‘දොයිතු’ යනු මෙරට අතීතයේ භාවිත කළ මුදල් වර්ගයක් වන අතර, තඹ භාවිතයෙන් දොයිතු කාසිය සකසා තිබිණි. එහෙයින් අද ද තඹ දොයිතුවක් යන්න ජනවහරේ නිතර භාවිතයට ගැනෙන බව අසන්නට, දකින්නට ලැබේ. ඉතා කුඩා කාසි විශේෂයක් ලෙස සකසා තිබූ හෙයින් ‘දොයිතු’ කාසි භාවිතයෙන් ගනුදෙනු කිරීම තරමක් අපහසු කටයුත්තක් සේ පසුකාලීනව අවබෝධ වීමත් සමඟ, දොයිතු අට, දාසය, තිස්දෙක ආදී ලෙස එකට ඇමිනූ දොයිතු වැල් භාවිතයටද එවකට පාලකයන් කටයුතු කර තිබේ.











