• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඕන දේවල් හොඳින් හරි නරකින් හරි කරනවා

July 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ඕන දේවල් හොඳින් හරි නරකින් හරි කරනවා
Share on WhatsAppShare on Facebook

⬤ මේ දවස්වල සල්ලි පස්සෙ දුවනවා…

⬤ කළුද සුදුද දිග පළල මට අදාළ නෑ…

‘රෝස වසන්තය’ චිත්‍රපටයේ ‘ගිහාන්’ ලෙසට සිනමාවට පැමිණි ඔහු පසුකාලීනව ‘ලේ කිරි කඳුළු,’ ‘හතර දෙනාම සූරයෝ,’ ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටවල විවිධ චරිත පණ පොවමින් සම්මානයන්ටද පාත්‍ර විය. අද නැවැතත් ‘රතු මුදලාලි’ ටෙලිනාට්‍යයෙන් ඔබ හමුවට එන ඔහු ජනප්‍රිය රංගන ශිල්පී බුද්ධික ජයරත්නයි.

🔴 මේ දවස්වල බලතණ්හාවෙ සල්ලි පස්සෙ දුවනවා නේද?
ඔය කියන්නෙ ‘පිංකෙත’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘රතු මුදලාලි’ චරිතය ගැන වෙන්න ඇති. ‘රතු මුදලාලි’ හිතුවේ දියුණුව සහ සල්ලි විතරයි. ඔහු ඒ දේවල් ජීවිතයට උදාකර ගනිද්දී ඔහුගේ ජීවිතයට අවශ්‍ය දේවල්, ගොඩාක් දේවල් හොඳින් හරි නරකින් හරි ගැනීමට තමයි ‘රතු මුදලාලි’ගේ එකම අරමුණ. එවැනි ක්‍රියාදාමවලට මුහුණ දෙමින් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් වෙතට මේ දවස්වල මම සමීප වෙලා සිටිනවා.
🔴 ඔබට ලැබුණේම සුවිශේෂි චරිත. නැත්නම් තෝරාගැනීමක්ද මෙය?
මොකද මහන්සිවෙලා දෙයක් කරනවා නම් ඒ කරන වැඩෙන් ප්‍රතිඵලයක් මටත් වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් යමක් දැනිය යුතුයි. මම එහෙම ආවට ගියාට චරිත නිරූපණය කරන්නේ නැහැ. මොකද කරන වැඩේ මට සතුටින් කරන්න ඕනෑ. නැතුව මට නිර්මාණයට සාධාරණය කරන්න බැහැ.
🔴 ඒ කියන්නේ ඔබ චරිත පිපාසයකින්ද ඉන්නේ?
අනිවාර්යයෙන්ම විවිධ චරිත නිරූපණය කිරීමේ පිපාසයක් මට තිබෙනවා. මම හිතන්නේ මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන සියලුම ශිල්පීන්ට ඒ පිපාසය තිබෙන බව මම විශ්වාස කරනවා.
🔴 කාලයක් තිස්සේම ඔබ රංගනයේ යෙදෙනවා. ඔබට තවමත් ඒ පිපාසය සංසිඳුවා ගැනීමට බැරි වුණේ ඇයි?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු විස්සක් විතර වෙනවා. හැබැයි මම එහෙමයි කියලා ලොකු නිර්මාණ ගොඩකට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මම මේ කලාවට හදවතින්ම ආදරය කරනවා. මැරෙනතාක් මම චරිත නිරූපණය කරනවා.
🔴 ඒ කියන්නේ දිග, පළල මැනලා තමයි රඟපාන්නේ?
එහෙම තෝරාබේරාගෙන වැඩ කරන්න පුළුවන් කාලයක් නෙවෙයි දැන් තිබෙන්නේ. මම බලන්නේ මට ලැබෙන චරිතය නිර්මාණයට මොන විදියට බලපානවාද. ඒ චරිතය හරහා මොනවගේ අලංකාරයක් නිර්මාණයට ගෙනෙනවාද කියන එකයි. නැතුව කරන චරිතය කළුද, සුදුද, අළුද, දිග – පළල මට අදාළ නැහැ. කරන වැඩේ තුළ මට ආතල් එකක් දැනෙන්න ඕනෑ.
🔴 ඔබ නිරූපණය කරන චරිතවලට ප්‍රේක්‍ෂකයන්ගේ නම් ආදරයක් නැතුව ඇති නේද?
එහෙම ප්‍රේක්‍ෂක ආදරය මට අඩුවක් වෙලා නැහැ. මම වැඩිපුර හරියක්ම අළු සහ කළු මිශ්‍ර වුණු චරිත තමයි නිරූපණය කළේ. එවැනි චරිත අපි දකින සමාජයේ වටපිටාවේ මඟතොටදී ඕන තරම් මුහුණට මුහුණ හමුවෙනවා. ඒ චරිත තමයි මම ජීවමාන කරන්නේ.
🔴 දැන් ඔබ මෙගා ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙලා සිටිනවා?
ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කළ ‘හතර දෙනෙක් සෙන්පතියෝ’ තමයි මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. මගේ පළමු ටෙලිනාට්‍ය සම්මානය ලැබෙන්නෙත් ‘හතර දෙනෙක් සෙන්පතියෝ’ ටෙලිනාට්‍ය හරහා. වර්තමානය දෙස බලන විට මම ‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධවෙලා ඉන්නවා. මොකද අපට විවිධ රංග අභ්‍යාස වගේම චරිත ලැබෙන්නේ ටෙලිනාට්‍ය හරහායි. ඒ නිසා මම සම්බන්ධ වෙනවා. ඒ වගේම මම තවමත් ඉන්නවා කියලා ප්‍රේක්‍ෂකයන්ට දැන්වීම සඳහා මම ටෙලිනාට්‍යවල වැඩ කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රඟපාන්න හැඟීමක් තියෙන්න ඕනෙ

Next Post

පාස්කු ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකාරියන් පුහුණු කරපු කව්ද මේ ජමාත් ලොක්කා රෂීඩ්

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.