ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පිහිටි නීතිමය තැන්පතු අංශය සොරු බිඳ ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදු වීම සම්බන්ධයෙන් එහි සහකාර අධ්‍යක්ෂවරියක් විසින් කුරුඳූවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ලේ දැක්වෙන්නේ මෙරට ප්‍රකාශිත සියලුම ග්‍රන්ථ පිටපතක් හා පුවත්පත්වල පිටපත් දෙකක් බැගින් මෙම නීතිමය තැන්පතුවේ තිබූ බවයි.
කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුවේ පසුගිය සමයේ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා රැසක් පිළිබදව සොයා බලා වාර්තාවක් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දා පරික්ෂණ කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව ද මේ මස 15 වැනිදා බාර දීමට නියමිතය.
ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙහි බොහෝ කාමරවල ජනෙල් හා දොරවල් ගලවා තිබීම ද අනාරක්ෂිත බව එම දෙපාර්තමේන්තුවේ ම සේවක සේවිකාවෝ පවසති.










