• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සැඟවුණු රහස් රැසක් හෙළිකරන තවත් නාගදීපයක් මහියංගනයේ

March 6, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සැඟවුණු  රහස් රැසක් හෙළිකරන තවත් නාගදීපයක් මහියංගනයේ
Share on WhatsAppShare on Facebook

නාගදීපය කියූ සැණින් අපේ මතකයට නැඟෙන කාරණයක් තියෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ දෙවැනි වරට ලංකාවට වැඩම කළේ නාගදීපයට කියන එක. හැබැයි මේ තරම් කාලෙකට ඒ විශේෂ සිදුවීමත් සමඟ අපි කතාබහ කළේ යාපන අර්ධද්වීපයේ ඇති නාගදීප පුදබිම ගැන. මේ වෙනකොට එම සිතුවිල්ලට යම් අභියෝගයක් එල්ල කරන්නට හැකි ඉතිහාසගත තොරතුරු හා ජනප්‍රවාදයන් රැසකින් යුතු විශේෂ ස්ථානයක් මහියංගනය ප්‍රදේශයෙන් මතු වී තිබෙනවා. ඒ තමයි මහියංගනය රිදීමාලියද්දට අයත් නාගදීප විහාරස්ථානය. මෙතරම් කාලයක් රහසේ සැඟවී තිබුණු මහියංගනය නාගදීපය කියන්නේ මහා අනුහස් ඇති බලවත් ඉසව්වක් ලෙස විවිධ ජනප්‍රවාද ඇසුරින් මේ වන විටත් හෙළිවී තිබෙනවා.

බුදුන් වහන්සේ පළමු වතාවට මහියංගනයට වැඩම කරලා ආපසු යළිත් වතාවක් ඒ කියන්නෙ දෙවැනි වතාවට මහියංගනයේ නාගදීපයට නොවැඩියා හෝ එසේ විය නොහැකි යැයි තර්ක කිරීමත් අපහසුයි.

කෙසේ නමුත් මහියංගනය නාගදීප පුදබිම කියන්නේ විස්මිත අනුහස් පිරුණු ඉසව්වක් ලෙසත් බොහෝ දෙනකු හඳුන්වනවා. අක්කර හතරකට ආසන්න ඉඩකඩකින් යුතු මෙම භූමිය නාගදීප වැවෙන් වටවෙලා තිබෙන්නේ. එයින් විශේෂ ආරක්‍ෂාවක් වගේම අලංකාරයකුත් එකතු වෙනවා. මෙහි ඉතිහාස කතාව සොයාගෙන යන කෙනකුට කාවන්තිස්ස සහ දුටුගැමුණු රජ සමයන් අමතක කළ නොහැකියි. යුදමය කටයුතුවලදී හා වෙනත් භාරධුර කටයුතු කාරණාවලදී දුටුගැමුණු රජු බාරහාර වුණෙත් මේ පුදබිමට බවට මතයකුත් තිබෙනවා.

පෙර රජ දවසටත් ඈත ඉතිහාසයේ සිටම නාග ගෝත්‍රික ජනයා මෙහි ජීවත් වූ බවත්, එනිසා මෙම ප්‍රදේශය නාගදීපය ලෙස හඳුන්වා ඇති බවත් පැවසෙනවා. එමෙන්ම විවිධ ආලෝකයන්, රශ්මි ධාරාවන් මෙන්ම කිරණ විහිදුවන නාගයන් සිටි හෙයින් මෙයට නාගදීපය ලෙස නම් ලැබුණු බවට තවත් ජනප්‍රවාදයකින් කියැවෙනවා. නාගදීප වැවෙන් ආරක්‍ෂිතව ඇති මෙම භූමිය දුටුගැමුණු රජ සිය සේනාවට සටන් පුහුණුව ලබා දීමට භාවිත කළ බවටත් විවිධ ජනප්‍රවාදයන්ගෙන් හෙළි වෙනවා.

ඊළඟට නාගයන් සහ නාග ගෝත්‍රිකයන් සම්බන්ධ ජනප්‍රවාද තුළ ඇති කරුණු කාරණා සත්‍ය බවට පසක් කරදෙන විශාල ප්‍රමාණයේ තුඹස් මෙම භූමිය පුරාම දක්නට ලැබීම විශේෂ දෙයක්. ඒත් සමඟම මෙම භූමියේ පූජනීය වටිනාකම ඒත්තු ගන්වන ප්‍රබලම සාධකය වෙන්නේ, ගරා වැටෙමින් ඇති චෛත්‍ය ද්විත්වයයි. ඉන් එක් චෛත්‍යයක් තරමක් කුඩා වුවත් අනෙක් එක අතිවිශාලයි. ජනප්‍රවාද සහ මූලාශ්‍රවලට අනුව නම් පොඩි චෛත්‍ය හදවලා තිබෙන්නේ දුටුගැමුණු රජුයි.

මහා පස්කන්දක් සේ දුරට දිස්වන විශාල චෛත්‍ය අසල කුඩා බුදුමැඳුරකුත් දකින්න තිබෙනවා. මෙහි තවත් විශේෂත්වයකුත් තියෙනවා. ඒ තමයි විහාරගොඩ කියන කන්ද. එයට නැග්ගාම අපට මෙම චෛත්‍යයේ ඉහළ කොටස දැකගන්න පුළුවන්. ඒ වගේම විහාරකන්ද පාමුල ඉදිකර තිබුණා යැයි අනුමාන කෙරෙන විහාරයේ නටබුන්ද අද දක්නට ලැබෙනවා.

විවිධ අවස්ථාවන්හී මෙම භූමිය සංරක්‍ෂණයට කටයුතු සූදානම් වී ඇතත් ඒ සියලුම අවස්ථාවන් ඉතාමත් අද්භූත හෝ විශ්මය දනවන ආකාරයට වැළකී හෝ ව්‍යර්ථ වී ගිය බවකුත් පැවසෙනවා. එවැනි අවස්ථාවන් සිහිපත් කරන පිරිස් පවසන ආකාරයට එක්තරා අවස්ථාවක මෙම ස්ථානයට සංරක්‍ෂණ කටයුතු සඳහා පැමිණි ඩෝසර් රථයක් හදිසියේ නොසිතූ ආකාරයට ගිනිගෙන දැවී තිබෙනවා. එවැනි සිදුවීම් රාශියකින් මෙහි සංරක්‍ෂණ කටයුතු යටපත්ව ඇත්තේ විශේෂ හාස්කමකින් බවටයි ජනතාවගේ විශ්වාසය.

කෙසේ නමුත් වාර්ෂිකව පුණ්‍ය උත්සව 7ක් පැවැතියා යැයි කියන මේ විහාරස්ථානයට ගම් හතකින් පෙරහැර 7ක් පැමිණි බවත් පැරැන්නන් සිහිපත් කරන කාරණයක්.

මේ කරුණු කාරණා සමඟ තවත් විශේෂ දේකුත් මතුවෙනවා. ඒ තමයි යාපනයේ නාගදීපය කියන ස්ථානයට වඩා මහියංගනය නාගදීපය ඉසව්ව නාගයන් නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ තොරතුරු සහ ස්ථාන රාශියකින් සමන්විත වීම. ඊළඟට සොළොස්මස්ථාන වන්දනා ගාථාවත් මේ මොහොතේ කෙනකුට මතකයට එන්න පුළුවන්. ඒ තමයි ‘මහියංගනං නාගදීපං’ කියන කොටස. එහෙම බලද්දී බුදුන් වහන්සේ වැඩිය නාගදීපයේ මහියංගනය නාගදීපය නෙවෙයි කියලා තර්කයක් ගේන්න කිසිවකුට බැහැ.

ඉදිරියේදී මේ කාරණාවල සත්‍ය අසත්‍යතාව හෙළිදරව් කරන තවත් කරුණු හමුවනු ඇතැයි අද වෙද්දි බොහෝ දෙනකු අවබෝධ කරගෙන සිටින බවකුත් පෙනෙන්නට තිබෙනවා. එහෙයින් වැඩි කලක් නොගොස් බුදුපා පහස ලද සැබෑ නාගදීපය කුමක්ද යන්නත් හෙළිවනු ඇතැයි අපද බලා සිටිමු.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

GENXT ගිහින් ගෙවීමේ ක්‍රමයට ෆෝන් හදා ගන්න

Next Post

මහජන බැංකුවේ සභාපතිට බරපතළ චෝදනාවක්: තනතුරෙන් ඉවත් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.