• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සීතලේ මහඑළියේ

February 17, 2021
in Holiday
Reading Time: 3 mins read
A A
සීතලේ මහඑළියේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩිම හා සංචාරය කිරීමට කැමතිම නගරය ලෙස අප ලොකු කුඩා කවුරුන්ගෙන් හෝ ඇසුවොත් පිලිතුර නුවරඑළිය ලෙස පවසනවා නොඅනුමානය. නුවරඑළියේ සංචාරයට කොයි කවුරුත් කැමති වන්නේ එහි ඇති සෞම්‍ය දේශගුණය නිසාවෙනි. නුවරඑළියේ සංචාරක ඉසව් බෝහොමයක් තිබුනද එයින් වඩාත්ම ප්‍රසිද්ද වන්නේ හෝර්ටන්තැන්න ලෝක උරුම අභයභූමිය වනවාට කිසිදු සැකයක් නොමැත. ඇවිදිමු ලංකා සංචාරක සමුහයේ අපි හෝර්ටන්තැන්නේ කළ සංචාරයයි මේ.

ලංකාවේ කදුකරයට මහත් ආභරණයක් වුණු හෝර්ටන්තැන්නේ සත්‍ය නම නම් මහ එලියයි. කෙසේ නමුත් මේ මහා ලෝක උරුමය හදුන්වන තවත් නම් කිහිපයක් ඇති බව තොරතුරු සොයා යාමේදී දැනගත්තෙමි. මහ එලිය, මහ තැන්න, විල්මන්තලව, ගෝනතැන්න යන නම් වලින්ද මෙම පාරිසරික කලාපය හදුන්වයි.

දෙස් විදෙස් සංචාරයකයන්ගේ නෙත් සිත් පැහැරගත් මේ ආකර්ෂණීය අති සුන්දර භුමිය රොබට් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගෙ සංචාරයෙන් පස්සේ එනම් 1836 දිි පමණ කාලයේදී ප්‍රසිද්ද වන්නත් හෝර්ටන්තැන්න ලෙස නම් දරන්නත් පටන් ගෙන ඇත.

හොර්ටන්තැන්න වන සතුන්ගේ නිජබිමකි. පාරාදීසයකි. සතුනට සෙවන, ආරක්ෂාව , සලසන මහා නිවසකි. එයින්ද මෙහි වසන ගෝන රංචු බහුලව දැකිය හැකි දසුනකි. මේ මහා පාරාදීසයට ගෝනතැන්න ලෙස නම් පටබැදී ඇත්තේද මෙහි වාසය කරන ගෝන රංචු නිසාවෙනි. මිනිසුන් සමග ළඟ සිටිමින් මීදුම අතරින් ඔහේ ඇවිද යන ගෝන රංචු දකින දර්ශනය නම් මේ රටේ කොතනකදියත් දකින්නට නොලැබේ. එය ඉතාමත් චමත්කර දසුනකි.

හැමදාමත් ගමන් ආරම්භ කරන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අපි උදේ පාන්දර ගමන් ආරම්භ කළේ වැසි තත්ත්වය කොහොම වෙයිද කියන අවිනිශ්චිතතාවය එක්ක. මේ මාසය ජනවාරි පෙබරවාරි මාර්තු කියන්නේ හෝර්ටන්තැන්න යන්න හොදම මාසයන් හා හොදම කාලයයි. ඒ වැස්ස අඩු වෙලා සාමාන්‍ය දේශගුණයක් තියන නිසා. කොහොම උනත් අව්ව වෙනුවට ගමන ආරම්භයේදීම අපිට වැස්ස නම් ලැබුනා. කොළඹ ඉදන් හෝර්ටන්තැන්න යන්න අපිට පැය පහක් වගේ කාලයක් තමයි ගියේ. අපි මේ ගමනෙදි පොඩි වෙනසක් කළා. ඒ තමයි මේ වනෝද්‍යානය ඇතුලේ රාත්‍රී කදවුරු බැදන් රාත්‍රීයක් ගත කරපු එක. කෑලි කපන්න පුලුවන් මීදුම සීතල එක්ක ඒ ලබපු අත්දැකීම නම් ජීවිතයට අමතක නොවන හා මතක් වෙනකොටත් ඇග සීිතලෙන් වෙවුලන හරි සුන්දර මතකයක්.

සාමාන්‍ය සංචාරකන්ට මෙහි ඇතුළු වෙන්න ප්‍රධාන ගේට්ටුවෙන් අවසරපත් ලැබුනත් අභය භුමියේ රාත්‍රීය ගත කරන්න විශේෂ අවසරයක් කොළඹ බත්තරමුල්ල වනජීවි කාර්යාලයෙන් ගත යුතුමය. දවස් ගානක් කට්ට කාල අවසර අරන් පලමු කදවුරු භුමියේ කුඩාරට් අටවගන වටේ පිටේ ලස්සන බලපු අපි අවට ඉන්න සතුන්ගේ චර්යා රටාවන්ට කොහොමවත් බලපෑමක් ඇති වෙන්න ඉඩ දුන්නේ නෑ. සිංදු කියන්න කෑගහන්න ගියා නම් ඇත්තටම අපිට පරිසරයත් විදින්න බැරිවෙනවා. කුඩාරම් ටිකත් ගහගන රෑට කන්න දේවල් ටිකත් උයාගන ඇත්තටම අපි පරිසරය වින්දා. හොද වාතාශ්‍රයක් හුග දවසකින් ලැබුවා කොළඹ කුනු දුවිලි පිරුනු වටපිටාවේ ඉදපු අපිට ඇත්තටම මේක දිව්‍යලෝකයක් වුණා. වෙලාවකට සීතල දරාගන්න බැරි තැන උනු කෝපි බිව්ව වාර ගනනත් මතක නෑ.

හවස් වේගන එනකොට මිදුම, හුලං සමග එකතු වෙලා හරි අමුතු ශබ්දයක් එක්ක අපේ කුඩාරම් පෙරලන්න දගලනකොට නම් ඇත්තටම බය හිතුනා. එක පාරටම මහා හයියෙන් එන වතුර බිදු කුඩාරම් හිල් කරන් එනවා කියලා හිතුනා. රාත්‍රීය නම් එකම ගාලගෝට්ටියකි. පරිසරයේ වෙනස් වීමට අපි අනුවර්තනය වෙනවා හැර වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. වැස්ස හුලග මීදුම අපිට නවත්තන්නට බෑ. ගිනිමැලයක් නැතිව ඉදපු එකම රාත්‍රීය මේකයි. පැය ගනන් සොබාදහම දීපු රිදුම් විද දරාගනම අපිට මග මහන්සියටම නින්ද ගිහින්.

කිචිබිචි ශබ්දේ එක්ක උදේම නැගිටලා අපේ ජාතික ආහාරේ වෙච්ච නුඩ්ලස් එකත් හදන් කාලා හෝර්ටන්තැන්නේ අනිත් පැති වල ඇවිදින්න ගියා. ලෝකාන්තය කුඩාලෝකාන්තය වෙනදාට වඩා ලස්සනට පැහැදිලිව දකින්න ලැබුනා. ඒ රෑ වැස්ස නිසාමය. එහෙව් දවස්වලට මුලු පරිසරම ප්‍රානවත් වෙයි. බේකර්ස් ඇල්ලෙ වතුර මට්ටම ඉහල ගිහින් තිබුනි. එය වෙනදාට වඩා අද සුන්දරය. තැනින් තැන අපේ මිනිසුන් දමා ගිය කැඩුණු සෙරෙප්පු සපත්තු ටොපිකොල බිස්කට් දවටන අපේ උන් එකතු කරනවා මා දුටුවෙමි. එය සංචාරයෙ සිත්ගත් හා මගේ උන් අපේ උන් ගැන ආඩම්බරයක් දැනුන අවස්ථාවක් විය. ජෛව විවිධත්වයේ අසිරිය විදදරාගන ගහකොලට සතාසිවුපාවට කරදරයක් නොකර යා නොහැකි නම් ඇත්තටම මේ කියන්නේ හෝර්ටන්තැන්නට එන්න එපා. හෝර්ටන්තැන්න යනු පරිසර පුස්තකාලයකි, විශ්වවිද්‍යාලයකි. අපේ රටට ආවේනික ශාක හා සත්ව විශේෂ බහුලය. එම විෂයන් හැදෑරීමට මෙය මහගු තැනකි. හෝර්ටන්තැන්න සංකීර්ණ ජෛව විවිධත්වයකින් සන්නද්ධ පරිසර කලාපයකි. මෙය අපේ උරැමයකි. එහි වටිනාකම හා සුන්දරත්වය තීරණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හා සාපේක්ෂව ය. එම නිසාම ඔබට මෙහි යාමට අවස්ථාවක් ලද හොත් මේ බිම ආරක්ෂා කර පැමිනෙන්න. නැතහොත් අනිකුත් සංචාරක ප්‍රදේශ සංචාරක ඉසව් වලට අත්වු ඉරනම මෙයටද අත්වීමට ඉඩ ඇත.
ඉදුන් ඩී.එස්. දැරණියගල

SendShareShare
Previous Post

ගෝඨාභය-චමල් ගැන ඩිලාන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

Next Post

චීනය ලංකාවේ දූපත් තුන ගත් හැටි හෙළිවෙයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.