DP Education, DP Kids සහ DP University නිර්මාතෘ වන ධම්මික පෙරේරා මහතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සාන්ත ඇලෝෂියස් විදුහලට DP Education Digital පන්ති කාමර දෙකක් ලබා දීමට පියවර ගනු ලැබීය.
මෙම DP Education Digital පන්ති කාමරයන්හි වයස අවුරුදු 2ත් 7ත් අතර දරුවන් හට පෙරපාසල් අධ්‍යාපනයද, 3 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සම්පූර්ණ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂය නිර්දේශය අතුළත් වේ.
මෙම අවස්ථාව සදහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද සහභාගි වු අතර ඒ මහතා විසින් මෙම පන්ති කාමර විවෘත කරනු ලැබීය.













