• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇවිළෙන්න නියමිත ශාරුක් – සල්මන් යුද්ධය

March 17, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ඇවිළෙන්න නියමිත ශාරුක් – සල්මන් යුද්ධය
Share on WhatsAppShare on Facebook

ශාරුක් පොරක්ද…

ශාරුක් දැන් තිගැස්සිලා ඉන්නෙ…

‘බොලිවුඩයේ ‘බාඩ්ෂා’ (Badsha) ෂාරුක් නැවැතත් මහා පෙරළියකට සූදානම්ය.
පසුගිය දිනවල අන්තර්ජාලය සිසාරා පැතිර ගිය ඒ වදන් පෙළ හමුවේ ‘ෂාරුක් උන්මාදක රසිකයන් දැඩි සතුටට පත්වී තිබිණ.
මොකක්ද ඒ ආරංචියේ අදහස.
2018න් පසුව ෂාරුක්ගේ චිත්‍රපටයක් ඉන්දියාවේ සහ ‘එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ’ තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් බව තමයි එහි අදහස වූයේ.
චිත්‍රපටය මහා දැවැන්ත නිෂ්පාදනයක් වූ ‘පතන්’ය. (pathan) මිලියන ගණනක මුදල් යටකර තැනූ ‘පතන්’ නොම්මර එකේ අපරාධ සහ ක්‍රියාදාම ඇතුළත් චිත්‍රපටයකි. ෂාරුක් සමඟ එහි දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් ප්‍රධාන චරිත රඟපාති.
එය අපූරු එකතුවක් නේද?
ඔව්… මුළු ඉන්දියාව පුරාම ‘පතන්’ හී දැවැන්ත කටවුට් ඉදිවී හමාරය. ඒ කට්වුට් නැරැඹීමට අඩි 6ක උස මිනිසෙකුට පවා බෙල්ල සෑහෙන් දිගු කළ යුතු බවට ආරංචිය. කටවුට්වල ෂාරුක්ගේ පෙනුමටද ජැන්ඩි පහට දිස්වේ. පැහැදිලිවම කියනවා නම් පණහත් පැන්න ෂාරුක් ‘කූලින් ග්ලාස්’ දෙකක් දමා හරි අපූරු පෙනුමකට සිටින්නේ අවුරුදු 30ක් වත් නැති කොල්ලෙක් ගානටය.
එතකොට ජෝන් සහ දීපිකා ඒ කට්වුට්වල නැද්ද?
ඔවුන් දෙදෙනා සමූහයක්ව සිටින කට්වුට් පමණක් බොහෝ තැන්වල ඉදිව ඇත.
ඒ කියන්නේ ‘පතන්’ හී පොර ෂාරුක්ද?
ඒක ඉතින් කොහොමත් එහෙමය..,
ෂාරුක් හෙවත් ‘බාඩ්ෂා’ එහෙමත් නැතිනම් කිං ඛාන් රඟන චිත්‍රපටවල පොර වන්නේ ඔහුමය. එහි රඟන අන් අය දෙවන හෝ තුන් වන පේලියේය.
ජෝන් ඒබ්‍රහම් එයට මනාපද?
ජෝන් ඒබ්‍රහම්ට ඒ ගැන වගක් නැත.., ඔහුට ඕනෑ වී තිබෙන්නේ කඩාවැටීමකට ලක්වූ සිය ප්‍රතිරූපය ‘පතන්’ තුළින් ෂාරුක්ට මුවාවී හෝ ගොඩනඟා ගන්නටය.
ඉතින් ෂාරුක්ගේ ප්‍රතිරූපයක් කඩාවැටිලනේ. මතක නැද්ද.., 2018 අවුරුද්දේ ‘හීරෝ’ චිත්‍රපටයෙන් ෂාරුක් ඛාන්ගේ අභිමානය හීරෝ වුණා. ඒ විතරක්ද ඔටුන්න බිම තියන තරමටම ඒ පරාජය ඔහුට වේදනාවක් වුණා.
ඔව්… ඒ හින්දා තමයි ‘පතන්’ චිත්‍රපටය ෂාරුක්ගේ ලොකුම හීනය වෙලා තියෙන්නේ. බිමට වැටුණු ඔටුන්න ආයෙම හිසට දාගන්න ‘පතන්’ අවියක් කරගන්න තමයි ෂාරුක් බලාගෙන ඉන්නේ.
ඒක එහෙම වෙයිද?
බොහෝ විට එය එහෙම වන බව සක්සුදක්සේ පැහැදිලිව ඇත. දැනටම ෂාරුක් රසික රසිකාවියන් පතන් නැරැඹීමට පුල පුලා බලා සිටිති. මංමාවත් පුරා හදිසි වැඩවලට දුව යන හැම වයසකම මිනිසුන් ෂාරුක්ගේ කටවුට් එක දිහා මොහොතක් නැවැතී බලා සිටින බව ආරංචිය. කෝච්චිය, බස් එක වැරැදුණත් ගාණක් නැති තරමට ඔවුන් ෂාරුක්ගේ මනස්කාන්ත රූපකාය දෙස බලා සිටිති. ඔහුට සිනහවකින් සංග්‍රහ කරති.
ඉතින්..,
පණ නැති කටවුට් එකට එච්චරම වසී වූ මිනිසුන් එහෙමත් නැතිනම් ෂාරුක්ට වසී වූ රසිකයන් ‘පතන්’ චිත්‍රපටය අතහැර දමාවිද?
ෂාරුක් චිත්‍රපට රිලීස් කරන්නේ රාමසන්වලට නේද?
මෙවර එය වෙනස් වී නැත වාගේය. 2021 රාමසන් උත්සවය ඔහුගේ ඉලක්කය වී ඇත. අධ්‍යක්‍ෂ සිද්ධාර්ත් ආනන්ද් සහ අධ්‍යක්‍ෂ ආදිත්‍ය චොප්රා එය වෙනස් කරන්නට උත්සාහ ගත්තද ෂාරුක්ගේ ලොකුකම එයට විරුද්ධව ඇත.
එයට දොස් කියන්නටද බැරිය.., ‘පතන්’ සඳහා ගිවිසුම් අස්සන් කරන විටද ෂාරුක් ඒ සඳහා ඔවුන්ගේ අනුමැතිය ගෙන තිබිණ.
රාමසාන්වලට තව මාස ගණනක කාලයක් තියෙනවා නේද?
හීන දකින්නට, යම් ඉලක්ක ගැන බලාපොරොත්තු තියා ගන්නට මිනිසුන් කැමැතිය. එය ඔවුනට මානසික සතුටකි. කට්වුට් කලින් ඉදිවූයේ ඒ හීනවලට උල්පන්දම් දීමට වන්නට ඇත. ඉන්පසුව නැතිකම මත රසිකයන් ඇතිකර ගන්නා ‘ෂාරුක් ගැම්ම’ චිත්‍රපටයට අවැසි බොක්ස් ඔෆිස් වාර්තාව සකසනු ඇත.
ෂාරුක් පසුගිය දිනෙක කීවාලු… ‘2021 අප්‍රේල් වුවද ‘පතන්’ ඔබ සොයා එයි’ කියා ඔහු එහෙම කිවුවේ ඇයි?
එයට පැහැදිලි පිළිතුරු නැත. කිසිවකු ඒ ප්‍රශ්නය ඇසූ වේලාවේ ෂාරුක් කියා තිබුණේ ‘ඊළඟ මොහොත අවිනිශ්චිතයි… ඒ නිසාමට එහෙම කීවා’ කියාය.
නමුත් ඒ ගැන වෙනත් ආරංචියක් දැනගන්නට ලැබිණ.
ඒ… සල්මන් ඛාන්ගේ ‘රාදේ’ (Rade) චිත්‍රපටය 2021 මැයි මස අවුට් වන නිසා ෂාරුක් එයට තිගැස්සීමක් ඇතිකර සිටින බවය.
ඇත්තටම එය එහෙමද?
කියන්නට දන්නේ නැත. තවත් ගොසිප් එකක පල වී තිබුණේ 2022 මුල් භාගයද පතන් සඳහා දින නියම කරන්නට ෂාරුක්ගේ අදහසක් ඇති බවය.
දැවැන්ත ගණයේ නිෂ්පාදනයක් වූ සුපිරි ‘පතන්’ ඇතැම් විට මහා පටලැවිල්ලකි.
ඒ සියල්ල තුළ වන්නේ ‘පතන්’ කෙරෙහි රසිකයනට ‘සියුම් කුතුහලයක්’ දීමේ යටි අරමුණද වන්නට ඇත.
කොයික කෙසේ වුවද ජ්‍යොතිෂයට අනුව ‘පතන්’ එක රැයින්ම ඉන්දියාව හොල්ලන වගට තොරතුරු අනාවරණය වී ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අවුරුදු විසිපහේ සැමරුමට අරලියගහ මැදුරට ගිය අර්ජුනට හැරිලා යන්න හිතෙයි (VIDEO)

Next Post

සුදර්ශනී වන්ෂොට් ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ ගේන්න සූදානම් වෙයි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.