• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපාන්න හැඟීමක් තියෙන්න ඕනෙ

March 21, 2021
in Heart
Reading Time: 3 mins read
A A
රඟපාන්න හැඟීමක් තියෙන්න ඕනෙ
Share on WhatsAppShare on Facebook

⬤ කරන්න දෙයක් තියෙන්න ඕනෙ…

⬤ කලාකාරිනියක් විදිහට මම වාසනාවන්තයි…

⬤ මගේ අම්මා අතිදක්ෂ රංගන ශිල්පිනියක්…

ටෙලි කලා කෙතට වසන්තය උදාවී තිබූ යුගයක ප්‍රසන්න ජයකොඩි නම් වූ ප්‍රවීණ නිර්මාණකරුවා ජයසේන ජයකොඩි ශූරීන්ගේ ‘අරලිය මල් ආරාමය’ පොත ‘නිසල විල’ නමින් රූපවාහිනී තිරයට ගෙන ඒමට සූදානම්ව සිටියේය. එහි නිෂ්පාදක තනතුර දැරූ නිර්මාණශීලී ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද අබේනායක ‘නිසල විලෙහි’ සුමේධාගේ චරිතයට සෙවුවේ නැවුම් කෙල්ලකි.., වැඩිකල් නොගොස්ම ඔහු සෙව් චරිතය ඔහුට හමුවිය. ඈ… අමා විජේසේකරය. එවකට පාසල් යන බාලිකාවක වූ අමා, සුමේධාගේ චරිතය මනාව රඟදැක්වූවාය. අමා විජේසේකර දැන් කෝ?නිහඬව සිටින අමාව කතාබහකට ගන්නට, තොරතුරු දැනගන්නට අප ඈ සොයා ගියෙමු.
කොහොමද ඉතින් කාලෙකට පස්සෙයි ඔබ මේ මාධ්‍යයක් හමුවට එන්නේ
පළමු ප්‍රශ්නයට උත්තරය වරදක් නැහැ… ජීවිතය සතුටින් ගෙවී යනවා. දෙවැනි ප්‍රශ්නයට උත්තර දෙනවා නම්, මම හිතන විදියට ඔබ හරි… මෑතක් වන තුරු මම මාධ්‍ය සාකච්ඡාවක් සඳහා යොමු වුණේ නැහැ.


🔴 හිතන විදියට ඔබ රංගනයෙන් ඈත්වෙලා, නිහඬ ජීවිතයකට මැදිවෙලා?
බොහෝ දෙනා හිතන්නේ එහෙම තමයි. හැබැයි මඳකලකට ඉහත නම් මම රංගනයෙන් මඳකට බැහැරව සිටියා. නමුත් එයට පසුව කෙමෙන් කෙමෙන් නැවැත රංගනයට යොමු වෙමින් සිටිනවා.
🔴 කියන්න පුළුවන්ද නැවැත රංගනයට පැමිණි ඔබේ ඒ නිර්මාණ ගැන?
ඔව්.., සුධාර ගීගනගේ අධ්‍යක්‍ෂණය කරන ‘සූර්ය වංශය’ ටෙලිනාට්‍යය මම අලුතෙන්ම රඟපෑ නිර්මාණයක්. ඒ වාගෙම අසංක සායක්කාරගේ ‘පුෂ්පරාග’ යනුවෙන් නම් ලද ටෙලිනාට්‍යයකද මම රඟපෑමට නියමිතයි. එහි රූගත කිරීම් ළඟකදී ආරම්භ වෙනවා.
🔴 ඔබ බොහෝ විට නිර්මාණ තෝරා බේරා ගන්නා රංගනවේදිනියක්?
මහා ලොකුවට තෝරා බේරා ගන්නට තරම් නිර්මාණ විශාල ගණනක් මට ලැබෙන්නේ නැහැ… මම රඟපෑ නිර්මාණ ගණන හරිම අල්පයි. හැබැයි ඒ අල්පය පවා මම රඟපෑවේ යම් තෝරා ගැනීමක් මතයි.
🔴 ඒ තෝරා ගැනීමට මුල්වන කරුණු මොනවාද?
මූලිකවම තිරපිටපත හොඳ මට්ටමක තිබිය යුතුයි. නිර්මාණකරු ප්‍රවීණයකු නොවුණද පිටපත හොඳ නම් මම එය බාර ගන්නවා. ඒ වාගෙම නාට්‍යය කොහොම එකක්ද.., එහි තිර පිටපත අධ්‍යයනය දක්වාම අපට කියවන්නට ලැබෙනවාද? මට අදාළ චරිත නිරූපණය ගැන මට හැඟීමක් දැනෙනවද? මට කළ හැකි යමක් එහි තිබෙනවාද? කියන කාරණය ගැනද මම ටිකක් ගැඹුරට හිතනවා. අධ්‍යක්‍ෂවරයා සමඟ තිබිය යුතු අවබෝධයද මෙහිදී වැදගත්. ඔහු හෝ ඇය අප සමඟ නිර්මාණය ගැන කතාබහ කරන ආකාරය සහ අප එකිනෙකා තුළ ඇති වන විශ්වාසයද මෙතැනදී වැදගත් වෙනවා.
🔴 ඔබ කාලයක් කලාකටයුතුවලින් ඈත්ව නිහඬව සිටියේ ඔය කී කාරණාවන් ඉටු නොවූ නිසාද?
මෙහෙමයි… ජීවිතයේදී අප විවිධ තීරණවලට එළැඹෙනවා. එම තීරණ මත සාමාන්‍ය වශයෙන් අප කළ කී දෑ වෙනස් වෙන්නට පුළුවන්. මෙතැනදීද මම හිතන විදියට සිදුවූයේ එහෙම දෙයක් තමයි.
🔴 ‘නිසල විල’ ගැන ටිකක් කතාබහ කරමුද?
අනිවාර්යයෙන්.., ඇත්තෙන්ම එය මගේ ටෙලිනාට්‍ය කලාවේ හැරවුම් ලක්‍ෂ්‍යයි කිව්වත් හරි මම හිතන්නේ.
🔴 ‘සුමේධා’ගේ චරිතයට එනවිට ඔබ පුංචි කෙල්ලක්?
ඔව්.., එහි රූගත කිරීම් කරන විට මම පාසල් යනවා. මම අධ්‍යාපනය ලැබුවේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවේ. හැබැයි ‘නිසල විල’ විකාශනය වන විට මම උසස්පෙළ කර අවසානයි.
🔴 පළමු රංගනයෙන්ම ඔබ මැදිවූයේ ආනන්ද අබේනායක සහ ප්‍රසන්න ජයකොඩි යන කදිම සුසංයෝගයටද?
මගේ පළමු රංගනය වූයේ ටයිටස් තොටවත්තයන්ගේ ‘මනෝපුබ්බංගමා ධම්මා’ ඒකාංගික ටෙලිනාට්‍යයි. එවකට මම වයස අවුරුදු 3ක කුඩා දැරියක්. එයට පසු මගේ පළමු සිනමා රංගනය වූයේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘ලොකු දුවයි.’ එතැනදී මම අවුරුදු 13ක බාලිකාවක්.
🔴 මුල සිටම ඔබ ගැටුණේ ප්‍රවීණයන් සමඟයි?
ඔව්… එය මා ලද භාග්‍යයක්… ඇත්තටම කලාකාරියක ලෙස මම හරිම වාසනාවන්තයි.
🔴 කොහොමද ඔවුන්ට ඔබව එතරම් හොඳට දැනුණේ?
මගේ අම්මා, තාත්තාගේ හැඳුනුම්කම මෙතැනදී සියයට පනහක දායකත්වයක් වන්නට ඇති… ඒ වාගෙම මා තුළ යමක් තියෙන බවද ඔවුනට වැටහී තිබුණා නිසැකයි.
🔴 ‘අරලිය මල් ආරාමය’ පොත රැගෙන ආනන්ද අබේනායක ඔබව සොයා ආවේද ඒ නිසයි?
මම හිතන්නේ එහෙමයි. ආනන්ද අංකල් අපේ පවුලේ හිතවතෙක්… ඔහු ‘අරලිය මල් ආරාමය’ මට දීලා කිව්වා… පොත කියවලා ‘සුමේධා’ගේ චරිතය හොඳින් හදාරන්න කියලා.
🔴 ඉතින් ඔබ ‘සුමේධා’ව හොඳින් කියෙව්වද?
මම හිතන විදියට ප්‍රසන්න ජයකොඩිට හෝ අනන්ද අබේනායකට වුවමනා වූ විදියට මට සුමේධාව කියවන්න ලැබුණෙ නැහැ. ‘නිසල විලට’ එනවිට මම පුංචි කෙල්ලක්.., අනෙක මට රඟපෑම ගැන ඒ හැටි අවබෝධයක් තිබුණේද නැහැ. මා තුළ වූයේ මගේ ඇඟෙන් ආ යමක් පමණයි… ඒ නිසා ‘සුමේධා’ට මා විසින් දුන් දේ ගැන මට සෑහීමකට පත්වෙන්න බැරි වුණා.
🔴 නමුත් ඔබ නැඟී එන හොඳම නිළිය ලෙස සුමති සම්මානය දෝත දැරුවා?
ඔව්.., මම හිතන්නේ ඒ ප්‍රසන්න ජයකොඩිගේ නිර්මාණ වෑයමෙහි හපන්කමයි. ඔහු හැකි පමණ උපරිමයෙන් මා තුළ වූ දෑ සොයා ගත්තා.
🔴 ‘නිසල විල’ට පසුව ඔබට බොහෝ ආරාධනා ලැබුණා රංගනයට?
ඔව්… සම්මානය සමඟ ඒ ආරාධනා ලැබෙන විට දැනුණු සතුට අප්‍රමාණයි.
🔴 ඒත් ඔබ ඒ සියලු ආරාධනා අතහැර දැමුවා?
ඔව්… මම ඉහතකදී එයට අවැසි උත්තරය ඔබට දුන්නා… සමහර තැන්වලදී අප කවුරුත් ගන්නා තීරණ මත එවැනි දෑ සිදුවෙනවා.
🔴 ඔබ අද ඒ ගැන තැවෙනවද අමා?
අයියෝ නැහැ… එහෙම තැවීමක් නැහැ, ඒ ගැන හිතන්නේ නැහැ මම ආයෙ ආයේ. ඒක එතැනින් ඉවරයි එච්චරයි. නමුත් මම රංගනයට හරිම ඇල්මයි… ඒ ඇල්ම සහ රංගනය තව වැඩිදුර හැදෑරීමේ කැමැත්ත මට ආවේද ‘නිසල විල’ තුළින්මයි.
🔴 මේ තරම් අපූරුවට රඟපෑමේ හැකියාව ඔබට ලැබුණේ අම්මාගේ ආභාෂයෙන්?
සත්තකින්ම ඔව්.., මගේ අම්මා දැයක් පිනවූ අති දක්‍ෂ රංගන වේදිනියක්. මට ඒ හැකියාව කොහොමටවත් ලැබුණේ නැහැ. මා තුළ නිළියකට අවැසි දේ තිබුණා නම්, එය මට ලැබුණේ… මගේ අම්මා නිසයි. ඇගේ වියෝව මට සහ මගේ හෙට දවසට විශාල පාළුවක් වාගේම පාඩුවක්. මට මෙලොව සිටි හොඳම මිතුරිය මගේ අම්මයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මම බැප්ටිස්ට් ප්‍රනාන්දුගෙ මුණුබුරා

Next Post

ඕන දේවල් හොඳින් හරි නරකින් හරි කරනවා

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.