• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උන් කරපු දේට මුන් මොනවා කරන්නද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

March 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
උන් කරපු දේට මුන් මොනවා කරන්නද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. එකල මෛත්‍රි මේ කොමිසම පිහිටුවද්දී මෛත්‍රිගේ ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් හෝ එම ආණ්ඩුවේ ඇමැතිවරුන් හෝ ඊට විරුද්ධව වචනයක්වත් කියන්නට ගියේ නැත. ඔවුහු මෛත්‍රි පත්කළ ජනාධිපති කොමිසම එක පයින් පිළිගත්හ. ඒ අනුව එහි විමර්ශන කටයුතු සඳහා විනිසුරුවන් පත්කළේද මෛත්‍රිපාලය. එවකදී මෙම කොමිසමට විපක්ෂය ලෙස කටයුතු කළ පොදුජන පෙරමුණ හෝ වචනයකින්වත් විරෝධය පළකරන්නට ගියේ නැත.
එපමණක් නොව මෙම කොමිසමට සාක්ෂි ලබාගැනීම සඳහා විනිසුරුවන් විසින් විවිධ පුද්ගලයන් කැඳවද්දී කිසිවකුත් ඊට විරුද්ධ වූයේ නැත. හැමෝම පෝලිමේ පැමිණ ඊට සාක්ෂි ලබාදුන්හ. සමහරු දවස් ගණන් රහස් සාක්ෂි ලබාදීමටත් පියවර ගත්හ. අද කොමිසම මඟින් ඉදිරිපත් කොට ඇති අවසන් වාර්තාව දැඩිව විවේචනය කරන අගරදගුරු හිමියෝ පවා එවකදී මෙම කොමිසම ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදීමට පියවර ගත්හ.

2019 ජනාධිපතිවරණය පැවැත්වුණේ මේ පාස්කු කොමිසමේ විමර්ශන යන අතරවාරයේදීය. ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් පත්වුණේද එම කොමිසම සිය විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටියදීය. තමන් ජනාධිපතිවරයා වුණා කියා ගෝඨා මේ පාස්කු කොමිසමේ කිසිදු කටයුත්තකට අතගසන්නට ගියේ නැත. විනිසුරුවන් වෙනස් කරන්නට ගියේ නැත. මෛත්‍රි පත්කළ විනිසුරුවරුන් ඇතුළු සාමාජිකයෝ කොමිසමේ කටයුතු ඒ අයුරින් දිගටම කරගෙන ගියහ.

2019 ජනාධිපතිවරණයේදීත්, 2020 මහ ඡන්දයේදීත් මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ මේ පාස්කු කොමිසමය. කොමිසමේ අවසන් වාර්තාව මගින් එහි සඳහන් කරනු ලබන චූදිතයන්ට නිශ්චිතවම දඬුවම් දෙන බව වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීහු එකල වේදිකාවල පොරොන්දුවක්ද දී තිබුණහ. තමන්ගේ විමර්ශන වැඩ අවසන් කිරීම සඳහා කාලය අවශ්‍ය බවට පසුගිය කාලයේදී විනිසුරුවරුන් ආණ්ඩුවට දැනුම්දීමෙන් පසු ගෝඨා එම කොමිසමේ කාලය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කිරීමටද පියවර ගත්තේය.

ඒකෙන්ම ආණ්ඩුව කොමිසමේ කටයුතුවලට කිසිදු මැදිහත් වීමක් හෝ කිසිදු බලපෑමක් හෝ සිදුකර නොමැති බව පැහැදිලිය. එමෙන්ම ආණ්ඩුව හා කොමිසම අතර කිසිදු සම්බන්ධයක් හෝ නැති බව පැහැදිලිය.

හැබැයි වැඩේ කියන්නේ පසුගිය සතියේ කොමිසමේ අවසන් වාර්තාව නිකුත් කිරීමෙන් පසු හැමෝම දැන් ආණ්ඩුවට එරෙහිව අවි අමෝරාගන්නට පටන්ගෙන තිබීමය. කවුරුවත් කොමිසමටවත්, එහි විමර්ශන කටයුතු සිදුකළ විනිසුරුවරුන්ටවත් වචනයක් හෝ කියන ආකාරයක් දැකගන්නට නැත.

“ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හංගලා”

“මේ වාර්තාව පුස්සක්. මේකෙන් බෝම්බ තියපු අය කවුද කියල සඳහන් කරල නෑ”

“පාස්කු වාර්තාවෙන් ආණ්ඩුව විරුද්ධවාදීන් දඩයම් කරන්නයි ලෑස්ති වෙන්නෙ”

“මේ වාර්තාව පිළිගන්න අපි සූදානම් නෑ”

මේ පහුගිය දවස් කීපයේදීම විපක්ෂයත්, ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන සමහරුත් කී කතාය.

එක පැත්තකින් මේ වන විට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවත් එළිදැක්වී තිබේ. එම කොමිසම පත්කළේ වත්මන් ආණ්ඩුවෙන්ය. විපක්ෂය එම දේශපාලන පළිගැනීමේ කොමිසම හරහා ආණ්ඩුව විපක්ෂයේ නායකයන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව කියමින් මේ වන විටත් ආණ්ඩුවට එරෙහිව චෝදනාවක් එල්ලකොට තිබේ. අනෙක් පැත්තෙන් මෛත්‍රිපාල පත්කළ පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසම හරහා විපක්ෂයේ දේශපාලන නායකයන් මර්දනය කිරීමට සූදානම් වන බව කියමින් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීමටද කටයුතු කර තිබේ.

බෝම්බ ප්‍රහාර ගැනත්, පහරදීම් ගැනත් සෙවීම සඳහා හිටපු ජනාධිපතිවරුන් විසින් මේ රටේ ජනාධිපති කොමිසම් දැමූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම හිටපු ජනාධිපතිවරුන් විසින් ඒ ඒ කාලවලදී සිදුවූ අතිශය ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විවිධ ජනාධිපති කොමිසම් පත්කරනු ලැබීය.
චන්ද්‍රිකාගේ කාලයේ ලලිත් ඇතුළත්මුදලි ඝාතනය, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය, රන්ජන් විජේරත්න ඝාතනය, විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් කිහිපයක්ම පත්කර තිබිණ. හැබැයි මේ කිසිම ජනාධිපති කොමිසමක අවසන් වාර්තාව මගින් අදාළ ඝාතනයන් සිදුකළේ කවුරුන් විසින්ද යන්න නිශ්චිත සඳහනක් කර තිබුණේ නැත.

විජය ඝාතනය කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එම කොමිෂන් වාර්තාවේ කිසිදු සඳහනක් වූයේ නැත.
ලලිත් ඇතුළත්මුදලි ඝාතනය කළේ කවුද කියා එම කොමිසමේ අවසන් වාර්තාව නිශ්චිතව සඳහන් කර තිබුණේ නැත.
ඩෙන්සිල් කොබ්බෑකඩුවගේත්, රන්ජන් විජේරත්නගේත් ඝාතනයන් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්වලදී පවා ඔවුන්ගේ ඝාතකයන් පිළිබඳ නිශ්චිත තොරතුරු සඳහන් කර තිබුණේ නැත.

ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ පවා තත්ත්වය මීට වෙනස් නැත. වරක් රජිව් ගාන්ධි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉන්දීය රජය ජනාධිපති කොමිසමක් පත්කළේය. එකල රජිව් ඝාතනය පසුපස විදෙස් දේශපාලන බලවේග සිටින බවට ඉන්දියාවේ විවිධ දේශපාලන පක්ෂ දැඩි ලෙස චෝදනා එල්ල කර සිටියත් අදාළ කොමිසමේ අවසන් වාර්තාව මඟින් කිසිදු විදෙස් බලවේගයක් පිළිබඳව වචනයක් හෝ සඳහන් කිරීමට කටයුතු කර නොතිබිණ.

එම නිසා රජිව් මැරූ ඝාතකයන් පිළිබඳ නිශ්චිතව කරුණු අනාවරණය කිරීමට ඉන්දියාවට පවා නොහැකි වූවා නම් පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන් සොයා ගැනීමට මේ කොමිසමට හැකි යැයි සිතන්නට බැරිය.
මෛත්‍රිපාල පමණක් නොව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා එවක අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද පත්කිරීමට පියවර ගත්තේය. මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විශාල ප්‍රමාණයකගෙන් සාක්ෂි ලබාගැනීමට පියවර ගත්තේය. මෛත්‍රි හා රනිල් පවා ඊට කැඳවීමට පියවර ගත්හ. රනිල් තේරීම් කාරක සභාව ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදුන්නේය. මෛත්‍රිගෙන් සාක්ෂි ලබාගන්න තේරීම් කාරක සභාව මෛත්‍රිගේ ගෙදරට ගියේය. හැබැයි ඒ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාවේ පවා පාස්කු ප්‍රහාරය එල්ල කළවුන් පිළිබඳ කිසිදු සඳහනක් නැත. එහි මහ මොළකරුවන් පිළිබඳ, පිටුපස සිට ප්‍රහාරය මෙහෙයවූවන් පිළිබඳ කිසිදු සටහනක් නැත.

අනෙක් අතට සහරාන්ලා මේ රටේ පත්තු කළේ එක බෝම්බයක් පමණි. එල්.ටී.ටී.ඊ.ය මේ රටේ හැමදාම බෝම්බ පත්තු කළේය. දහස් ගණන් මරා දැම්මේය. මෙරට රාජ්‍ය නායකයන් පමණක් නොව ඉන්දියාවේ රාජ්‍ය නායකයන් පවා මරා දැමීමට එල්.ටී.ටී.ඊ.ය පියවර ගත්තේය. හැබැයි කවුරුත් අද වන තෙක් එම ප්‍රහාර පිටිපස්සේ සිටින්නේ කවුරුන්ද යන්න සොයා බැලීමට කොමිසම් පත්කරන්න යැයි ඉල්ලා නැත. එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමත් සමඟ ඒ සියල්ල යටපත් විය.

ඒ නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳව නිකුත් වූ අවසන් වාර්තාව අල්ලාගෙන ආණ්ඩුවට ඇඟිල්ල දික්කිරීම දේශපාලන වාසි ලබාගැනීම සඳහා විපක්ෂය විසින් දියත් කර ඇති උපක්‍රමයක් මිස අන් කිසිවක් නොවේ. එවකදී ප්‍රහාරය පිටුපස සිටින්නන් සොයා බැලීම සඳහා මෙම කොමිසම පත් කළේද ආණ්ඩුව විසින් නොවේ. ඒ නිසා ආණ්ඩුව මේ එල්ලවන චෝදනාවෙන් අත හෝදාගෙන හුඟක් කල්ය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මාව කපලත් නැහැ – වට්ටලත් නැහැ; ෂේප් එකේ මගේ ගමන යනවා

Next Post

රෑනගල වලව්වෙන් හීනෙ හැබෑවුණා

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.