ඉකුත් ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් මත කිහිපයක් පැවැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
එහිදී තමන්ගේ මතය වූයේ රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම බවද ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේය.
නමුත් මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ බවත්, ඉන් අනතුරුව සියල්ලන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි බවත් ඒ මහතා කීය.
මීට අමතරව මේ දිනවල ආණ්ඩුව ඇතුළේ අර්බූදයකට ලක්ව සිටින විමල් වීරවංශ මහතාගේ සිදුවීම අත්පිටපතක් නොවන බවද හෙතෙම කියා සිටියේය.
විද්‍යුත් නාලිකාවක සජීවී සංවාදයකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසීය.