• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ෂෝලේ තරුවට සුදු සැරයැටිය අතට ගන්න වෙයිද?

March 7, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ෂෝලේ තරුවට සුදු සැරයැටිය අතට ගන්න වෙයිද?
Share on WhatsAppShare on Facebook

⬤ කියවන්න අකුරු පේන්නෙ නෑ – ලියන්න එල්ලය පේන්නෙ නෑ…

⬤ මේක කොරෝනාවල අතුරුඵලයක්ද…?

පසුගිය සතියක අන්තර්ජාලය පුරා පැතිර ගිය ඒ දුක්මුසු ආරංචියෙන් මුළු බොලිවුඩයම කැලඹී ගියේය. අමිතාබ්ට ආදරය කරන සුවහසක් වූ රසික රසිකාවියන්ගේ කනගාටුදායක සුසුම්වලින් සහ විවිධ ප්‍රශ්නයන්ගේ අමිතාබ්ගේ ටිව්ටර් ගිණුම පිරී ගියේය.

අමිත් ජී මෙය ඇත්තක්ද?
ආදරණීය ෂෝලේ තරුව ඔබ හොඳින් නේද?
මෙවැනි ඕපාදූප පතුරන අධමයන්ට යහපතක්ම වෙයිද?
යන ප්‍රශ්න සහ දුක්ගැනවිලි සමඟ සුබපැතුම්ද අමිතාබ් බච්චන් වෙනුවෙන් පෙළගැසී තිබිණි.
කතාව ඇත්තක්ද?
ඔව්. එය සම්පූර්ණ ඇත්තකි. අමිතාබ්ට ඇස් අන්ධව යෑමේ ප්‍රවණතා පෙන්නුම් කර ඇත.
එය කොරෝනාවෙහි අසුබ ඵලයක්ද?
වෛද්‍යවරු නිගමනය කොට තිබෙන්නේ මෙය කොරෝනාවේ අතුරුඵලයක් ලෙසය. අවුරුදු 60න් හෝ 70න් පසුව කොරෝනා වැලඳෙන බොහෝදෙනකු එවැනි අතුරු ආබාධයනට මුහුණදෙන බව වෛද්‍ය මත හරහා අනාවරණය වී ඇත.
අමිතාබ් මේ ගැන කිසිදු මාධ්‍යයකට කරුණු හෙළිකර නැතිද?
බච්චන් මැඳුරේ ලෑන්ඩ් ෆෝන්වල ලයින් බිසීය. එහි සාමාජිකයන්ගේ ජංගම දුරකතනයන්ද එලෙසමය. ඒ කියන්නේ අමිතාබ් මේ කාරණය ගැන කොළේ වහලා දමලද?
කවුරුත් හිතුවේ අමිතාබ්ගේ නිහඬතාවය මැද එවැන්නක් සිදුවෙමින් තිබෙනවාය කියලයි. නමුත් බොහෝ විට යම් සිදුවීම් ගෙන බලන විට අමිතාබ් බච්චන් කියන්නේ මහත්මා ගති තිබෙන වැදගත් මහත්මයකු මිස කොළේ වහලා ගහන ගේම්කාරයකු නොවේය.
මම සහ මගේ එකම පුතු අභිෂේක් කොරෝනා ආසාදිතයන් ලෙස අවදානමට ලක්ව සිටින්නෙමු. මා සේම මා පුතු සමඟ ආසන්න දිනෙක ඇසුරු කළ අයකු වේ නම් වහා වෛද්‍ය උපදෙස් වෙත යොමුවන්න යැයි යනුවෙන් මීට මාස කිහිපයකට ඉහතදී අමිතාබ් තම ට්විටර් ගිණුමෙහි සටහනක් තැබුවේද ඒ මහත්මා ගතිය නිසාය.
මෙම ව්‍යසනයේදීද අමිතාබ් සිය විවෘතභාවය එලෙසම හුවා දැක්වූයේය. තමා පිළිබඳ තොරතෝංචියක් නැතුව වෙහෙස වන දයාබර ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔහු ට්විටර් ගිණුමෙහි තැබූ ඉතා දීර්ඝ අකුරු සටහන මෙසේ පළවී තිබිණි.
මා ප්‍රිය රසික රසිකාවියන් වෙත දයාවෙන් ලියමි.
මගේ වයස දැන් අවුරුදු 78කි. නමුදු තවමත් ඔබ එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල ඔබ පිනවූ ෂෝල් තරුවට ආදරය කරයි. එය මට මහා සතුටකි.
මේ දවස්වල ඔබ තැවෙන්නේ අමිතාබ් බච්චන් සුදු සැරයටිය සුරත දැරීමට සූදානම්ව සිටින වග අහන්නට ලැබුණු නිසා වන්නට ඇත. යම් විටෙක එවැන්නක් සිදුවන්නට ඉඩකඩ තිබිය හැකිය.
මන්දයත්,
මම කොරෝනාවේ අතුරු ප්‍රතිඵලයක් නිසා ඇස් නොපෙනී යෑමේ කඩිනම් උවදුරකට මුහුණදී සිටින්නෙමි.
මට පොත කියවීමට අකුරු නොපෙනේ. ලියන්නට එල්ලය නොපෙනේ. කිසිවකු එකවර හඳුනා ගැනීමට නොහැකි ලෙස දෙනෙත බොඳව ඇත.
ලොව නිෂ්පාදිත හොඳම උපැස් යුවල භාවිතයට ගත්තද මගේ පෙනීම අඳුරුය.මේ වයසේදී අක්ෂි සැත්කම් වැනි සියුම් දෑ අවදානම්සහගත බව වෛද්‍යවරුන් පවසන නිසා විශාල පරිමාණයේ සැත්කමක් සඳහා නොයා සිටීමට අදහස් කර සිටිමි.
මගේ එක් ඇසක් යම් සැත්කමකට බඳුන්වූ අතර අනෙක් ඇස සඳහා එම සැත්කම කිරීමට තව මඳ කාලයක විරාමයක් අවශ්‍යව ඇත. එතෙක් මම නිවීහැනහිල්ලේ බලා සිටින්නෙමි. ඔබ වෙනුවෙන් මෙම අකුරුකරණය යතුරු ලියනයෙන් ප්‍රකාශ කර දීමට මගේ දයාවන්ත ලේලිය ඉදිරිපත් වුවද මා විසින්ම මගේ හුරුවට එය කරලීමට මම සිතුවෙමි. වැරැද්දක් ඇතොත් සමාව අයදිමි.
සිදුවන යමකට ඉඩදී බලා සිටීමේ කලාව තුළ මිනිසාට බොහෝ ධනාත්මක විය හැකිය. එම ධනාත්මක බව තුළ මමද මේ දිනවල දවස ගෙවමි.
‘මිනිසා විසින් යෝජනා කරන බොහෝ දේ විණිද, ඔවුනට ඇවැසි ප්‍රමාණය සඳහා තීන්දුව දෙන්නේ දෙවියන්ය. සිදුවන දේ සඳහා සිත හදාගනිමු. ඔබට සුබ දවසක් වේවා.’
බොහෝමයක් වූ බච්චන් අනුගාමිකයන්, එම සටහන කියවා නිම කරන විට ඔවුනගේ දෙනෙතට කඳුළු උනා තිබිණි.
‘ඔබට දෙවි පිහිටයි අමිත් ජී’
දස දහස් ගණන් එම පැතුම සටහන් කොට තිබිණි.
අමිතාබ් දැනටමත් අන්ධභාවය තමා වෙත ආවොත් එයට මුහුණදිය යුතු ආකාරය ගැන සැලැසුම් තනමින් සිටියි. බච්චන් මැඳුරේ සෙස්සන්ට එය දුක්බර සිදුවීමක් වුවද බච්චන් එයට සුබදායීව මුහුණදෙමින් සිටින්නේය.
2021 මාර්තු 04 වැනි බ්‍රහස්පතින්දාවේ අමිතාබ් නම් වූ ෂෝලේ තරුව මෙවැනි සොඳුරු සටහනක් සිය ට්විටර් ගිණුමට බැර කළේය.
‘දෑස පෙනෙන මිනිසෙකුට වඩා දෑස නොපෙනෙන අන්ධ මිනිසකුට අහස් කුසෙහි පාව යන වලාකුළක සියුම් කලබලය පැහැදිලිව දැනෙයි. සංගීතය හරි අපූරුවට ඔවුනට රසවිඳිය හැකිය. කුරුලු හඬ, සුළඟේ සිරිය, ගහකොළ සොබාදහම සමඟ කරන මිහිරි ගනුදෙනුවද අන්ධ මිනිසුනට හොඳින් දැනෙන්නේය.
ඉතින්, ලොව නොපෙනුණාට ලොව හොඳින් කියවීමට සවන සහ මනස තියේ නම් දැන් නොපෙනීම සිතූ තරම් අසතුටක් නොවන්නේ යැයි මට හැඟෙන්නේය. ඒ හැඟීමට මම පෙම් කරමි.’
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘ජංගල්බුක්’ – ‘මවුග්ලි’ සුනිල් ටී. කොපි කළාද? මංකොල්ල කෑවද?

Next Post

ටොයොටා ප්‍රියස් එකක් ලක්ෂ 10කට ගන්න පොටක් පෑදේ (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.