තරගාවලියක් අත ළග තිබියදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පුහුණුකරු තනතුරින් ඉවත් කිරීම තමන් අනුමත නොකරන නමුත් වාස්ට කුඩා මුදලක් වැඩි නොකොට පිටරට සිටින පුද්ගලයකුට ඩොලර් 30,000ක් වැය කිරීමද තමන් අනුමත නොකරන බව අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ඒ අයුරින් වියදම් කොට විදෙස් පුහුණුකරුවන් ගෙන්වීම පළක් නොමැති ක්‍රියාවක් බවයි.
මීට අමතරව ක්‍රිකට් සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම මෙහිදී අර්ජජුන රණතුංග මහතා සිදුකළේය.








