• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

1950 මහා ගංවතුර ගලද්දී සියල්ල සේදි සේදී ගැලවී යද්දී හාස්කම් පෑ කලා ඔය පූජනීය දේවස්ථානය

March 23, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
1950  මහා ගංවතුර ගලද්දී සියල්ල  සේදි සේදී  ගැලවී යද්දී හාස්කම් පෑ කලා ඔය පූජනීය දේවස්ථානය
Share on WhatsAppShare on Facebook

එදා මෙදාතුර ඉතිහාසයේ අසන්නට, දකින්නට ලැබෙන පූජනීය ස්ථානයක් ගැන කතා පුවත් අප්‍රමාණය. අනන්තය. එහෙත් එවන් කතා පුවත් අතර, ඇසෙන ඇතැම් කතා පුවත් විස්මිත පුදුමසහගතය. ඇතැම් ඒවා විශ්වාස කළ නොහැකි තරමට විස්මයජනකය. එසේම එවන් ස්ථානයන්ගේ ඇති මහා ප්‍රාතිහාර්ය බලය හඳුනාගත හැකි සිදුවීම්ද එකී කතා අතරේම ඇසෙන්නේය. එවන් කතා පුවත් අතරේ ජනයාගේ හිතසුව පිණිස පිහිට ආරක්‍ෂාව සපයන අනන්තවත් පූජනීය ස්ථානයන් මේ මහ පොළොව තුළ ස්ථාපිතව ඇත්තේ එකී ජනතාවගේම වාසනාවටය. එම වාසනාව හරියාකාරව හඳුනා ගත්තෝ පිහිට ආරක්‍ෂාව පතා මේ තැන්වලට වන්දනා මාන කරන්නේය. එයින් තම ජීවිතවලට සෙතක්, ශාන්තියක් උදාකර ගන්නේය. එහෙයින් එවන් වූ පූජනීය ස්ථානයක් ගැන මතකය පහසුවෙන් අමතක කළ නොහැකිය.

කලාඔය නිර්මල ලුර්දු දේවමාතා දේවස්ථානයද එවන් මහා ප්‍රාතිහාර්ය බලයක් හිමි පූජනීය දේවස්ථානයකි. දීර්ඝ ඉතිහාස කතාවකට උරුම හිමිකම් කියන කලාඔය නිර්මල ලුර්දු දේවමාතා දේවස්ථානය 1950 දශකයේ මහා ව්‍යසනයකට මුහුණ දුන්නේය. එවකට රටේ බොහෝ ප්‍රදේශ බොහෝ ගණනකට මහ වැසි වැටෙන්නට පටන් ගත්තේය. ගම් නියම්ගම් ජලයෙන් යට වෙන්නට පටන් ගත්තේ, ගංවතුර තත්ත්වයෙන් බොහෝ ජනතාවක් පීඩාවට පත්වෙද්දී නිවාස ඇතුළු බොහෝමයක් ඉදිකිරීම් විනාශ වී ගංවතුරත් සමඟ ගසාගෙන ගියේය. ඉතිරි වූයේ සෝදාපාළු වූ මහ පොළොව පමණි.

එසේම ජන ජීවිතද බොහෝ ප්‍රමාණයක් එයින් අනතුරේ වැටිණි. එවන් මහා ව්‍යසනයකින් බේරී ගැලවී සිටින්නට ඊට නතු වූ කිසිවකුට හැකි වී තිබුණේ නැත. දකින දකින තැන ඉතිරිව තිබී ඇත්තේ විනාශයේ ප්‍රතඵල පමණක්ම වෙද්දී තිබූ අයුරින් තිබුණු ස්ථානයේම නොවෙනස්ව දෙයක් දැකීමට කිසිවකුත් නොසිතුණු ඇත. එහෙත් ඇසූවන්, දුටූවන් මවිතයට පත්කරමින් මහා ප්‍රාතිහාර්යයක් සිදුවී තිබිණි. කලාඔය නිර්මල ලුර්දු මහා දේව ප්‍රතිමාව නොසැලී නොසෙල්වී මහා ගංවතුර හමුවේ වුවද අංශු මාත්‍රයක් හෝ වෙනස් නොවී එලෙසින්ම තිබෙනු දක්නට ලැබිණි. මෙය මහා හාස්කමකැයි ඒ දසුන දුටුවන් පමණක් නොව කනින් කන යමින් ඇසූවන්ටද සිතෙන්නට ඇත. එදා විශාල ගංවතුරකටත් නොසෙල්වී තිබෙන්නට මිහිපිට කිසිදු ඉදිකිරීමකට හැකියාව ඇතැයි තතු දන්නෝ දැන සිටියහ. එහෙයින් මහා හාස්කමකින් මිස එවන්නක් නොවන බව ඔවුහු විශ්වාස කළහ.

එවකට විසම්පාලක පියතුමා නැවැත මෙම දේවස්ථානය නිසි පරිදි පිළිසකර කළයුතු යැයි තීරණය කරන්නේ ඒ මහා ගංවතුරෙන් පසුවය. ඒ අනුව පියතුමන්ට අවශ්‍ය වූයේ ලුර්දු දේවමාතා පිළිරුව තව තවත් ආරක්‍ෂිත ස්ථානයක ස්ථාපිත කර දේවස්ථානය ගොඩනැංවීමයි. එහෙත් හාස්කමකට මෙන් එතුමන්ට මෙම ප්‍රතිමාව වෙනත් තැනකට ගෙනයන්නට කිසිදු අවස්ථාවක් ලැබී නැත. එතුමන් දැරූ සියලු උත්සාහයන් නිෂ්ඵල වී ඇත. එහෙයින් එතුමන් තීරණය කර ඇත්තේ මෙම දේවස්ථානයට හොඳම තැන මෙතැන යන්නයි. ඉන්පසුව පැරැණි දේවස්ථානය තිබූ තැනම අද දක්නට ඇති අලුත් දේවස්ථානය ගොඩනඟන්නට අවශ්‍ය සියලු කටයුතු එතුමන් විසින් ගෙන තිබෙනවා.

එතැන් පටන් ලුර්දු මෑණියන්ගේ පිහිට පතා මෙහි යන්නවුන්ට අවැසි පිහිට වෙන්නට ලුර්දු මෑණියන් අමතක නොකරන බව කාගෙත් විශ්වාසය වී තිබෙනවා. එමෙන්ම එසේ සිය දුක් දෝමනස්සයන්ට ලුර්දු මාතාවරයාණන්ගේ පිහිට ලබා ගන්නවුන් අනන්තය. අප්‍රමාණය. ඔවුහු නිබඳවම මෙම පුදබිමට එන්නට අමතක නොකරති. අදටත් තමන්ට නිර්මල ලුර්දු මෑණියන්ගේ පිහිට ඇතැයි ඔවුහු විශ්වාස කරති.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඩොලර් 10 ගාණේ රුසියන් ස්පුට්නික් එන්නත් ලක්ෂ 65ක් ගේන්න යයි

Next Post

සෙලාන් බැංකුව ෂුක්රා මුනව්වර් අගයයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.