විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට කැදවා තිබූ හදිසි කැබිනට් රැස්වීම කඩාකප්පල් කිරීීමට කටයුතු කිරීම මුල්කරගෙන දෙමළ ජාතික සන්ධානය ඊයේ (19) රාත්‍රියේදීම සජිත් පාර්ශ්වය වෙත විශේෂ පණිවුඩයක් එවීමට පියවර ගෙන තිබිණ.
එහිදී ඔවුන් සජිත් පිලට දැනුුුුම් දී ඇත්තේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේදීී ලොකුම පොරොන්දුව වූයේ විධායකය අහෝසි කිරීම බවත්, ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී එය සාකච්ජාවට ගත් අවස්ථාවේදී ඊට විරුද්ධ වෙමින් එය රැස්වීම කඩාකප්පල් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්ය. එම තත්ත්වය සලකා බැලීමේදී සජිත් ප‌්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිසේත්ම සහාය පළ කළ නොහැකි බවද එහිදී දෙමළ ජාතික සන්ධානය ඊයේ රාත්‍රී සජිත් පාර්ශ්වයට දැනුම් දී ඇත.
මීට පෙර අවස්ථා දෙකකදී දෙමළ ජාතික සන්ධාන සහාය ලබා ගැනීමට සජිත් ඔවුන් මුණගැසීමට කටයුතු කර තිබිණ. ඒ යාපනයේදීත්, මංගල සමරවීර මහතාගේ නිවෙසේදීත්ය. නමුත් එහිදී ද සජිත් හා දෙමළ සන්ධානය අතර කිසිදු එකගතාවයක් ඇති වූයේ නැත. ඒ අනුව මේ වනවිට සජිත්ට දෙමළ සන්ධානය හරහා හිමි වීමට තිබූ උතුරේ ලක්ෂ 10ක ජන්ද ප්‍රමාණයක් අහිමි කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් එම්. ඒ. සුමන්තිරන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණේ මෙසේය.