• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වොයිස් එකට ටියුනර් ගහපු බයිලා ලෝකේ සුපිරි තරුව…

January 30, 2021
in Heart
Reading Time: 3 mins read
A A
වොයිස් එකට ටියුනර් ගහපු බයිලා ලෝකේ සුපිරි තරුව…
Share on WhatsAppShare on Facebook

◼️ අමල් සර් මට තාත්තා කෙනෙක් වගේ…

◼️ මගේ වොයිස් එකට ගැළපෙන ස්ටයිල් එක තමයි වේගරිද්මය

බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා, සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා, මංගලිකා මනාලිකා, රන්වන් වත බැබලෙන්නේ, ගල්කිස්සේ මුහුදු වෙරළේ’ එම්. එස්. ප්‍රනාන්දුල, නිහාල් නෙල්සන්ල, ෆ්‍රෙඩී සිල්වල රසිකයන් කුල්මත් කළ මේ වගේ බයිල ගීත ගොන්නක් එක පොකුරට
පහුගිය දවස්වල අහන්න ලැබුණෙ ‘හිරු ස්ටාර්’ වේදිකාවෙ. සාමාන්‍යයෙන් රියැලිටි තරගයක අහන්න නොලැබෙන මේ බයිල ගීත තමන්ගෙම ආරෙට, රහට කියන උදාර කෞශල්‍ය ගැන කතාබහ ඇතිවුණේ ඔහුගේ ඒ මනරම් ගායනයත් එක්ක. ‘හිරු ස්ටාර්’ කිරුළ ආසන්නයේ සිටින උදාර මෙතෙක් තමන් ආපු ගමන ගැන අපිත් එක්ක කිව්වෙ මේ විදිහට.

🔴 උදාර මේ වෙනකොට හිරු ස්ටාර් තරගාවලියේ අවසන් අදියර දක්වා ඇවිත් තියෙනව. කොහොමද ඒක දැනෙන්නෙ?
ඇත්තටම මම හිටපු තත්ත්වයත් එක්ක මේක හීනයක් හැබෑ වීමක් විදිහටයි මම දකින්නෙ. මොකද මට පොඩි කාලෙ ඉඳලම ගායකයෙක් වෙන්න ආසාවක් තිබුණා. නමුත් මේ වගේ ප්‍රතිචාරයක් මට ලැබෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නැහැ.
🔴 තරගයට සහභාගි වෙද්දි මේ තරම් දුර එන්න පුළුවන් වෙයි කියල උදාරට හිතුණෙ නැද්ද?
තරගයට සහභාගි වෙනකොට නම් මෙච්චර දුරක්, මෙච්චර රසික ආදරයක් මට ලැබෙයි කියල නම් කොහොමත් හිතුණෙ නැහැ.
🔴 තරගාවලියට සහභාගි වෙන්න කලින් ඔබට සංගීතය පිළිබඳ තිබුණෙ මොනවගේ හැදෑරීමක්ද?
මම පොඩි කාලෙ ඉඳලම සංගීතයට ලොකු ආසාවක් තිබුණ. ඒත් සංගීතය පිළිබඳව පාසලේදීවත් මම විෂයක් විදිහට හදාරල තිබුණෙ නැහැ. පාසලෙන් අයින් වුණාට පස්සෙ තමයි පොඩි පොඩි බෑන්ඩ්වල ගායකයෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තෙ. සංගීතය පිළිබඳ ගොඩක් දේවල් මේ තරගාවලිය හරහා මම ඉගෙනගත්ත කිව්වොත් හරි.
🔴 මේ වෙනකොට බොහෝදෙනා ඔබව හඳුනාගෙන තියෙන්නෙ වේග රිද්මයේ ගායකයකු හැටියට. ඇයි ඒ ශෛලියෙන් ගීත ගායනා කරන්න හිතුවෙ?
මම හිතන්නෙ මගේ වොයිස් එකට ගැළපෙනම ස්ටයිල් එක තමයි වේගරිද්මය. අනෙක් එක තමයි නව පරපුරේ බයිල ගීත කියන ගායකයන් ඉතාමත් අඩුයි. ඉතින් මම හිතුව මගේ කටහඬින් වැඩක් ගන්න පුළුවන් හොඳම ස්ටයිල් එක මම තෝරගන්න ඕනෙ කියල. ඒ අනුව තමයි මම බයිල ගීතම විතරක් තෝරගත්තෙ. මම හිතනව ඒ තෝරාගැනීම මේ වෙනකොට ඉතාමත් සාර්ථක වෙලා තියෙනව කියල.
🔴 ඔබ තරගාවලියට ඉදිරිපත් වෙනකොටම තීරණය කරලද තිබුණෙ බයිල ගීතවලින් තමයි ඉදිරියට යන්නෙ කියල?
තරගාවලියට ඉදිරිපත්වෙනකොට අපිට මූලික වශයෙන් ගීත 15ක් විතර තෝරගන්න අවස්ථාවක් දෙනව. ඒ අතරින් මම බයිල ගීතයක මුල් වචන දෙක තුන කියද්දිම එතන හිටපු බිලී ප්‍රනාන්දු මට කිව්ව උදාර ඔයා දිගටම බයිල ගීත කියන්න කියල. ඒක තමයි ඔයාට හරියන ස්ටයිල් එක කියල. එදා ඉඳල තමයි මමත් තීරණය කළේ මේ පැත්තෙන්ම ඉදිරියට යන්න ඕනෙ කියල. මේ වෙනකොට මට ඒ හරහා අනන්‍යතාවයක් ගොඩනැගිල තියෙනව. ඇත්තටම සතුටු වෙනව ඒ වගේ තීරණයක් ගත්ත එක ගැන.
🔴 අමල් පෙරේරාගෙ කණ්ඩායම තෝරාගැනීම පිළිබඳව ඔබට මේ වෙනකොට තියෙන්නෙ මොනවගේ අදහසක්ද?
අන්තිම තරගකරුවන් 48දි තමයි අපිට කැමැති කෝච් කෙනෙක් තෝරාගැනීමේ අවස්ථාව දෙන්නෙ. ඒ අනුව තමයි මම අමල් පෙරේරාගෙ කණ්ඩායම තෝරාගන්නෙ. අමල් සර් මට තාත්ත කෙනෙක් වගේ. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනව ඒ තීරණය ගත්ත එක ගැන. ඔහුගෙන් ලැබෙන්නෙ කියල නිම කරන්න බැරි සපෝට් එකක්. තරගාවලියෙ ඉදිරියට යන්න ඔහුගෙන් ලැබෙන හයිය ඉතාමත් වටිනව. ඒ වගේම නිරෝෂ පෙරේරත්, ශිහානුත් මගේ අඩුපාඩු තියෙනව නම් ඒව පෙන්නල දීල ලොකු සපෝට් එකක් මට දෙනව.
🔴 තරගාවලිය තුළ උදාරගෙ ගායනය වගේම විලාසිතා පිළිබඳවත් මේ වෙනකොට බොහෝදෙනෙක් කතාවෙනව?
රියැලිටි තරගයක් තුළ මම හිතන්නෙ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නෙ අපේ ගායනය විතරක්ම නෙමෙයි. අපේ ඇඳුම්, අපේ ඉදිරිපත් කිරීම පිළිබඳවත් බොහෝ දෙනෙක් සැලකිලිමත් වෙනව. ඉතින් මගේ ගායන ස්ටයිල් එකටත් ගැළපෙන විදිහට තමයි මම මගේ විලාසිතා වෙනස් කරගෙන තියෙන්නෙ. ඒකට මේ වෙනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනව.
🔴 රියැලිටි තරගවලින් බිහිවන ගායක – ගායිකාවන් ගායන ක්ෂේත්‍රය තුළ යමක් කරන බවක් අපට පේන්න නැහැ. උදාරත් ඒ පිරිස අතරට එකතු වෙන තවත් තරුවක් වෙයිද?
ඇත්තටම තරගාවලිය තුළත් එකම ගීත ශෛලියක් තෝරගන්න හේතු වුණෙත් ඔය කාරණය.
හැමදේම බදාගන්නෙ නැතුව එකම පැත්තකින් ඉදිරියට යන්න තමයි මට උවමනා වුණේ. ඒ හින්ද තමයි මගේ වොයිස් එකට ගැළපෙන, මට කරන්න පුළුවන් හොඳම දේ මම තෝරගත්තෙ. ජීවිතයෙත් මගේ වෙන අරමුණු නැහැ. සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඉතින් මිනිසුන්ට මතක හිටින වැඩක් කරමින් ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න තමයි මම උපරිම උත්සාහ කරන්නෙ.
🔴 අවසාන වශයෙන් මේ තීරණාත්මක මොහොතෙ ඔබේ රසිකයන්ට මොනාද කියන්න තියෙන්නෙ?
ඇත්තටම මම ‘හිරු ස්ටාර්’ එකට ආවෙ තැනක් හදාගන්න. ඒ දේ බොහෝ දුරට දැන් සාර්ථක වෙලා තියෙනව. මම මේ තැන ඉන්නෙ මගේ ආදරණීය රසිකයො නිසා. මම හිතනව ඉදිරියටත් මගෙත් එක්කම ඔවුන් ඉඳීවි කියල. ඊට අමතරව සැඟවුණු දක්ෂතා තියෙන ගීත රචකයන්, සංගීත අධක්ෂවරුන්ට මම ආරාධනා කරනව මගේ ශෛලියට ගැළපෙන යමක් කරන්න පුළුවන් නම් මගෙත් එක්ක එකතු වෙන්න කියල. ඒ හරහා රටට වැඩදායී යමක් කරන්න මගෙත් එක්ක එකතු වෙලා කරමු කියන විවෘත ඉල්ලීම මම මේ අවස්ථාවේ කරනව. මගේ ගමනට ශක්තියක් වුණු සෑම දෙනාටම මේ අවස්ථාවේ මම ස්තුති කරනව.
– ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

HNB ඇෂුවරන්ස් PLC සමූහය වාරික කඩයිමක් පසු කරයි

Next Post

සඳුදා ආණ්ඩුවට තීරණාත්මකයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.