• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාව කපලත් නැහැ – වට්ටලත් නැහැ; ෂේප් එකේ මගේ ගමන යනවා

March 6, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මාව කපලත් නැහැ – වට්ටලත් නැහැ; ෂේප් එකේ මගේ ගමන යනවා
Share on WhatsAppShare on Facebook

⬤ ටෙලිනාට්‍යවල අද කලාවක් තියෙනවද…?

⬤ සිස්ටම් එක හොඳටම අවුල්…

⬤ දෙබස් ටික දෙන්නේ උදේ සෙට් එකට ආවම…

‘සිහිනි’ සම්භාව්‍ය ගණයට අයත් නොවුවද ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වූ ටෙලිනාට්‍යයකි. එහි සීලරත්න නම් වූ ඇස්ට්‍රොලජිකාරයාගේ චරිතයට ජීවය දුන්නේ සරත් කොතලාවලය. රංගනය, කැමරාවක් ඉස්සරහා රඟනොදක්වන ආකාරයට හරි අපූරුවට රඟදක්වන සරත් කොතලාවල අති සුවිශේෂී වූ හැබෑම දක්ෂ චරිතාංග නළුවෙකි. චරතයකට බැස්ස විටෙක ඔහු සරලය. සෙට් එකේදි කා සමගත් සුහදය. ‘හාට්’ එක සමඟ කතාබහකට එන්නැයි කී විටද හෙතෙම ඒ ආරාධනය පිළිගත්තේද ඉතාම සුහදවය. ඉතින් මේ දිගහැරෙන්නේ ඒ සුහද කතාබහෙහි රසමුසු තැන්ය.

🔴 අනුමාන කළ විදියට නම් මේ දවස්වල ඔබ කාර්යබහුලයි?
ඔව්. තරමකට වාගේ මම සිටින්නේ කාර්යබහුල වටපිටාවකයි.
🔴 වැඩිදුර විස්තර කියනවා නම්?
නාට්‍ය කිහිපයක්ම විකාශනය වෙනවා. විකාශනය වන ඒ ඩ්‍රාමාවල ඉතිරි රූගත කිරීම්ද සිදුවෙනවා. මම තිරනාටකය ලියූ තවත් අලුත් ටෙලියක රූගත කිරීම් ආරම්භ වීමට නියමිතයි. එහි අධ්‍යක්ෂණය සමන් කුමාර ලියනගේ අතින් සිදුවෙනවා. ඒ අතර සිනමාව පැත්තෙන් ගත්තම සුනිල් ආරියරත්න මහත්තය විසින් නිර්මාණය වන ‘ක්ෂිර සාගරය කැළඹේ’ චිත්‍රපටයටද මම රංගනයෙන් දායක වී සිටිනවා. එය සකස් වී තිබෙන්නේ සයිමන් නවගත්තේගම මහතාගේ උසස් කෘතියකට අනුවයි. ඒ සියලු වැඩ කටයුතු තුළ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් එක්ව කරන චිත්‍රපටයකටද මට ආරාධනා ලැබී තිබෙනවා.
🔴 වැඩකටයුතු අධික වීම කලාකරුවකුට සතුටක්, එහෙම නේද සරත්?
නැතුව කොහොමද? වෘත්තීමය ලෙස අප ක්‍රියාකාරී වන්නේ නම් එය අපේ අනන්‍යතාවයට වාගේම සාර්ථකත්වයටද හොඳ පසුබිමක්.
🔴 කෙටියෙන් අහනවා නම් ඔබ ආවේ වීදි නාට්‍ය හරහා?
ඔව්. මෑතකදී අපෙන් වියෝ වූ ප්‍රවීණ කලාකරු ජයලාල් රෝහණ මහතතාගේ නාට්‍ය කණ්ඩායමට තමයි මම බැඳුණේ. එයට පසු ලංකාවේ පැවැති හැම වර්ක්ෂොප් එකකටම වාගේම එකතු වෙලා හිටියා. සිනමාව යන විෂය තුළදී මගේ ගුරුවරයා වූයේ ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු ෂෙල්ටන් පයාගල මහතායි. ඒ විශිෂ්ට ප්‍රවීණයන් දෙදෙනා සමඟ කලා ලොවේදී මට හමුවූ මිතුරු මිතුරියන්ගේද සහයෝගයෙන් සරත් කොතලාවල රංගනය සහ කලාව කියන ට්‍රැක් එකට වැටිලා හෙමින් ගමනක් යනවා.
🔴 ඒ කියන්නේ ඔබට සතුරු බලපෑම් හෝ කැපිලි කෙටිලි තිබුණේ නැහැ?
කවදාවත් නැහැ. කිසිම කෙනෙක් මාව කපලත් නැහැ. මාව වට්ටලත් නැහැ. බොහොම ෂේප් එකේ මගේ ගමන යනවා.
🔴 බොහෝ විට වීදි නාට්‍ය කලාව හරහා බිහිවන රංගවේදීන් වඩා සුවිශේෂී හැකියාවන් පෙන්වනවා නේද?
පෙන්වනවා නෙමෙයි. ඒ සුවිශේෂී හැකියාවන් ඔවුන් වෙතින් ඉබේම මතු වන්නක්. එය සිදුවන්නේ නිරායාසයෙන්. ඒ නිරායාසයට පසුබිම් වන්නේ වීදි නාට්‍ය කලාව හරහා ඔවුන් ලද අසීමිත පුහුණුව ප්‍රායෝගික දැනුම. අනික රංගනය යනු කුමක්දැයි ඔවුන් හොඳින්ම හඳුනා ගැනීම මෙහි ප්‍රබලම සාධකයක්. දෙබසක් කියන ආකාරය ගැන ඒ වාගේම දෙබස් අංග චලනයන් ගැනද හොඳ පන්නරයක් වීදි නාට්‍ය කලාවෙන් ඔවුනට ලැබෙනවා.වේදිකාව තමයි එයට පසු වීදි නාට්‍යකරුවන්ගේ තෝතැන්න වන්නේ. එතැනද රංගනය සමඟ නර්තනය සහ ගායනයද ප්‍රගුණ කරනවා. වීදි නාට්‍ය හරහා මමද වේදිකාවට ආවා. ආරම්භක ස්ථානය වූයේ වේදිකා පරිපාලක සහායකු ලෙස කටයුතු කිරීමයි. එයට පසුව රංගනයට යොමුවුණා.
🔴 ‘පාදඩයා’ වෙතින් සිනමාවට ආවේ එයට පසුවයි?
ඔව්. ලින්ටන් සේමගේ විසින් තමයි මාව පාදඩයාට තෝරා ගත්තේ. කොහොමත් එතැනදී මට සිනමාව ගැන ලොකු ප්‍රියතාවයක් ඇතිවුණා. තණ්හා, රතී, රඟා කියන නිවුස් පේප මම කළේ ඉතාම ලොකු ඇල්මකින් කිව්වොත් එය හරියටම හරි.
🔴 ටෙලි කලාවට ඔබ මැදිව සිටින්නේ කැමැත්තකින් නෙමෙයිද?
ටෙලි නාට්‍යවල මම රඟපාන්නේ වෘත්තීය මට්ටමෙන් පමණයි. සිනමා නිර්මාණයක මම රඟන්නේ අසීමිත සතුට සහ තෘප්තිය වෙනුවෙනුයි.
🔴 ටෙලිනාට්‍ය කලාව ගැන ඔබ කලකිරීමෙන්ද?
ටෙලි නාට්‍යවල අද කලාවක් කියලා දෙයක් තියෙනවද? මට හිතෙන්නෙ අද එය ගනුදෙනුවක් පමණයි. සිස්ටම් එක හොඳටම අවුල්. දෙබස් ටික අතට ලැබෙන්නේ සෙට් එකට ගියාට පස්සේ. ඒ කියන්නේ සඳුදා උදේට රූගත කිරීමක් තියෙනව නම් එදාට නියමිත දෙබස් ටික ලැබෙන්නේ සඳුදා උදේට සෙට් එකට ආවමයි. රංගනය කියන්නේ එහෙම ක්ෂණිකව කඩාපැනලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
චරිතයක් ගොඩනැගීමට යම් දත්ත අවශ්‍යයි. හිතන්න මම චරිතයට අවතීර්ණ වෙනවා. ඒ චරිතයට අයිති පුද්ගලයා ඇවිදින විදිය, අඳින පලඳින විදිය, කන බොන විදිය කතා කරන විදිය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස මම අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා කාලය, විරාමය අවශ්‍යයි. අසූව, අනූව දශකයේ ටෙලිනාට්‍ය කලාව කොයි තරම් අභිමානවත්ද? තිර නාටකය කියලා ඉවර වෙනකල් ගිවිසුම් ගහන්නෙ නැහැ. නාට්‍ය කණ්ඩායමේ සියල්ලන්ම රූගත කිරීමට පළමුව හමුවෙනවා. තම තමන්ගේ චරිත ගැන සමාලෝචනයක යෙදෙනවා. අධ්‍යක්ෂ වාගේම කැමරාකරණය, වේශ නිරූපණයද ඒ සමඟ එකතු වෙනවා. ඇත්තටම සිදුවිය යුත්තේ එයයි.
නමුත් අද සිදුවන දෑ කොයි තරම් වෙනස්ද? නාට්‍ය කොටස් කීයද? තම චරිතය දිවයන්නේ කොතැන දක්වාද? කියලාවත් කවුරුත් දන්නෙ නැහැ.
🔴 වරද සිදුව ඇත්තේ කොතැනද?
වගකිවයුත්තන් බොහොමයි. නිර්මාණකරුවනට හෝ නළු නිළියනට පමණක් දෝෂාරෝපණය කරන්න බැහැ. 1977 වසරේ සාහිත්‍ය ඉතිහාසය විෂය නිර්දේශයෙන් අයින් කළා කිසිවකුට අමතක නැතුව ඇති. 1956 බණ්ඩාරනායක මහත්තයා සාහිත්‍ය ඉතිහාසයට මුල්තැන දුන්නා. ඒ කාලවකවානුව තුළ බිහිවූ සිනමාපට, වේදිකා නාට්‍ය, කෙටිකතා, නවකතා කොතරම් නම් ආශ්වාදනීයද.
🔴 ඔබ කියන්නේ නිර්මාණ රැල්ල කණපිට හැරුණේ ඒ නිසා කියලද?
ආරම්භයට මුල පෑදුණේ එතැනින් තමයි. එය නොදන්නා කෙනෙක් ඉන්නට බැහැ. බොහෝ විට බොහෝදෙනකු කරන්නේ සියල්ල දැන දැනම එයට අනුගත වීමයි.
🔴 ඔබ ඒ අනුගත වීම අනුමත කරනවද?
නැහැ. මම එය අනුමත කරන්නේ නැහැ. ඒ නිසයි මම චිත්‍රපට කලාවට ප්‍රිය කරන්නේ. ඒ නිසයි මම සිනමාවට ඇලුම් කරන්නේ. තව ඉදිරියට ‘නිවුස් පේපර්’, ‘තණ්හා රතී රඟා’ වැනි චිත්‍රපට නිර්මාණය කිරීමට මගේ හිතේ තියෙන බලාපොරොත්තු අප්‍රමාණයි.
🔴 ඔබ නිර්මාණ තෝරා බේරා ගැනීමට පරෙස්සම් වෙනවද?
ගුණාත්මක චරිත පමණක් රඟපාන්නට පුළුවන් නම් එය ඇත්තෙන්ම භාග්‍යයක්. හැබැයි අවාසනාව කියන්නේ එහෙම තෝරා ගැනීමක් කරන්න තරමට ශ්‍රී ලාංකේය සිනමා හෝ නාට්‍ය කලාව පොහොසත් නැහැ. වෘත්තීය වශයෙන් කලාකරුවන් වූ අප එවැනි තෝරා බේරා ගැනීමකට නතුවුණහොත් හැමදාටම ගෙදර තමයි ඉන්න වෙන්නෙ. අනිත් කාරණය දක්ෂ රංගවේදියෙක් කියන්නේ ඕනෑම චරිතයකට ඔට්ටු විය යුතු කෙනෙක් කියන එකද මෙහිදී කිව යුතුයි.
🔴 ‘මානව හිමිකම්’ ගැනද කියැවෙන චිත්‍රපට කතාවකට ඔබ සූදානම්ව සිටිනවලු?
ඔව්. මානව හිමිකම් ගැන කතා කරන, මානව හිමිකම් යනු කුමක්ද? ඒ තුළ අපට ලැබිය යුතු දෑ ලැබී ඇත්දැයි යන තේමාව රැගත් නිර්මාණයකට මම සූදානම්ව සිටිනවා. නිෂ්පාදකවරයකු ඒ වෙනුවෙන් මා සොයා එනතුරු මම කැමැත්තෙන් බලා සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රටේ බලය අල්ලන මීළග රාජපක්ෂ ගැන රෝහිතගෙන් ‘මව්රට’ට අතිවිශේෂ අනාවරණයක් EXCLUSIVE VIDEO

Next Post

උන් කරපු දේට මුන් මොනවා කරන්නද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News
Exclusive

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

අපි අසනීප වුණාම ඉක්මනට ලේ පරීක්ෂාවක් (Full Blood Count - FBC) කරගන්න පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයකට යනවා නේද? හැබැයි මේ...

Read more
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.