• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රෑනගල වලව්වෙන් හීනෙ හැබෑවුණා

March 6, 2021
in Heart
Reading Time: 1 min read
A A
රෑනගල වලව්වෙන් හීනෙ හැබෑවුණා
Share on WhatsAppShare on Facebook

⬤ සැලැසුමක් තියෙනව නම් ප්‍රශ්නයක් නැහැ…

මේ දිනවල විකාශ වන ටෙලිනාට්‍ය රැසකම තිර රචනාව සිදුවී තිබෙන්නේ කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් අතින්මයි. ඉතින් ඒ තිරරචනාකරුවන් අතරට ජනප්‍රිය රංගන ශිල්පිනියක්ද එකතු වී තිබෙනවා. ඇය තමයි තරුෂි පෙරේරා. මේ දිනවල විකාශ වන ‘රෑනගල වලව්ව’ ඇයගේ නිර්මාණයක්. ඇය සමඟ කෙටි පිළිසඳරක යෙදුණා.

🔴 ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍යයේ කතා නායිකාවක් වෙලා නේද. එය ගැන මුලින් කතා කරමුද?
මගේ හිතේ තිබුණු සිහිනයක් තමයි මේ. ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍යයේ තිර පිටපත කාලෙක ඉඳලා සැලසුම් කරගෙන ලියපු කතාවක්. ඉතින් මේ දවස්වල ‘රෑනගල වලව්ව’ට ලැබෙන ප්‍රතිචාර ගැන මම සතුටු වෙනවා.
🔴 වර්තමානයේ අපි දකින ටෙලිනාට්‍ය රැල්ලට ‘රෑනගල වලව්ව’ ගැළපෙයිද?
මේ දවස්වල විකාශ වන කොටස් කිහිපය කලින් කරපු කොටස් කිහිපයක්. නමුත් ඉදිරියේදී වර්තමාන සමාජයට ගැළපෙන විදියට කතාව ලියාගෙන යනවා. හැබැයි මේ යන රැල්ලට කරපු නිර්මාණයක් නෙවේ. එයට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. නුවර පැලැන්තියේ වලව් කතාවක් මූලාශ්‍රය කරගෙන තමයි මම ලියන්න හිතුවේ. මේ කතාව අවසානයේ සමාජයට ආදර්ශවත් කතාවක් වෙයි.
🔴 ඔබ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් නිසා කතාව ලියන විට ඔබේ සහෝදර ශිල්පීන් නිතරම මතක් වෙන්න ඇති?
මම එහෙම කිසිම කෙනෙක් හිතේ තියාගෙන තිර පිටපත රචනා කළේ නැහැ. ‘දෙව්’ චරිතය තුළ ජීවත් වෙමින් රචනා කළා. හැබැයි චරිතයට ගැළපෙන සුවිශේෂම දක්‍ෂ රංගන ශිල්පීන් සම්බන්ධ කරගැනීමට හැකි වුණා.
🔴 ‘රෑනගල වලව්ව’ නිර්මාණය කිරීමට නිෂ්පාදකවරුන් සෙවීමත් ඔබට අපහසු වෙන්නට ඇති?
පෞද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයකින් මගේ නිර්මාණය ඉල්ලලා තිබුණා. කියුට් ආර්ට් ආයතනය තමයි මෙය නිෂ්පාදනය කිරීමට බාර ගත්තේ. හැබැයි ඔවුන් කිසිම කෙනෙක් ලාබය ගැන කතා කළේ නැහැ. ඒ ආයතනයට ඕනෑ කරලා තිබුණේ හොඳ නිර්මාණයක් සමාජගත කිරීමටයි.
🔴 ඔබගේ මීළඟ සැලැසුම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂිකාවක් වීමලු නේද?
ඔව්… මම මීළඟට කරන්න යන නිර්මාණයේ තිර පිටපත ලියලා ඉවරයි. එය මගේ අතින්ම නිර්මාණය කිරීමට අදහසක් තිබෙනවා. .තාම මම මේ ගමන පටන් ගත්තා විතරයි. හෙමිහිට මේ ගමන යනවා.
🔴 ඔබ කාර්යබහුල රංගන ශිල්පිනියක්. ඒ සියල්ලත් එක්ක මේ වැඩකටයුතු කරන්නේ කොහොමද?
මේ දවස්වල නීල පබළු, දෙවැනි ඉනිම, අකුරු මැකී නෑ ටෙලිනාට්‍ය සඳහා කාර්යබහුල වෙලා වැඩ කරගෙන යනවා. ඒ හැම දෙයක් එක්ක ගෙදර වැඩකටයුතුත්, පුතාගේ වැඩකටයුතුත් කරනවා. ඉතින් ඒ හැම දෙයක්ම සැලැසුම් ඇතිව වැඩ කළාම කිසි ප්‍රශ්නයක් නැතුව අනෙකුත් වැඩකටයුතු කරගෙන යන්න පුළුවන්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

උන් කරපු දේට මුන් මොනවා කරන්නද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

GENXT ගිහින් ගෙවීමේ ක්‍රමයට ෆෝන් හදා ගන්න

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.