කීල්ස් ෆුඞ් ප්‍රඩක්ට්ස් ආයතනය මෑතක දී Hikka Tranz by Cinnamon හෝටලයේදී තම වාර්ෂික අලෙවි සමුළුව පැවැත්වූ අතර, අලෙවි ක්ෂේත්‍රයේ ඉහළ විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ 27 දෙනකු එහිදී ඇගැයීමට පාත්‍ර විය. 2019 මාර්තු මස 31 වැනි දිනෙන් අවසන් වන මුදල් වර්ෂය තුළ කීල්ස් ෆුඞ් ප්‍රඩක්ට්ස් අලෙවි බළකාය සිදුකළ කැපවීම සහ ඔවුන්ගේ ජයග්‍රහණ හඳුනාගැනීමට සහ අගය කිරීමට වෙන් කෙරුණු මෙම අවස්ථාවට සමස්ත දිවයිනේම අලෙවි කණ්ඩායම සහභාගි වූහ.
කීල්ස් ෆුඞ් ප්‍රඩක්ට්ස් ආයතනයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙම අලෙවි සමුළුවේදී, ආයතනයේ විශිෂ්ට කාර්යසාධනයට අලෙවි කණ්ඩායමෙන් ලැබෙන දායකත්වය කොතරම් වැදගත් වේද යන්න අගය කිරීමට මුල්තැන දෙනු ලැබේ.











