• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම නිර්මාණ කරන්නෙ බහුතරය වෙනුවෙන්…

January 23, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම නිර්මාණ කරන්නෙ බහුතරය වෙනුවෙන්…
Share on WhatsAppShare on Facebook

⬤ මම හදාගත්ත දේට මමම පයින් ගහන්නෙ නෑ…

සඳුන් පෙරේරා යනු මේ වන විට ලංකාවේ සිටින ජනප්‍රියතම ගායකයන් අතර හිණිපෙත්තේ සිටින ගායකයෙකි. ඒ අතර සඳුන්ගේ නිර්මාණ ගැන චෝදනා මුඛයෙන් කතා කරන පිරිසද සුළුපටු නොවේ. ‘වෙඩි වරුසා, පූජා කරන්නම්, දුකක් දැනෙන්න එපා, වරද පිළිගන්න’ වැනි ජනප්‍රිය ගීත රැසකම හිමිකරුවා වූ සඳුන්ගේ අලුත්ම ගීතය වන ‘අමුතුම මලක්’ මේ වන විට සමාජ මාධ්‍ය ජාලවල රැල්ලක් මෙන් පැතිර යමින් පවතී. සඳුන්ගෙ අලුත්ම හිට් එක ගැන ඔහු අපිත් එක්ක කතා කළේ මේ විදිහට.

🔴 ‘අමුතු මලක්’ ඉතාම කෙටි කාලයක් තුළ යූටියුබ් ‘ටේ‍රන්ඩින් 1’ වීම ගැන මොකද හිතෙන්නෙ?
‘අමුතු මලක්’ සින්දුව වෙනුවෙන් අපි මාස හතරක්, පහක් ඉඳන් මහන්සි වුණා. මොකද මම අවුරුද්දකට විතර පස්සෙ තමයි මේ විදිහට අලුත් සින්දුවක් රිලීස් කරන්නෙ. හොඳම දෙයක් දෙන්න තමයි ඒ වගේ කාලයක් ගත්තෙ. සින්දුව යූටියුබ් එකට දාල පැය පහකින් ලක්ෂයක් සින්දුව බලල තිබුණ. හරියටම සතිය සම්පූර්ණ වෙනකොට මිලියනයක් සින්දුව බලල තියෙනව. ඉතින් ඉතාමත් සතුටුයි සින්දුවට මේ වගේ ප්‍රතිචාරයක් ලැබුණු එක ගැන.
🔴 ගොඩක් අය තමන්ගෙ නිර්මාණ ටේ‍රන්ඩින් කරන්න ලොකු උත්සාහයක් ගද්දි සඳුන්ගෙ ගීත මෙච්චර ඉක්මනින් ‘ටේ‍රන්ඩින්’ වීමේ රහස මොකක්ද?
මම හැම තිස්සෙම උත්සාහ කරන්නෙ එක පාරක් බලපු කෙනෙක්ට ආයෙත් බලන්න ඕන හිතෙන මියුසික් වීඩියෝ එකක් නිර්මාණය කරන්න. ඒ විදිහට මිනිසුන්ට හිතන්න නම් කවුරුවත්ම නොකරපු අලුත්ම වැඩක් වෙනස් විදිහට කරන්න ඕනෙ. අනිත් කාරණය තමයි මිනිසුන්ට මොනවද ඕන කියන දේ මම දන්නව. ඒ හැම දෙයක්ම හිතල නිර්මාණය කරන එක තමයි මම ඉක්මනින් ටේ‍රන්ඩින් වීම පිටුපස තියෙන රහස.
🔴 ගීතයක් ටේ‍රන්ඩින් වුණ නිසාම ඒක හොඳ නිර්මාණයක් කියල කියන්න පුළුවන්ද?
මේ ගීතය ගත්තොත් ගීතයේ මියුසික් කරද්දි සෑහෙන වාරක් වෙනස්කම් කර කර හොඳ නිර්මාණයක් කරන්න අපි ලොකු වෙහෙසක් ගත්ත. මියුසික් පැත්තෙන් ලොකු අප්ඩේට් එකක් මේකෙ තියෙනව. මේ වීඩියෝ එක ගත්තම වුණත් අනිත් මියුසික් වීඩියෝවලට වඩා මේක වෙනස් නිර්මාණයක්. මේක බැලුවම ඕන කෙනෙක්ට පේනව මේක කොලිටි වැඩක් කියල. හැම පැත්තෙන්ම මේ ගීතය හොඳ නිසා තමයි ගීතය මේ තරම් ඉක්මනට ජනප්‍රිය වුණේ. ගීතයක් ටේ‍රන්ඩින් වෙන්න ගීතයේ තියෙන ගුණාත්මකභාවය බලපානව.
🔴 අද බොහෝ විට දකින්න තියෙන්නෙ ගීතයේ ගුණාත්මකභාවයට වැඩිය මූල්‍යමය වාසි බලාගෙන කරන නිර්මාණ කිව්වොත්?
මම වෘත්තීමය ගායන ශිල්පියෙක්. මම මේ ක්ෂේත්‍රයට එන්නෙම ආයතනයක් හරහා. මම දැන් ඒ ආයතනයෙන් අයින් වෙලා කරන්නෙත් ‘රිගින් ටෝන්’ වලට ලබාදීම සඳහා නිර්මාණ කිරීම. ඒක මම කාටවත් බලෙන් කරන දෙයක් නෙමෙයි. තමන් කැමැති නම් විතරයි රිගින් ටෝන් දාගන්න, ඩවුන්ලොඩ් කරගන්න පුළුවන්. මම වෙන රස්සාවක් කරන්නෙ නෑ, පාට් ටයිම් ජොබ්ස් කරන්නෙ නෑ. මම සල්ලි හම්බකරන්න ඕනෙ මේකන්ම තමයි. ගායන ශිල්පියෙක් වශයෙන් මම හදාගත්ත ලයිෆ් ස්ටයිල් එකක් තියෙනව. ඒක නඩත්තු කරන්න ඕනෙ. ඒ හැම දෙයක්ම කරගෙන යන්න මම හම්බු කරන්න ඕනෙ. ඉතින් ඒ සඳහා මම පාවිච්චි කරන්නෙ මගේ වෘත්තිය තමයි. හැබැයි ඒ සඳහා මම ගුණාත්මක බවින් අඩු නිර්මාණ කරන්නෙ නැහැ.
🔴 වැළපෙන ගීත රැල්ලක් නිර්මාණය කිරීමට පුරෝගාමී වුණා කියන චෝදනාව ඔබටත් තියෙනව?
මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද මම ක්ෂේත්‍රයට එනකොටත් එහෙම රැල්ලක් තිබුණ. ඒක තමයි වැඩිම පිරිසක් අහන ස්ටයිල් එක වෙලා තිබුණෙ. බහුතරය කැමැති ඒකට. ඕකටම තමයි මල් ක්‍රවුඩ් එක කියලත් කියන්නෙ. ඒකට මල් ක්‍රවුඩ් එක කියනව නම් එදා කාලෙ ඉඳල ජෝතිපාල මහත්තය කියපු සරල ගීත හැම එකක්ම ඒ ජාතියටම තමයි ඇතුළත් වෙන්නෙ. බහුතරයක් ඉල්ලන්නෙ ඒක නම් මම ඒක නොදුන්නොත් මම නැඟපු ඉණිමඟට මමම පයින් ගැහුව වගේ වැඩක් තමයි වෙන්නෙ. ලේසියෙන්ම මිනිසුන්ට කියන්න පුළුවන්, ඉක්මනින් මතක හිටින වචන තමයි ඒ සින්දුවල තියෙන්නෙ. කොහොම හරි ඔය වර්ගීකරණයට තමයි මාවත් ඇතුළත් වුණේ. මම එහෙම රැල්ලක් හදන්න පුරෝගාමී වුණා කියන එක බොරු කතාවක්.
🔴 ඔය වර්ගීකරණයෙන් මිදිල නිර්මාණ කරන්න අදහසක් නැද්ද?
මට පුළුවන් එක පාරටම බොහොම සීමිත පිරිසක් කැමැති ගීතයක් කරන්න. හැබැයි ඒක ඇත්තටම බහුතරය නෙමෙයි. එතන ඉන්නෙ ඉතාම සුළුතර පිරිසක්. මම නිර්මාණ කරන්නෙ බහුතරය වෙනුවෙන්. මම බහුතරය ඉන්න තැන ඉඳල සුළුතරය ඉන්න තැනට පැන්නොත් ගිනිගොඩට පැන්න වගේ වැඩක් තමයි එතකොට වෙන්නෙ. එහෙම වුණොත් මට ඉතාම සීමිත පිරිසක් ඉඳියි. හැබැයි බහුතරය මගෙන් ඈත්වෙයි. හැබැයි ඔය අපිට වෙනස් වෙන්න කියන පිරිස අපි වෙනස් වුණත් අපිට හැමදාමත් බනිනව. ඔවුන් අපිව විවේචනය කරන්නෙ අපේ ගීත බලල නෙමෙයි. ඒගොල්ලො අහන ස්ටයිල් එකට පටහැනි නිසා තමයි අපිට බනින්නෙ. එකපාරටම නැතුව මගේ වයසත් එක්කම හැම දෙයක්ම ටික ටික ඉදිරියෙදි වෙනස් වෙයි.
🔴 සඳුන්ගෙ ඊළඟ නිර්මාණයටත් ගොඩක් කල් ගතවෙයිද?
මම හිතන්නෙ හොඳ නිර්මාණයක් කරන්න ගොඩක් කල්ගත්තට කමක් නෑ කියල. හැබැයි ඊළඟ නිර්මාණයෙ වැඩත් මේ වෙනකොට සියයට පනහක් විතර ඉවරයි. ඒ ගීතය දේදුන්නක් වගේ ලස්සන ගීතයක්.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

රාජපක්ෂලා ස්වදේශීද-වෙන්දේසීද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

අතක් බලලා ජීවිත කතාව කියන්නේ කොහොමද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.