රත්ගම ප්‍රදේශයේ සිදුව ඇති ද්විත්ව ඝාතනයක වගකීම බාරගෙන හිටිහැටියේම එම ප්‍රදේශයේ ධිවරයකු පොලිසිය වෙත පැමිණ බාර වී ඇති බව වාර්තා වේ.
මෙහිදී ඝාතනයට ලක්ව තිබුණේ විශ්‍රාමික ගුරුවරියක සහ පෙදරේරුවෙකි.
මෙම බාර වීමත් සමග පොලිසියට සැක මුසු තැන් ගණනාවක්ම පැන නැගී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවත් දැනගන්නට ඇත.
මෙම ද්විත්ව ඝාතනය සහ රත්ගම නෙදර්ලන්ත ජාතික හිමිනම ඝාතනය අතර සම්බන්ධයක් පවතිනවාද යන්න පිළිබදවද පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.










