• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුටුගැමුණු රජුට සිටි අභිතිස්සා දියණිය ගැන මහාවංශය හැංගුවේ ඇයි?

February 17, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
දුටුගැමුණු රජුට සිටි අභිතිස්සා දියණිය ගැන මහාවංශය හැංගුවේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක් වූ රජු කවුරුන්දැයි විමසුවහොත් ඊට නිසැකවම ලැබෙන පිළිතුරු දුටුගැමුණු මහ රජු යන්නය. දුටුගැමුණු රජු තරම් වර්ණනාවට මෙන්ම ගෞරවයට පාත්‍ර වූ වෙනත් රජ කෙනකු අපේ ඉතිහාසය තුළ නොමැත.

අපේ ඉතිහාසය සම්බන්ධ ප්‍රධාන මූලාශ්‍රය ලෙස සැලකෙන මහාවංශයේ පමණක් දුටුගැමුණු රජු වෙනුවෙන් පරිච්ඡේද 11ක් වෙන් කර ඇත. දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව පමණක් නොව විහාර මහා දේවිය කාවන්තිස්ස රජු සරණපාවා ගත් ආකාරයේ සිට ගැමුණු කුමරු කුස තුළ පිළිසිඳ ගැනීම දක්වා වූ රසවත් කතන්දර රැසක් එහි සඳහන්ව ඇත. ගැමුණු කුමරුගේ පෙර භවය පිළිබඳ තොරතුරුද ඉතාම විචිත්‍රවත් ලෙස එහි දක්වා ඇත.

වසර දහස් ගණනක් පුරා ඒ අනුසාරයෙන් නිර්මාණය වූ ජනප්‍රවාදයන්ද බොහෝය. ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන ගැමුණු කුමරුගේ කතා පුවතට සම්බන්ධ වී ඇත්තේද එබැවිනි. මහාවංශය සහ එය පදනම් කර ගත් සාහිත්‍යකරුවන් ගැමුණු කුමරු පිළිබඳව නොයෙක් ආකාරයෙන් කතාබහ කළද, එම පඬිවරුනට මඟ හැරුණු තවත් සිදුවීම් රාශියක්ද මේ වන විට හෙළි වී ඇත. ඉතිහාස රචකයන්ට මඟ හැරුණු ඒ ඇතැම් කරුණු කාරණා මේ වන විට පුරාවිද්‍යාත්මකව හෙළිදරව් වී තිබීමද විශේෂත්වයකි.

ඒ අතරින් ප්‍රධාන වන්නේ දුටුගැමුණු මහ රජුගේ බිසව සහ දූ දරුවන් සම්බන්ධ තොරතුරුය. මහාවංශය මත පදනම්ව සාහිත්‍යයට එක් වූ තොරතුරු අනුව අප අසා ඇත්තේ රජකමට පත් වීමට පෙර කොත්මලේ ප්‍රදේශයේ ජීවත් වූ කාලයේදී පෙමින් වෙළුණු රන් මැණිකා හෙවත් සිරිමල් එතනා සමඟ ගැමුණු කුමරු විවාහ වූ බවය. එමෙන්ම එම විවාහයෙන් ලැබුණු පුත්‍රයා සාලිය කුමරු බවද සාහිත්‍යයේ සඳහන්ව ඇත. එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ සාලිය කුමරු ගැමුණු රජුගේ එකම පුතු වන බවය.

නමුත් එය අසත්‍යයක් බව සනාථ කරවිය හැකි තොරතුරු රාශියක් මේ වන විට පුරාවිද්‍යාත්මකව තහවුරු කර ගෙන ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ ඓතිහාසික පියංගල ආරණ්‍ය සේනාසනයෙන් හමු වී ඇති සෙල් ලිපි කිහිපයකි. මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පිදුම් ලැබූ ඓතිහාසික පියංගල ආරණ්‍ය සේනාසනයෙන් හමු වී ඇති සෙල්ලිපි බොහොමයක සඳහන් වන්නේ එහි ලෙන් විහාර කරවූ දායකයන් සම්බන්ධයෙනි. අපේ ඉතිහාසයේ මෙතෙක් සැඟව තිබූ සුවිශේෂී කාරණා කිහිපයක් හෙළිදරව් වන්නේ එම සෙල්ලිපි අතරින් හතරක් හරහාය.

“දෙවනපිය මහරඣහ ගමිණී අබය ඣය රක්‍ධිතය මතය අබි තිශය ලෙණෙ” යන්න ඒ අතරින් පළමු සෙල් ලිපියේ සටහන්ව ඇත. එහි අර්ථය වන්නේ “දේවානම්පිය ගාමිණී අබය මහරජුගේ බිසොව වූ රාජිකාගේ මව වූ අබිතිස්සාගේ ලෙණ සංඝයාට පුදන ලදී.” යන්නය.

මෙහිදී ගමිණී අබය ලෙස දක්වා ඇත්තේ දුටුගැමුණු මහරජු බව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් මෙන්ම හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතාද තහවුරු කර ඇත. මේ සෙල්ලිපිය සටහන් කර ඇති බ්‍රාහ්මී අක්ෂර දුටුගැමුණු රාජ සමයට අයත් වන බවද මේ වන විට තහවුරු කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ දුටුගැමුණු මහ රජුට රාජිකා නම් බිසවක් සිටි බවය. එම අදහස මුලින්ම ඉදිරිපත් කර ඇත්තේද එල්ලාවල මේධානන්ද හිමිපාණෝය.

පියංගලින් සොයා ගෙන ඇති අපේ ඉතිහාසයේ වෙනස් කරනා අනෙක් සෙල්ලිපියේ සටහන්ව ඇත්තේ “දෙවනපිය මහරඣහ ගමිණි අබය ක්‍ධිත පරුමක දූත ශුමන ඣය අබිතිශය ලඣක ලෙණෙ” යන්නය. එහි අර්ථය “දේවානම්පිය ගාමිණී අබය මහරජුගේ දියණිය වූ ප්‍රමුඛ දූත ශුමනගේ භාර්යාව වූ අබි තිස්සාගේ දැකුම්කළු ලෙණ මහා සංඝයාට පුදන ලදී.” යන්නය. එහි සඳහන්ව ඇත්තේ අබි තිස්සා නැමැති දුටුගැමුණු රජතුමාගේ දියණියක් පිළිබඳවය. දුටුගැමුණු රජුගේ එකම දරුවා සාලිය කුමරාය යන මතය බිඳ වැටෙන්නේ ඒ අනුවය. එමෙන්ම එහිදී ගැමුණු රජුගේ දියණිය වූ අබි තිස්සාගේ ස්වාමියා පිළිබඳවද තොරතුරු සඳහන් වී තිබීම විශේෂත්වයකි. එහි දක්වා ඇති පරිදි අබි තිස්සා විවාහ වී සිට ඇත්තේ පරුමක දූත ශුමන සමඟිනි. එහි දූත යන්න තානාපති වැනි අතීත තනතුරක් සම්බන්ධයෙන් යෙදුනකි. ඒ අනුව ගැමුණු රජුගේ දියණිය තානාපති තනතුරක් දැරූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සමඟ විවාහ වී සිටි බව පැහැදිලි කර ගත හැක.
දුටුගැමුණු රජුගේ බිසව සහ දරුවන් පිළිබඳව පමණක් නොව එම දරුවන් විවාහ වී සිටියේ කා සමඟද යන්න කෙරෙහිද මහාවංශයේ සඳහන්ව නැති තවත් කරුණු රාශියක් පියංගලින් හෙළි වී ඇත. ඒ අප කලින් සඳහන් කළ සෙල්ලිපි අතරින් තෙවැනි සහ සිව්වැනි සෙල්ලිපි හරහාය.

“පරුමක මිත පුත පරුමක දූත ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ දිනෙ පිදීයතෙ” ලෙස එහි තෙවැනි සෙල්ලිපියේ සටහන්ව ඇත. “පරුමික මිතගේ පුත්‍රයා වූ පරුමක දූත ශුමනගේ ලෙණ පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට පුදන ලදී.” යන්න එහි තේරුමය. ඒ අනුව පරුමක දූත ශුමනගේ පියා පරුමක මිත නැමැත්තෙකි. පරුමක මිත කවුරුන්දැයි එහි පැහැදිලිව දක්වා නැතත් එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අදහස වන්නේ ඒ නන්දිමිත්‍ර යෝධයා විය හැකි බවය.

ඉන් තේරුම් යන්නේ දුටුගැමුණු රජුගේ දියණිය නන්දිමිත්‍ර සෙනෙවියාගේ පුතෙකු හා විවාහ වී සිටි බවත් ඔහු රාජ තාන්ත්‍රික පදවියක් දරා ඇති බවත්ය. එමෙන්ම පියගංල ඇති අප සඳහන් කළ අති විශේෂ සෙල්ලිපි හතර අතරින් අනෙක් සෙල්ලිපියේ දක්වා ඇත්තේ පරුමක දූත ශුමනගේ පුත්‍රයා පිළිබඳවය. එනම් දුටුගැමුණු මහ රජුගේ මුණුපුරෙකු පිළිබඳවය. “පරුමක දූත ශුමන පුත පරුමක අබය ලෙණෙ” ලෙස බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන්ව ඇති එහි තේරුම වන්නේ “පරුමක දූත ශුමනගේ පුත්‍ර වූ පරුමක අබයගේ ලෙණ සංඝයාට පුදන ලදී” යන්නය.

පරුමක මිතගේ පුත්‍රයා ලෙස මෙහි සඳහන්ව ඇති පරුමක අබය නාමය පුත්තලම දිස්ත්‍රික්කයට අයත් සුප්‍රකට තෝනිගල සෙල්ලිපියේද සටහන්ව ඇත. එම සෙල්ලිපියද දුටුගැමුණු රජුට සම්බන්ධකම් දක්වන එකක් වීම පරුමක අබය ගැමුණු රජුගේ මුණුපුරා බවට ඇති විශ්වාසය තහවුරු කරන තවත් සාධකයකි.

දුටුගැමුණු රජුගේ බිසව වන රාජිකා විසින් පියංගල ආරණ්‍ය සේනාසනයේ ආරම්භ කළ ලෙන් පූජාව ඇයගේ දියණිය පමණක් නොව දියණියගේ පුත්‍රයා විසින්ද අඛණ්ඩව පවත්වා ගෙන ගොස් ඇත. ඒ බව සනාථ කරමින් පියංගල ඇති අනෙක් සෙල්ලිපි බොහොමයකද ඉහත නම් සඳහන් වී ඇත.

දුටුගැමුණු රජු රාජ්‍ය පාලනය කර ඇත්තේ ක්‍රි. පූ. 161 සිට ක්‍රි. පූ. 137 දක්වා වූ කාලයේදීය. මහානාම හිමියන් විසින් මහාවංශයේ මුල් කොටස ලියා ඇත්තේ ඉන් සියවස් කිහිපයකට පසුවය. එනම් ක්‍රි. ව. 334 සිට ක්‍රි. ව. 361 දක්වා මෙරට පාලනය කළ මහසෙන් රජතුමාගේ කාලයේදීය. ඒ හේතුවෙන් දුටුගැමුණු සමයේ ඇතැම් සිදුවීම් මහාවංශයෙන් ගිලිහී යෑම පුදුමයට කරුණක් නොවේ.

පියංගලට අමතරව දිවයිනේ වෙනත් ස්ථාන කිහිපයකදී හමුවූ සෙල්ලිපි සාධක මඟින් දුටුගැමුණු රජුගේ තවත් බිසෝවරු සම්බන්ධයෙන් තොරතුරු සටහන් වී තිබීමද විශේෂත්වයකි. අතීත රජවරුන්ට බිසවුන් කිහිප දෙනකු සිටි බව කවුරුත් දන්නා කරුණකි. නමුත් දුටුගැමුණු රජු වැනි ශ්‍රේෂ්ඨ නරපතියෙකු සම්බන්ධයෙන් එම කරුණු වසන් කිරීමට ඉතිහාසඥයන් කටයුතු කර ඇති බවක්ද ඒ අනුව පෙනෙන්නට ඇත. නමුත් දුටුගැමුණු රජුට 16,000ක පුර ස්ත්‍රීන් පිරිසක් සිටි බව චූලවංශයේ සඳහන්ව ඇත.

දුටුගැමුණු රජුගේ බිරියන් සම්බන්ධයෙන් අනෙක් තොරතුරු හෙළි වී ඇත්තේ කොස්සගම සහ මිහින්තලයෙන් සොයා ගත් සෙල්ලිපි හරහාය. ඒ අතරින් කොස්සගම සෙල්ලිපියේ දුටුගැමුණු රජුගේ බිරිඳ ලෙස කතී (කෘන්තිකා) යන නාමය දැක්වෙන අතර මිහින්තලයෙන් සොයා ගත් සෙල්ලිපියක දුටුගැමුණු රජුගේ බිරිඳ ලෙස සටහන්ව ඇත්තේ කණය (කෘෂ්නා) යන නාමයය. එමෙන්ම එහිදී ලොණපි අයශිව නම් එම බිසවගේ පුතෙකු සම්බන්ධයෙන්ද තොරතුරු සටහන් වී ඇත.

මේ සියල්ල සමාලෝචනය කරමින් අදහස් දක්වන එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ දුටුගැමුණු මහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක් මෙන්ම පුතණුවන් දෙදෙනකු සහ දියණියකද සිටි බවය. අතීතයේ පටන්ම රජවරුන් තම අග බිසව ලෙස තෝරාගෙන තිබුණේ වංශවත් කුමාරිකාවකි. ඒ අනුව කොත්මලේදී හමුවූ පෙම්වතිය භාර්යාවක ලෙස සිටියද, රාජිකා තම අග බිසව ලෙස තෝරා ගන්නට ගැමුණු කුමරු කටයුතු කරන්නට ඇත. සාලිය කුමරු යනු කොත්මලේදී හමු වූ සිරිමල් එතනාගේ පුතණුවන් වන්නට ඇත. එබැවින් සාලිය කුමරුට රජකම නොලැබුණේ ඔහු අග මෙහෙසියගේ පුතණුවන් නොවූ නිසාවෙන්ද යන සැකයද මෙහිදී ඇති වේ. වංශකතාවල දක්වා ඇත්තේ සාලිය කුමරු අශෝකමාලා නැමැති රොඩී කතක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම ඔහුට රජකම නොලැබීමට හේතු වූ බවය. කෙසේ නමුත් ඒ යුගයේදී පැවැතියේ රජකම සොහොයුරාගෙන් සොහොයුරාට හිමි වන ක්‍රමය බවද මෙහිදී අමතක කළ යුතු නැත. දුටුගැමුණු රජුගෙන් පසු සද්ධාතිස්ස රජුට රජකම හිමි වන්නේ ඒ අනුවය.

පියංගලින් මෙම සුවිශේෂී කරුණු අනාවරණය කර දැන් බොහෝ කාලයක් ගත වී ඇත. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් නිසි සමාජ අවධානයක් යොමු වී නැති වීම කනගාටුවට කරුණකි. ඉතිහාසය යනු නව සොයා ගැනීම් හරහා නිරන්තරයෙන් වෙනස් වන දෙයකි. ඒ හරහා වසර දහස් ගණනක් පැවැති විශ්වාසයන්ද වෙනස් විය හැක. නමුත් එය පිළිගැනීමට කෙතරම් පිරිසක් සූදානම්දැයි යන්නද ගැටලුවකි. විශේෂයෙන්ම දුටුගැමුණු වැනි ඉතිහාසයේ මහා ඉඩ කඩක් වෙන් කර ගත් ශ්‍රේෂ්ඨ රජවරුන් සම්බන්ධයෙන් එය වඩාත් ප්‍රබලව බලපාන කාරණයකි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රත්ගම අභිරහස් ඝාතන 2කට හිටිහැටියේ ධීවරයෙක් බාරවෙයි: පොලිසියට බරපතළ සැකයක්

Next Post

කොහෙවත් නැති මකරයේ සිරි

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.