ගෘහණියන්ගේ එදිනෙදා ඉවුම්පිහුම් වැඩකටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණින් යුතුව, අනර්ඝ පෝසිලේන්වලින් නිපදවූ නවීන මයික්‍රෝවේව් රයිස් කුකර් නිෂ්පාදනයක් හඳුන්වාදීමට රෝයල් ෆර්න්වුඞ් පෝසිලේන් සමාගම පසුගියදා කටයුතු යෙදීය.
උසස් ප්‍රමිතියෙන් යුතු පෝසිලේන් පිඟන් භාණ්ඩ කර්මාන්තයේ ගෝලීය කීර්තියක් ලබා ඇති රෝයල් ෆර්න්වුඞ් පෝසිලේන් විශේෂයෙන් සුදු සහ අලංකාර පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහා වන මහා පරිමාණ නිෂ්පාදකයකු වේ. සුඛෝපභෝගී හා අලංකාර පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහාද ප්‍රසිද්ධ එම සමාගම දංකොටුව පෝසිලේන් පීඑල්සීහි අනුබද්ධිත ආයතනයකි.
මේ අනුව රෝයල් ෆර්න්වුඞ් පෝසිලේන් තම මුළුතැන්ගෙයි නිෂ්පාදන පෙළ හඳුන්වාදීමට මුලපුරමින් අති නවීන මයික්‍රෝවේව් රයිස් කුකරයක් ශ්‍රී ලාංකීය ගෘහණියන් වෙනුවෙන් තිළිණ කර තිබේ.











