• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

යාත්‍රාව දියත් කරලා කුංචනාදයට සැරසෙන සිනමාවේ කඳුළු බිංදුව

February 27, 2021
in Heart
Reading Time: 2 mins read
A A
යාත්‍රාව දියත් කරලා කුංචනාදයට සැරසෙන සිනමාවේ කඳුළු බිංදුව
Share on WhatsAppShare on Facebook

⬤ මගේ රංගන ජීවිතය ගැන මම අසීමතව තෘප්තිමත්…

⬤ කලාව මගේ ජීවිතයේ කොටසක්…

⬤ අමරෙ ටිකක් අසනීපෙන්…

‘හාට්’ හී පිටු පුරා දිවෙන සුවහසක් වූ කලාකරුවන්ගේ රස තොරතුරු අතර මෙවර ශ්‍රියාණි අමරසේන වෙනුවෙන් කළ සොඳුරු කතාබහකටද ඉඩ වෙන්විය. සිංහල සිනමාවේ කඳුළු බින්දුව යන සංවේදී විරුදාවලිය ලත් ප්‍රවීණ නිළි ශ්‍රියාණි අමරසේන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘දෑස නිසා’ හී සුන්දරී ලෙස සිය රංගන ජීවිතය ආරම්භ කළාය. ප්‍රවීණ සිනමාකරු තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණශීලී මෙහෙවර හරහා සිනමාවට නැඟුණු ‘විරාගය’ නම් සුප්‍රකට නවකතාවෙහි ‘සරෝජනී’ගේ චරිතය රඟපෑ ඈ…, මෑතකදී සිංහල සිනමාව තුළ ‘යාත්‍රා’වක් දියත් කරලීමට බලාපොරොත්තු පොදි බැඳ බලා සිටියාය.
‘යාත්‍රා’වට සිදුවූයේ කුමක්ද?
ශ්‍රියාණි අමරසේන යම් නිහඬතාවයක කල්ගෙවන්නේද? යන ප්‍රශ්නයන්ට උත්තර සොයා ගන්නටත්, අලුත් තොරතුරු දැනගන්නටත්, ඒ සොඳුරු කලාකාරිය සොයා ගිය ගමනක වංහුං මෙලෙස සටහන් කරන්නෙමු.
🔴 ඉතින් කොහොමද? මොකෝ මේ දවස්වල නිහඬතාවක සිටින්නේ?
එහෙමම ලොකු නිහඬතාවයක් නම් නැහැ. හැබැයි මේ දවස්වල අමරෙ ටිකක් අසනීපෙන්.., ඔහු වෙනුවෙන් කරන වෛi ප්‍රතිකාර නිසා මම ටිකක් විතර කාර්යබහුල වෙලා ඉන්නවා කිව්වොත් ඒක තමා ඔයාගේ ප්‍රශ්නයට හරි යන උත්තරය.
🔴 ඒ කියන්නේ ඔබ තවමත් කලාකටයුතුවල නියැළෙනවා?
නැතුව.., ශ්‍රියාණි අමරසේන කියන කලාකාරිය කොහොමද කලා කටයුතුවලින් ඈත් වෙලා ඉන්නේ. කලාව කියන්නෙ මගේ ජීවිතයේ කොටසක්.
🔴 එහෙනම් අපි ඔබේ ‘යාත්‍රා’ ගැන කතා කරමු.., ඇයි එය අතරමඟ නතර වූයේ?
යාත්‍රා අතරමඟ නතර වූයේ නැහැ. මට මතක හැටියට මම යාත්‍රා ගැන පළමුව දීර්ඝව කතා කළේද ‘මව්රට’ පුවත්පතට තමයි. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ මගේ නිෂ්පාදනයක් වූ ‘යාත්‍රා’ ශ්‍රී ලංකාව වාගෙම නේපාලයේද රූගත කිරීම් කළ චිත්‍රපටයක්. අතුරුදන් වූ සහෝදරයකු සොයා යන සහෝදරියකගේ අනුවේදනීය කතා පුවතක් ගැන කියැවෙන ‘යාත්‍රා’ සිනමාපටය තිරගත කිරීමට සියල්ල සූදානම්ව තිබියදී තමයි කොරෝනා පළමු අවදානම පැමිණියේ. තවමත් ඉතින් ඒ සඳහා අවැසි පසුබිම සැකසුණේ නැති නිසා තමයි ‘යාත්‍රා’ව සිනමාවේ ගමන් කිරීම ආරම්භ නොකළේ.
🔴 අලුත් ටෙලියකට ඔබ සම්මාදම්ව සිටින බව ආරංචි වුණා?
ඔව්.., එය හරිම සංවේදී කතා පුවතක් රැගත් ටෙලියක්… ‘කුංචනාද’ නමින් ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ අධ්‍යක්‍ෂණයට හසුව තිබෙන ඒ ටෙලි කතාව නිෂ්පාදනය කරන්නේ විශේෂඥ වෛi ලක්‍ෂ්මන් මාකඳුරයි.
🔴 ‘කුංචනාදය’ට ඔබේ ඇති සම්බන්ධය කුමක්ද?
‘කුංචනාදය’ මෙහෙයවන සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධානියා මමයි. එලෙසම රංගනයෙන්ද මම එයට දායක වෙනවා.
🔴 ‘කුංචනාද’ ගැන තව තොරතුරු ටිකක් කියමුද?
‘කුංචනාද’ කතාවට පසුබිම්ව තිබෙන්නේ, අලි – මිනිස් ගැටුමක හැඟීම්බර කතා පුවතයි. මිනිසුන්ට වාගේම අලි ඇතුන්ටද මේ මහ පොළොව අයිති බව එහි කියැවෙනවා… මා සමඟ නවක රංගවේදීන් කිහිපදෙනකු ‘කුංචනාද’ සඳහා එක්ව සිටිනවා. ‘කුංචනාද’ ටෙලි කතාව ආරම්භ කරන්නට දින යොදා ගත්තේ 2020 ආරම්භයේදීමයි.., කොරෝනා උවදුර නිසා සියල්ල ඇනහිටියා. නැවැත රූගත කිරීම් ආරම්භ වූයේ 2021 ජනවාරි මුලයි. ගල්ගමුව, රඹුක්කන ප්‍රදේශවලදී සිදුවූ එහි සියලුම රූගත කිරීම් දැන් අවසානයි. ඉතිරිව තිබෙන්නේ ජගත් වීරතුංග අතින් සිදුවිය යුතු සංස්කරණය තමයි. බොහෝ දුරට ‘කුංචනාද’ අප්‍රේල් මස විකාශනය වේවි.
🔴 ‘කුංචනාද’ ටෙලි නාටකයට ඔබ ගිවිසුම් ගැහුවේ කුමන රූපවාහිනී සේවය සමඟද?
තවමත් එය තීරණය වූයේ නැහැ. අපට හොඳ පිළිගැනීමක් ලබා දෙන සේවාව කුමක්ද, එම රූපවාහිනී සේවයට අපි ‘කුංචනාද’ බාර දෙනවා.
🔴 ‘යාත්‍රා’ කළ ක්‍රිස්ටි ෂෙල්ටන් සමඟ ‘කුංචනාදය’ටද එක් වුණේ ඔහුගේ නිර්මාණශීලීත්වය ඔබට ප්‍රියවූ නිසාද?
බොහෝ දුරට ඔබ නිගමනය කළ දේ හරි. ක්‍රිස්ටි ෂෙල්ටන් කියන්නේ අපට සිටින ඉතාම හොඳ නිර්මාණකරුවෙක්. ඔහුට ප්‍රේක්‍ෂකයන් කැමැති දේ ගැන, ඔවුන් ඉල්ලා සිටින දේ ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ වාගේම තමාට බාර දෙන නිර්මාණය වෙත ඔහු දක්වන උනන්දුව, කැපවීමද ඔහු වටා සිටින ඕනෑම අයකුගේ සිතට දැනෙනවා. අන්න ඒ නිසා මම විතරක් නෙවෙයි ක්‍රිෂ්ටිට යම් නිර්මාණයක් බාර දෙන නිෂ්පාදකවරයෙක් ඔහුව ලෙහෙසියෙන් අත නොහරින බව විශ්වාසයි. ‘යාත්‍රා’ වාගෙම ‘කුංචනාද’ කරනවිටත් එය මට හොඳින්ම දැනුණා.
🔴 අවසාන වශයෙන් කියන්න, ‘ගොළු හදවතේ’ සිට ‘කුංචනාද’ දක්වා පැමිණි ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්.., මා ගැන මගේ රංගන ජීවිතය ගැන මම අසීමිතව තෘප්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉතා තරුණ රංගනවේදිනියක ලෙස ගොළු හදවත, දෑස නිසා සමඟ සිනමාවට පැමිණි මම අද සාර්ථක පවුල් ජීවිතයක් හරහා මිත්තණියක ලෙස තවමත් මා සතු රංග කුසලතාවය ප්‍රේක්‍ෂකයනට තිළිණ කිරීම ගැනද මට දැනෙන සතුට අප්‍රමාණයි කියන එක මෙහිදී ප්‍රකාශ කර සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලන්දේසීන්ව පාරට වට්ටපු නටන කෙල්ලන්ගෙ කටුවන මෙහෙයුම

Next Post

කිසිදා නොඇරෙන අමුතු දොරටු

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.