OPPO සිය ජනප්‍රිය A Series දුරකතන පෙළට නවතම මාදිලියක් එක්කිරීමට සූදානමින් සිටින බව පැවැසේ. මධ්‍යම මිල පරාසයට අයත් දුරකතනයක් වන මෙය විශාල ධාරිතාවක් සහිත බැටරියක් ඇතුළුව දීර්ඝ කාලයක් දුරකතනය භාවිත කිරීමට හැකිවන විශේෂාංග රාශියක් සහිතව පැමිණෙන නිසා විශේෂයෙන්ම වීඩියෝ ක්‍රීඩාවල යෙදෙන්නන් වැනි අයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම මෙහි ශබ්ද, දර්ශන සහ වීඩියෝ ක්‍රීඩා අත්දැකීම වඩාත් තීව්‍ර කිරීම සඳහා Dolby Atmos® ද්විත්ව ස්ටීරියෝ ස්පීකර් යොදා තිබේ.
OPPO සමාගම පසුගිය වසර 10ක කාලයක් තිස්සේ විවිධ වෙළෙඳපොළවල් සඳහා නිෂ්පාදන සපයා ඇති අතර A Series දුරකතන මෙම සෑම වෙළෙඳපොළකම පාහේ ජනප්‍රියත්වය දිනාගැනීමට සමත් වී ඇත. මෙම දුරකතනවල නිමාව, ඡායාරූප හැකියාව සහ බැටරි තාක්ෂණය වැනි සාධක නිසා 2016 වසරේදී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට A37 දුරකතනය හඳුන්වා දීමේ සිට මේ දක්වා A Series දුරකතන මෙරට තරුණ පරපුර අතරද අතිශයින් ජනප්‍රිය වී ඇත.
නව දුරකතනය 48MP පසුපස කැමරාවක් සහිතව වෙළෙඳපොළට පැමිණෙනු ඇති බවත්, මෙය quad-camera වර්ගයේ කැමරාවක් බවත් දැනට අනාවරණය වී ඇත. පෙරටත් වඩා බලවත් බැටරියක් මෙම දුරකතනයට යොදා ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
මෑතකදී වෙළෙඳපොළට පැමිණි ප්‍රධාන පෙළේ OPPO මාදිලිවල ඇතුළත්ව තිබූ Ultra Night Mode සහ අලංකාර Portrait styles මෙම දුරකතනයටද ඇතුළත් වීමට බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම මෙහි ඉදිරිපස කැමරාව 16MP කැමරාවක් වන බවත්, මෙමගින් වඩාත් අලංකාර සෙල්ෆි ඡායාරූප ගැනීමට හැකිවන ලෙස AI Beautification තාක්ෂණය යොදා ඇති බවත් පැවසේ.











