• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට කාගෙන්වත් කිසිම බලපෑමක් නෑ

February 14, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මට කාගෙන්වත් කිසිම බලපෑමක් නෑ
Share on WhatsAppShare on Facebook

⬤ හැමදේටම වඩා දරුවව වටිනවා…

⬤ මට සිනමාවේ ලොකු ඉඩක් නෑ…

ඩාන්සින් ස්ටාර් චිත්‍රපටය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය පසුකාලීනව චිත්‍රපටවල අපට දැකගන්නට ලැබුණේ නැහැ. ඉන්පසු ඇය යන ගමන්මඟ වෙනස් කරමින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඉතින් කාගෙත් ආදරය දිනාගත් ශිරෝෂි රොමේෂිකා දිගු නිහැඬියාවකට පසු බියුලා ලෙසින් නැවත රඟපෑමට ඇවිත්. ඇය දිගු කාලයක් රඟපෑමෙන් ඈත්වෙලා හිටියේ ඇයිදැයි
දැනගැනීමට ඇයට කතා කළා.

🔴 ශිරෝෂි බස් එකෙන් පටන්ගෙන දිගු නිහැඬියාවකට පසු බස් එකෙන්ම නැවත රඟපෑම පටන්ගත්තා නේද?
‘කොටඋඩ මන්දිර’ තමයි මගේ පළමු ටෙලිනාට්‍ය. ඒ ටෙලිනාට්‍ය කරනකොටත් මට ජගත් චමිල හමුවුණා. දිගු නිහැඬියාවකට පස් බස් එකේ ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහා මම රඟපෑමට සම්බන්ධ වෙනවා. මේ ටෙලි නාට්‍යයෙත් මට ජගත් චමිල හමුවෙනවා.
🔴 කාලෙකට පස්සේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ?
එය ගැන නම් ගොඩක් සතුටුයි. මොකද මම මේ ක්ෂේත්‍රයේ සිටිය යුතු හොඳම කාලේ තමයි කලාවෙන් සමුගත්තේ. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමේ මට දරුවා ලැබෙන්න ඉන්න නිසා මම හිතුවා විවේකයක් ගත්තානම් හොඳයි කියලා.
🔴 ඔබ දැන් මවක් නිසා බියුලා චරිතය නිරූපණය කිරීමට පහසුවක් දැනෙන්නට ඇති?
බියුලා කියන්නේ දෙදරු මවකගේ චරිතයක්. සරලවම පැවසුවොත් මම කාලයක් නිහඬව ඉඳලා රඟපෑමට ආව කියලා මට කිසිම වෙනසක් දැනුණේ නැහැ. බියුලාට දැනෙන හැඟීම් දැනීම් මගේ සැබෑ ජීවිතයේදීත් දැනුණ නිසා ලොකු පහසුවක් දැනුණා මට රඟපෑමෙදි.
🔴 නිහඬව ගෙදරට වෙලා ඉන්න කාලයේ කලාවට සම්බන්ධ වුණා නම් හොඳයි කියලා හිතුණේ නැද්ද?
හිතුණු වාර අනන්තයි. හැබැයි ඒ හැමදෙයටම වඩා මට මගේ දරුවා වටිනවා. ඒ නිසාමයි මම මෙච්චර කාලයක් ගෙදරට වෙලා හිටියේ. කලාවට සම්බන්ධ වෙන්න පුළුවන් කාලේ තමයි මම නැවත රඟපෑමට සම්බන්ධ වෙන්න හිතුවේ දුවත් දැන් ලොකු නිසා.
🔴 ඔබ ඩාන්සින් ස්ටාර් සිනමා නිර්මාණය හරහා තමයි එළියට එන්නේ?
මාව ගොඩදෙනෙක් දැන හඳුන ගත්තේ ඩාන්සින් ස්ටාර් චිත්‍රපටය හරහා තමයි. ඒත් පසුකාලීනව මට සිනමාවේ ලොකු ඉඩක් තිබුණේ නැහැ. පස්සේ මම ටෙලිනාට්‍යවල විවිධ චරිත නිරූපණය කළා.
🔴 ඔබව නැඟී එන නිළියටත් නිර්දේශ වුණා නේද?
‘මොනර කඩදාසි’, ‘කළු අරලිය’ ටෙලිනාට්‍ය දෙකම මම නිරූපණය කළ චරිත දෙකටම මාව නිර්දේශ වුණා. හැබැයි සම්මානයක් ගන්න තරම් මම ලොකු කාලයක් රැඳිලා හිටියේ නැහැ. මම ඒ ආපු ගමන දිගටම ආවා නම් බොහෝදුරට මටද සම්මානයක් හිමිකර ගන්න තිබුණා.
🔴 මේ ක්ෂේත්‍රයේ දැන් තිබෙන තරගකාරීත්වයත් එක්ක චරිත බලාගෙන ඉන්නත් බැහැ නේද?
ඉස්සරට වඩා දැන් නළු නිළියන් ගොඩාක් බිහිවෙලා ඉන්නවා. ඉතින් එහෙම චරිත තෝරා බේරාගෙන රඟපාන්න බැහැ. අනික රංගන ශිල්පිනියක් වුණාට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනා.
🔴 දැන් ආපු ගමන දිගටම රැඳෙන්නද අදහස?
ඔව්. මට මගේ පවුලේ අයගෙන් කිසිම බලපෑමක් නැහැ. සැමියාගෙන් වුණත් ලොකු සහයක් ලැබෙනවා. ඒ වගේම මගේ දුව මරිසා අමානි පෙරේරා. දුව පොඩි වුණත් මගේ රඟපෑම ගැන අගේ කරනවා. ආරාධනා ලැබුණොත් මම දිගටම රඟපානවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රහස් සාකච්ජා: ප්‍රහාර-ප්‍රතිප්‍රහාර: පක්ෂ මාරු: පාර්ලිමේන්තුව ඇතුළේ අප්‍රේල් කැරැල්ලක්

Next Post

කොරෝනා හැදී කොටි දෙන්නක් මරුට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.