• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මං කුඹුරු කොටන කතාව බොරු

March 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මං කුඹුරු කොටන කතාව බොරු
Share on WhatsAppShare on Facebook

⬤ තරුවක් වුණාට පස්සේ ගමන හරි අමාරුයි…

⬤ ඉදිරියෙදි ලංකාව දාලා යන්නත් පුළුවන්…

⬤ නිහඬ ගායකයෙක් වෙන්නයි මට ඕනෑ…

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි.
මේ පද පෙළ ඇහුණ ගමන් අදටත් අපිට මතක් වෙන්නේ එක්තරා සිහින තරුවක්. ඒ තමයි එම්. ජී. ධනුෂ්ක. මීට වසර කිහිපයකට කලින් ලංකාවේ ජනප්‍රියම තරුව වුණු එම්. ජී. වර්තමානයේ ගමට වෙලා කුඹුරු කොටනවා කියලා
පසුගිය කාලේ එක්තරා මාධ්‍යයක පළ වුණා. මේ කතාව ඇහුව හැමෝම පුදුමයෙන් පුදුමයට පත් වුණා. ඒ හින්දා ඒ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න අපි ධනුෂ්කට කතා කළා.
ලංකාවේ සිහින තරුවක් බවට පත් වුණු එම්. ජී. ධනුෂ්කට අද මොකද වෙලා තියෙන්නේ කියලා බොහෝ දෙනා අපෙන් අහනවා.


🔴 ඇත්තටම ධනුෂ්කට මොකද වෙලා තියෙන්නේ?
මට නම් මොකුත්ම වෙලා නැහැ. කලාකරුවෝ සේරම ගෙවල්වල. ඒ හින්දා අපිත් ගෙවල්වල. එහෙම නැතිව මට වෙන මොකුත් වෙලා නැහැ.
🔴 හැබැයි එම්. ජී. ධනුෂ්ක ගමට වෙලා ගොවිතැන් කරනවා කියලා රාවයක් මේ දවස්වල පැතිරෙනවා. ඒක ඇත්තක් නෙවෙයිද?
අපේ පරම්පරාවෙන් ලැබුණු ගොවිතැන් කුඹුරු අපි බලා ගන්න ඕනෑනේ. ඒවා අත්හරින්න බැහැනේ. ඒත් තාම ඒවා කරන්නේ ගෙදර අය. මම ඒවා කරන්නේ නැහැ. එක්තරා පුවත්පතක් ඒ කතාව පළ කරපු විදිය හින්දා තමයි ඒ මතය ඇති වුණේ. ඒ පළ කිරීම ගැන මගේ එච්චර කැමැත්තක් නැහැ. ඒ පළ කිරීම හරහා මම කිව්ව දේ නෙවෙයි ඉස්මතු වුණේ. තියෙන දේ බලා ගන්නවා මිසක් මම කුඹුරට බැහැලා කුඹුරු කොටන්නේ නැහැ.
🔴 2014 වසරේ ඩී්‍රම් ස්ටාර් වුණාට පස්සේ ධනුෂ්ක නිතර ප්‍රසංග වේදිකාවේ දකින්න හිටිය චරිතයක්. ඒත් ටික කාලයක් යද්දි ඒක වෙනස් වුණා නේද?
ඔව්. ඒකට හේතු කිහිපයක් තිබුණා. ගොඩක් අය මගෙන් ඉල්ලුවේ එම්. එස්. ප්‍රනාන්දු මහත්තයාගේ ගීත වීම ඒකට ප්‍රධාන හේතුවක්. නඩු කටයුතු හින්දා මට ඒ ගීත ගායනා කිරීමේ බාධාවක් තිබුණා. ඒ හින්දා ඒ ගීත විතරක් ඉල්ලන ප්‍රසංග බාර ගන්න මට පුළුවන් වුණේ නැහැ. නමුත් මගේ අලුත් ගීතත් එක්ක වගේම සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම එක්කත් මම දිගටම ප්‍රසංග වේදිකාව එක්ක හිටියා.
🔴 ඒ කියන්නේ බොහෝ අය එම්. ජී. ගෙන් බලාපොරොත්තු වුණේ තවත් එම්. එස්. කෙනෙක්වද?
එහෙම දෙයක් තිබුණා. ප්‍රශ්ණත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඒ ගීතවලට ආසයි. මොකද ඒවා ඉතාම ජනප්‍රිය ගීත. ඒ හින්දා ඒ අය මගෙන් දිගටම ඒක බලාපොරොත්තු වුණා. මම තරගයට ඒ ගීත ගායනා කළා. මොකද ඒ වෙලාවේ අපි බලන්නේ තරගය දිනන විදියනේ. හැබැයි දිගටම තවත් එම්. එස්. කෙනෙක් වෙන්න මට ඕනෑ වුණේ නැහැ. මට එහෙම වෙන්නත් බැහැ. එම්. එස්. කියන්නේ අපේ රටේ ලෙජන්ඩ් කෙනෙක්. ඒ හින්දා ඒ ගීතම දිගින් දිගටම ගායනා කරන්න මම කැමැති වුණෙත් නැහැ. දිගටම බයිලා කියන්න කියලා මගෙන් ඉල්ලපු බොහෝ දෙනෙක් හිටියා. ඒත් ඒකට මම කැමැති නැහැ. මට ඕනෑ මම මමම වෙන්න.
🔴 ඒ කියන්නේ බයිලා ගායකයෙක් විදියට හැමෝම අඳුර ගත්ත එම්. ජී. ධනුෂ්ක වෙනස් වෙලා කියන එකද?
ඇත්තටම එහෙම වෙනස් වෙන්න මම කැමැතියි. නිහඬ ගායකයෙක් වෙන්න මම ගොඩක් ආසයි. ඒ සඳහා වෙනස් විදියේ ගීත ගායනා කරන්න මම ආසයි. ඒ වගේම ගායනයෙන් එහාට ගිහින් වාදකයෙක් වෙන්නත් මම හරිම ආසයි. ඉදිරියේදී ඒ පැත්තට යොමු වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා කිව්වත් හරි.
🔴 සංගීතයේ ඒකාකාරී බව නිසා ඔබ හෙම්බත් වෙලාද කියලා ඇහුවොත්?
ඔව්. ඒක ඇත්ත. ඒ කාලේ මට එක දිගට ප්‍රසංග තිබුණා. ඒත් ඒ කාර්යබහුලත්වයට දැන් නම් මම ආසම නැහැ. අපි සල්ලි හොයන්න ඕනෑ. ඒත් සංගීතය විතරක් කරලා සල්ලි හොයන එකට මම කැමැති නැහැ. අපි හැමදාම යනවා එනවා. එකම වගේ. වෙනසක් නැහැ. වෙනත් රැකියාවක් කරන ගමන් සංගීතය කියන එක අපේ ආත්මතෘප්තියට, සතුට වෙනුවෙන් තියාගන්න පුළුවන්නම් ඒක නියමයි.
🔴 එම්. ජී. ධනුෂ්කගෙන් ඉක්මනටම ලොකු වෙනසක් දකින්න ලැබේවි කියලා තමයි ඒ කතාව අහන අපට හිතෙන්නේ?
මෙහෙමයි. මම කරපු අලුත් ගීතයත් එක්ක බොහෝ අය නැවත මං ගැන කතා කරන්න ගත්තා. හදවතේ කෙල්ලත් එක්ක එම්. ජී. ධනුෂ්කව ආයෙත් හැමෝටම මතක් වුණා කිව්වත් හරි. අපේ රටේ මිනිස්සු ආස ඒ වගේ දේවල්වලට. ගුණාත්මක දේට වඩා මිනිස්සු සාමාන්‍ය දේට ආසයි. කොහොම කිව්වත් ඒක තමයි ඇත්ත. එක පාරටම ලොකු වෙනසක් කරන්න අපිට බැහැ. ඒ හින්දා මේ අල්ල ගත්ත වැටෙන්ම තව අඩියක් තියන්න ඕනෑ. ඒ වගේ තව සිංදු දෙක තුනක් කරලා ඊට පස්සේ ටික ටික වෙනස් දේවල් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක ලොකු වෙනසක් වේවි කියලා මම හිතනවා. ඒකට තව ඉගෙන ගන්න දේත් තියෙනවා.
🔴 සංගීත කණ්ඩායමත් එක්ක කටයුතු කරන ගමන් මේ දේවල් කරන්න පුළුවන්ද?
පුළුවන්. සංගීත කණ්ඩායම හින්දා මට ආදායමක් එනවා. මොකද සල්ලි නැතුව මේ මොකුත් කරන්න බැහැනේ. ඒ හින්දා ඒ ගමන් මගේ ගමන යන්න මට පුළුවන්. ඒත් වර්තමානයේ තියෙන තත්ත්වය හින්දා ප්‍රසංග කලාව සාමාන්‍ය අතට පත් වෙන්න තව කොච්චර කාලයක් යයිද කියන්න අපි දන්නේ නැහැ. මොකද රටේ හැමදේම සාමාන්‍ය අතට පත් වෙලා තිබුණත් කලාකරුවෝ තවම ගෙදර. කාටවත් ඒ ගැන හැඟීමක් නැහැ. කවුරුත් කතා කරන්නෙත් නැහැ. අපේ රටේ කලාකරුවන්ට සලකන ආකාරය ගැන පොඩි දුකකුත් ඇත්තටම හිතේ තියෙනවා. වෙන රටවල මේ තත්ත්වය නැහැ.
🔴 ධනුෂ්කට රට අත්හැරලා යන්න හිතිලද? මේ කියන දේවල් එක්ක අපිට එහෙමත් හිතෙනවා?
ඒක කියන්න බැහැ. වෙන රටකට ගිහින් රැකියාවක් කරන ගමන් සංගීතය කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම කරන්නත් පුළුවන්. එහෙම ආශාවකුත් මට තියෙනවා. ඉදිරියේදී එහෙම වෙන්න බැරි කමකුත් නැහැ.
🔴 ඔබ වෙනසක් ගැන කතා කරනවා. ඒ වෙනස සංගීත කණ්ඩායම එක්ක සම්බන්ධ කර ගන්නේ කොහොමද?
සංගීත කණ්ඩායම වෙනස් කරන්න මට බැහැ. ඒකේ අයිතිකාරයා මම නෙවෙයි. ඒ වගේම සහරා ෆ්ලෑෂ් කියන කණ්ඩායමේ කිසිම වෙනසක් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද ඒකට වෙනම අනන්‍යතාවයක් තියෙනවා. ඒ අය මට අමාරු කාලයේදී උදව් කළා. ඒ හින්දා මට පුළුවන් තරම් කාලයක් මම සහරා ෆ්ලෑෂ් එක්ක ඉන්නවා. මගේ ගමන වෙනස් කරන්න ඕනෑ වුණොත් සුහද සමුගැනීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ දේවල් කාලය විසඳාවි.
🔴 ඔබ සිහින තරුව බවට පත් වෙලා දැන් වසර හතක් ගත වෙලා. රසිකයන්ගෙන් ලැබුණු ආදරය මේ වෙද්දි මොන විදියටද වෙනස් වෙලා තියෙන්නේ?
කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ ආදරය ඒ වගේමයි. මේ ළඟදි යූ ටියුබ් එකේ ප්‍රතිචාර කියවලා මගේ ඇස් දෙකට ඇත්තටම කඳුළු ආවා. ඒ හින්දා ඒ අය වෙනුවෙන් මම හැමදාම සංගීතය එක්ක ඉන්නවා. ඒ වගේම තව අවුරුද්දක්, දෙකක් ඇතුළත ඒ අයට හැමදාටම මතක හිටින දෙයක් මම කරනවා කියන එකත් මේ වෙලාවේ මම කියනවා. මම ලංකාවෙන් ගියත් කවදාවත් මට ආදරය කරන රසිකයන්ව අමතක කරන්නේ නැහැ.
🔴 අවසන් වශයෙන් අපි රියැලටි ගැන කතා කරමු. එදා රියැලටි සහ අද රියැලටි අතර වෙනස මොන වගේද?
එදාටත් වැඩිය අද හොඳයි කියලයි මට හිතෙන්නේ. අපට වඩා දක්ෂයෝ අද ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනෑ. කවුරු මොනවා කිව්වත් රියැලටි කියන්නේ මං වගේ අහිංසක, තැනක් නැති අයට තැනක් හදන තැනක්. ඒ හින්දා රියැලටි තියෙන්නම ඕනෑ. හැබැයි තව දෙයක්. රියැලටිවලින් පස්සේ ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක වෙනස් වන ජීවිතය හරිම අමාරුයි. මම ඒ අත්දැකීම හොඳටම වින්දා. ඒ හින්දා රියැලටි තරු එතැනින් එහාටත් රැක ගන්න වැඩපිළිවෙළක් ටී. වී. වලින්ම සකස් කරනවා නම් ඉතාම හොඳයි. ඊළඟ තරුව බිහිකරන්න කටයුතු කරන ගමන් පෙර බිහිවුණු තරු ටික රැක ගන්නත් කටයුතු කරන්න කියලයි මම සෑම ටී. වී. චැනල් එකකින්ම ඉල්ලන්නේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ගේමක් ගහලා ඩඩ්ලි ආණ්ඩුව වට්ටයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

හිසේ සිට දෙපතුල දක්වාම ගැහැනු සිරුරේ රහස් ඇත

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.