ධනාත්මක සේවා පරිසරයක් සිය සේවකයින්ට ලබා දීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC අඛණ්ඩව සිවුවන වසරටත් මෙරට සේවය සඳහා සුදුසුම විශිෂ්ටතම ආයතන 40 අතරට එක් වීමට සමත්විය.
Best Workplaces සම්මාන උළෙල ජනවාරි 21වන දින හිල්ටන් හෝටලයේදී පැවති අතර මෙහිදී Extra Large Enterprise Category කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE PLC සමත්විය. ආචාර්ය රවී ප්‍රනාන්දු සහ හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේශ් වීරක්කොඩි යන මහත්වරු මෙම සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයින් ලෙස එක් විය.











