ගමනාන්තයක් ළඟා කරගැනීමටත් අපට උපකාර විය.

අවසානය තවත් රසවත් වූයේ ඊට සති කිහිපයකට පසු එම කන්ද අසල දිවියන් සිටින බව ආරංචි වීමත් සමඟය. කෙසේ හෝ ජීවිතයේදී නැරැඹීමට මහත් ආශාවෙන් පසුවූ කන්දක් තරණය කිරීමට ගොස් වෙනස්ම අත්දැකීම් රැසක් එකතු කරගැනීමේ වාසනාව අපට හිමි විය. තවද මතක් කළ යුතු කරුණ නම් මෙම චාරිකාව පුරා අපට විවිධාකාරයෙන් උපකාර කළ මිනිසුන් පිළිබඳවයි. අප මින් පෙර ඔවුන් කිසි කෙනකු දැන හඳුනන්නේ නැති නමුදු ඔවුන්ගේ කාලයද කැපකරමින්, ඔවුන් සතු ආහාරද අපට ලබාදෙමින් උපකාර කිරීම වෙනුවෙන් අපගේ කෘතවේදී බව ඔවුන්ට පිරිනැමිය යුතුමය. එය නියම ශ්‍රී ලාංකිකයකු සතු ආගන්තුක සත්කාර කිරීමේ උතුම් ගුණාංගය බව අපට තව තවත් පසක් විය.

චමාල් සයුරංග

SendShareShare
Previous Post

පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවෙයි

Next Post

රනිල්-සජිත් විවෘත ජන්ද සටන බ්‍රහස්පතින්දා කෘත්‍යාධිකාරියේදී

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.