• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආලින්දය රස සාගරයක් කළ ඩබල් ගේම්කාරයා

February 28, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ආලින්දය රස සාගරයක් කළ ඩබල් ගේම්කාරයා
Share on WhatsAppShare on Facebook

⬤ ‘මෙයා නම් මාර කික් එක ෂා…’ කියලා තවම කොල්ලො කෙල්ලො කියනවා…

⬤ ඕඩියන්ස් එක දුන්නෙ හිතට වදින ඇංකෝර් එකක්…

වේදිකාවත්, පුංචි තිරයත් උඩුයටිකුරු කළ රංගනවේදියකු වූ ‘ආනන්ද වික්‍රමගේ’ මඳ අසනීප ගතියකින් පසුවෙතැයි යන ආරංචිය මත ඔහු ගැන තොරතුරු සොයා යන්නට අපට වූ ඕනෑකම ඉමහත් විය. ඒ ඉමහත් ඕනෑකම අමතක කර දමන්නට සිත් නොවූ කරුණු කාරණා අතර, ‘නෙයිනගේ සූදුවෙහි,’ ‘ජෝන් කොතලාවල’ චරිතයද, ‘වැනීසියේ වෙළෙන්දා’හී ‘බැසානියෝ’ද, ‘මවකගේ ගීතයෙහි,’ ‘කළුකඩ මුදලාලි’ද ප්‍රමුඛව සිටියහ. එලෙසම…, ආලින්දය රස සාගරයක් කළ යසපාලිත නානායක්කාරගේ ‘පටලැවිල්ල’ ටෙලිනාට්‍යයෙහි ආනන්ද වික්‍රමගේ කළ ‘ඩබල් ඇක්ටින්’ එක කොහොම අමතක කරන්නද? ඉතින්.., අප ඔහු සොයා ගිය සුහද හෝරාවක කදිම පෙළගැස්මයි මේ…
🔴 කොහොමද මේ දවස්වල ජීවිතේ… සුවදුක් සොයා බලන්නයි ආවේ…?
වරදක් නම් නැහැ. නිස්කලංක ජීවිතයකට හුරුව සිටිනවා. ටික දවසක ඉඳන් මම අසනීපෙන් ඉන්න බව තමයි කියන්නට අලුත් ආරංචියකට තියෙන්නේ. කොරෝනා උවදුර නිසා මානෙලුත්, මගේ ලොකු පුතා ජනිතත් මාව හරියට පරෙස්සම් කරනවා. රංගන කටයුතුවලටවත් මෑතකදි සහභාගි වුණේ නැහැ. අවසානයට 2020 මුල්කාලේ සඳුන් රාජකරුණාගේ ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒකේ නම නම් හරියටම නිච්චි නැහැ.
🔴 මොහොතකට මතකයට නඟමු… ඔබ කළ රංගන හරඹයේ පෙළගැස්ම
මොහොතකට නෙවෙයි, හැමදාමත්, හැම වේලාවෙම හිතේ හොල්මන් කරන්නේ ඒ අපූරු හරඹයන් තමයි. ඒ හරඹයෙහි පළමුව ඔබ අසල හිටගන්නේ ‘නෙයිනගේ සූදුව’යි?

මොනවා කියනවද? ඒ තේජවන්ත චරිතය මම කරන කොට ප්‍රේක්‍ෂකයෝ බලා හිටියේ තිගැස්සිලා වාගේ.., රස්තියාදුකාර මැරයෙක් විදියට ‘කොතලාවල මහත්තයා’ගේ චරිතය තම්බියෙක් විදියට වේදිකාවට එනකොට ඕඩියන්ස් එක දුන්නේ හිතට වදින ඇංකෝර් එකක්.
‘වැනීසියෝ වෙළෙන්දා’ නාට්‍යයට ඔබ ආවේ ඩග්ලස් රණසිංහගේ පුරප්පාඩුවට?
ඔව්… මාව එතැනට දමන්නැයි යෝජනාව ටෝනි රණසිංහට සහ බන්ධුල විතානගේට කළේ ‘පෝෂියාට’ රඟපෑ මානෙල් වානගුරුයි. ඒ දවස්වල ටෝනි සහ බන්ධුල ‘ෂේක්ෂ්පියර්’ නාට්‍ය කණ්ඩායම කියලා හරිම සංවිධානාත්මක ගෲප් එකක් හදාගෙන තිබුණා. මානෙල්ගේ යෝජනාවත් සමඟ මමද එහි ක්‍රියාකාරී සාමාජිකයකු වූවා.
🔴 ලස්සන පෝෂියා, ඔබේ බිරිය ලෙස වේදිකාවෙන් කුලගෙදරටත් ආවේ ඒ හැඳුනුම්කම නිසයි?
ඔව්… මිතුරුකමක් වූ අපේ බැඳීම පෙම් පලහිලව්වක් වී විවාහයෙන් කෙළවර වීමේ ආරම්භය දුන්නේ වැනීසියේ වෙළෙන්දා තමයි.
🔴 ටෙලි තිරයට ඔබේ පැමිණීම සිදුවූ ආකාරය?
එය සිදුවූයේ ‘තාරා දේවි’ ටෙලිනාට්‍යට ලූෂන් බුලත්සිංහල කළ ආරාධනය මතයි. ටෙලිනාට්‍යවල ආරම්භය ඇති වන කොට ඒ සඳහා ඉදිරිපත් වූ නිර්මාණකරුවන් රංගනය සඳහා නළු නිළියන් තෝරා ගත්තේ වේදිකාවෙන්… මමද ඒ අතර එක් අයකු වුණා.
🔴 වේදිකාවේ වටිනා තැන් ටෙලි කලාව නිසා ඔබට මඟහැරුණේ නැතිද?
‘තාරාදේවි’ වෙනුවෙන් ලූෂන් සමඟ ගිවිසුම් ගහනකොටත් මම වේදිකාව තුළ වටිනා මතකයන් තබා හමාරයි. රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ පවා මම ඒ වනවිටත් සම්මානයට පාත්‍රව සිටියා. ‘තාරා දේවිය’ගෙන් පසු මට ටෙලිනාට්‍ය දිගින් දිගටම ලැබුණා. මම වේදිකාව අතහැරියේ නැහැ. කාලය මඳකම නිසා ඇතැම් නිර්මාණකරුවන් මා වෙනුවට විකල්ප සොයා ගත්තා. හැබැයි මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද ටෙලි තිරය තුළ මා රඟපෑ චරිතයන් හැමදාමත් ප්‍රේක්‍ෂකයන් අතර කතාබහට ලක්වුණා. මඟතොටදී ඔවුන් මට ඒ වෙනුවෙන් දුන් අගය මිලකරන්න බැහැ.
🔴 ‘මවකගේ ගීතයෙහි,’ ‘කළුකඩ මුදලාලි’ ඒ අතර ප්‍රමුඛයි?
ඇයි… නාමල්ගොල්ලෙ කෛරාටික ඩබල් ගේම්කාරයා, යසපාලිත නානායක්කාරගේ ‘පටලැවිල්ල’ අමතක කරන්න පුළුවන්ද? අදටත් පෙට්‍රල් ෂෙඩ් එකකට ගියාම පෙට්‍රල් ගහන ළමයා වාහනයට ඇවිල්ලා අහනවා, ‘මුදලාලිද, හොරාද? අපට සල්ලි දෙයිද…?’ කියලා හෝටලයකට ගොඩවුණත්, අනේ ආනන්ද මහත්තයා… ‘පැටලැවිල්ල’ මතක් වෙලා තවම හිනා යනවා ඔයාව දැක්කම කියලා කියන්නේ හදවතින්ම තමයි.
🔴 ‘පබා’ එකේ තර්ඩ් ක්ලාස් මර්විනුත්, කොල්ලන්ට ‘කික්’ එකක් වුණා නේද?
ඒක අපූරු කතාව. ශාන්ත සොයිසා මුලින්ම මාව හොයාගෙන ආවේ ටයි-කෝට් අඳින කුලවත් චරිතයකටයි. ඉන්පස්සේ තිර පිටපත කියවන කොට මගේ හිත මුඩුක්කුවේ මර්වින්ට ඇදිලා ගියා. මම ශාන්තගෙන් ඇහුවා ‘මම මර්වින්ගේ රෝල් එක කරන්නද’ කියලා. ශාන්ත ගත්කටටම කිව්වා අපෝ ආනන්ද අයියා ඒ චරිතයේ පෙනුම ඔයාට හරි යන්නේ නැහැ කියලා. මම කිව්වා පෙනුම කියන්නේ වේෂ නිරූපණයනේ. අපි ඒක කරලා බලමු මුඩුක්කුවකට ගිහින්. හරි මම මර්වින්ට හැඩ ගැහෙන්නම් කියලා.
🔴 ඉතින් ඔබ මුඩුක්කු ආශ්‍රිත මිනිසුන් හමුවුණාද?
ආයෙත් අහලා.., මම ගිහින් ඒ මිනිසුන්ගේ හැසිරීම්, වචන, කරන කියන දේ සේරම ඉගෙන ගත්තා. ‘මර්වින්’ගේ චරිතයට හරි අපූරුවට මැදිවුණා. තවමත් තරුණ ළමයි මාව දැක්කම ‘ඔයා නම් මාර ‘කික්’ එක ෂා’ කියලා ‘මර්වින්’ගේ චරිත ස්වභාවය ගැන මතක් කරනවා.
🔴 සතුටුයි ඔබ ගැන.., හැමදාමත් කළේ කතාබහට ලක්වන චරිත?
සත්තකින්ම.., රඟපාන්න බැරි වුණු කාලෙක අපට තියෙන එකම සතුට ඒ මතකය තමයි.
🔴 ප්‍රවීණයකු ලෙස නවකයන්ට දෙන්න පණිවුඩයක්?
විවිධ රූපවාහිනී සේවාවන්ට තමන් සතු නිර්මාණ හැකියාව මෙහෙයවන්න අයිතිය දෙන්න එපා. නිර්මාණය ඔබේ නම්, එය විකාශනය වන කොටස් ගණන සහ එය නිමාවන තැන කොතැනදැයි කියන අයිතිය ඔබ සතුව තබාගන්න කියා ඔවුනට කියනවා මම.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගම සමග පිළිසඳර ’12’: ජනපති කිවුලේකඩවල ප්‍රශ්න විසදයි

Next Post

මල්සරාට වරෙන්තුවක් අරන් රට වටේ යනවා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.