• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

ප්‍රංශයේ රූබන් එක්ක හිරේ ඉඳන් කුඩු රංජි ගහපු මහා කුඩු ගේම CID SPECIAL

January 10, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
හිරේ ඇතුළෙ ඉඳන් ‘කොණ්ඩ රංජි’ ගහපු කෝටි 60ක කුඩු ගේමක් මීගමුවෙන් අල්ලගනී (PHOTOS)
Share on WhatsAppShare on Facebook

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිඟුලේ පිහිටි බුද්ධ ප්‍රතිමාවේ වීදුරුවට ඉකුත් 28 වෙනිදා රාත්‍රියේ සිදුවූ හානියත් සමග ආරක්ෂක අංශ කැළඹිමකට ලක් වන්නේ එය අන්තවාදී ක්‍රීයාවක පෙර නිමිත්තක්දැයි ඇතිවූ සැකයක් මතය. එම සැකය වඩාත් තීව්‍රවන්නේ ඊට දින හයකට පෙර මාවනැල්ල හිඟුලේම පිහිටි ගල් කොරියකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වී තිබීම නිසාය. දෙසැම්බර් 22 වෙනිදා රාත්‍රීයේ ගල් කොරියේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබුණු පෙට්ටගම බිඳ සොරාගෙන තිබුණේද පාස්කු ප්‍රහාරයට සහරාන්ගේ අන්තවාදීන් විසින් භාවිතා කළ ඇමෝනියා, වෝටර් ජෙල්, ඩෙටනේටර් වැනි පුපුරණ ද්‍රව්‍යයන්ය. ඒ ගැන මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබෙන්නේ 23 වෙනිදාය. ඒ බව කෑගල්ලේ පොලිස් ප්‍රධානීන් හරහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත දැනුවත් වූ සැණීන් දෙවරක් නොසිතා විමර්ශන කටයුත්ත භාරදෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ ගිනි පෙනෙල්ලෙන් බැටකෑ මිනිසා කනාමැදිරියටත් බියක් දක්වන බැවිනි.

මාවනැල්ල ගැන සීඩී. බයවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා විසින් මාවනැල්ලට ඒ සදහා යොමු කරනුයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන රාශ්‍රියක්ම සාර්ථකව මෙහෙයවන ලද පොලිස් අධිකාරී වික්‍රමසේකර යටතේ ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ ප්‍රමුඛ කණ්ඩායමකි. මාරසිංහ ඇතුළු එම පොලිස් කණ්ඩායමට මාවනැල්ල අලුත් තැනක් නොවූහ. පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගණනාවක් ඒ අය විසින් කර තිබුණේද මාවනැල්ල කේන්ද්‍රකර ගනිමිනි. වනාතවිල්ලුවේ ලැක්ටොවත්තේ පවත්වාගෙන ගිය සහරාන්ගේ පුහුණු කඳවුර පවා ප්‍රහාරයට පෙර සොයා ගන්නේද මාරසිංහ ඇතුළු කණ්ඩායම විසිනි. ඒ මාවනැල්ලෙන් ලද තොරතුරක් සියුම් විමර්ශනයට භාජනය කරමිනි. එදා එම පුහුණු කඳවුරේ තිබී සොයා ගත්තේද ගල්කොරියෙන් අතුරුදන් වූ ආකාරයේම පුපුරණ ද්‍රව්‍ය තොගයකි. සහරාන්ලා බෝම්බ හැදුවේ ඒවායින්ය. එබැවින් මාරසිංහ ඇතුළු කණ්ඩායමට පැවරෙන්නේ ගල්කොරියෙන් පුපුරණ ද්‍රව්‍ය පැන්නූ පුද්ගලයින් හඳුනා ගනිමින් ඒ අය නීතියේ රැහැනට හසුකර ගෙන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ අවදානම සමතයකට පත් කිරීමය. කොවිඞ් අවදානම හේතුවෙන් මෙවර නත්තල් දේව මෙහෙයන් අවම සහභාගිත්වයකින් පැවැත්වීමට මෙරට කතෝලික ජනතාවගේ නායකයා වන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිබියදීත් දිවයිනේ සියලුම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානයන්ට හමුදාවේ සහ පොලීසියේ විශේෂ ආරක්ෂාවක් පවා 24 වෙනිදා රාත්‍රියේ සිට යෙදවෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ එම ගැටලුව නිසාය.

සුපර් මුස්ලිම් එළියට එයි

හිඟුලේ බුද්ධ ප්‍රතිමාවේ වීදුරුව බිඳීයාමත් සමග ආරක්ෂක බලධාරීන්ට ජාතික ආරක්ෂාව ගැන නැවතත් සිතන්නට සිදුවන්නේ භයංකාර චිත්‍රයක් ඒත් එක්කම මැවෙන්නට වූ නිසාය. කල්මුණේ කේන්ද්‍රකර ගනිමින් “සුපර් මුස්ලිම්” නම් වූ අන්තවාදී සංවිධානයක් ගොඩ නැගෙමින් ඇති බවට වූ රහස් වාර්තාවක් පොලිස්පතිවරයා අතට පත්වන්නේද මේ අතරතුරදීය. එම රහස් වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමුකරන්නේ ක්‍රීඩා වැරදි සහ වංචා සම්බන්ධයෙන් විමර්ශනයන් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ පිහිටා ඇති විශේෂ පොලිස් ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකාය. ක්‍රීඩා වංචා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් නිලධාරියෙක් අන්තවාදී සංවිධානයක නැගිටීමක් ගැන කියන්නේ කෙසේදැයි යමෙකුට ගැටලුවක් පවා පැන නැගෙන්නට පුළුවනි.

පරීක්ෂණ ෆොන්සේකාට දෙයි

ඊට පිළිතුර වන්නේ මෙම නිලධාරියා ත්‍රස්තවාදීන් සමග මෙන්ම පාතාලය සමගින්ද බොහෝ කාලයක් ඔට්ටු වී දැන් පැත්තකට වී සිටින්නෙක් බව පමණි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ දෙවැනියා ලෙස මෙන්ම බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙසින්ද සේවය කර ඇති ජගත් ෆොන්සේකාට මෙම අන්තවාදී නැගිටීම ගැන පවා තොරතුරු ලැබෙන්නේ තවමත් ඔහුගේ ඔත්තු ජාලය සක්‍රීයව පවතින බැවිනි. පොලිස්පතිවරයාට ඔහු යොමුකරන වාර්තාවට අනුව කල්මුණේ කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක සුපර් මුස්ලිම් නම්වූ එම අන්තවාදී සංවිධානය ක්‍රියාත්මක වන්නේ සහරාන්ගේ මුල් අවදිය සිහි ගන්වමිනි. මෙම සංවිධානයට නායකත්වය දෙන්නේ යැයි කියැවෙන්නේ වෛද්‍යවරයෙකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේද කලක් සේවය කර ඇති එම වෛද්‍යවරයාගේ ජායාරූපයක් පවා ෆොන්සේකා අතට පත්ව තිබුණේය.මේ වන විට ඔහුගේ අන්තවාදී දේශනවලට සවන් දෙමින් අනුගාමිකයන් 250 ක පමණ පිරිසක් ඔහු වටා එක්රොක්ව සිටින බව මෙන්ම ඒ අතර ක්‍රියාකාරීන් 33 දෙනෙක් සිටින බවද ෆොන්සේකාට තොරතුරු ලැබී තිබුණේය. අක්කරෙයිපත්තුවේ යම් ස්ථානයක මේ අය කණ්ඩායම් වශයෙන් රැස්වෙමින් සහරාන් විසින් කළ ආකාරයේ දේශන පවා සිදුකරන බව එම තොරතුරු අතර විය. සහරාන් මෙන්ම මේ අයත් සිය අන්තවාදී මත ඇතුළත් දේශන යූ ටියුබ් චැනලයක් ඔස්සේ සමාජගත කරන බවටද ෆොන්සේකාට තොරතුරු ලැබී තිබුණේය. ඒ සියල්ලට අමතරව වැදගත් යැයි කියා තොරතුරු අතර තිබෙන්නේ මේ සංවිධානයට යම් මැදපෙරදිග රටකින් මුදල් ගලා ඒමක් සිදුවන බවකි. මේ සියල්ලක්ම පොලිස්පතිවරයාට ඔහු යොමු කළ වාර්තාවේ සම්පිණ්ඩනය කර තිබුණේ අනාගත අනතුරක පෙර නිමිත්තක් සමගිනි.

පුපරණ ද්‍රව්‍යවල කතාන්දරය

ඒත් එක්කම මාවනැල්ලේ ගල් කොරියෙන් පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් වීම සහ මාවනැල්ලේ බුදු පිළිමයේ වීදුරු ආවරණයට හානි කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන කෙරෙහි ආරක්ෂක බලධාරීන්ගේ විශේෂ අවධානයකට ලක්වන්නට ගත්තේය. සහරාන්ගේ කණ්ඩායම විසින් මාවනැල්ලේ බුදු පිළිමවලට පහරදුන්නේද මේ කාලයේදීමය. ඒ අතර මෙවර හානියට පත්වූ පිළිමයද විය. මේ ගැන ආරක්ෂක මණ්ඩලයේදී පවා විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් වන්නට විය. එහෙත් අවසානයේදී හෙළිවන්නේ මෙම සිදුවීම් දෙකම පිටුපස අන්තවාදය ගෑවී නොමැති බවය. ගල්කොරියෙන් පුපුරණ ද්‍රව්‍ය සොරා ගෙන ඇත්තේ එම කොරියේම සේවයේ නිරත සේවකයෙකුගේ සහය ඇතිව පේරාදෙණියේ සහ පිළිමතලාවේ තිදෙනකි. ඔවුන් සිංහලයන්ය. මෙම සොරකම ඔවුන් විසින් සිදුකර ඇත්තේ මහනුවර සහ පේරාදෙණියේ නීති විරෝධි ගල්කොරිවලට ඒවා අලෙවි කරන්නටය. ඊට පෙරත් ඔවුන් මේ ආකාරයට ගල්කොරිවලින් පුපුරණ ද්‍රව්‍ය පන්නා ඇතත් එම ගල්කොරි නිසි තොග ගණනය කිරීමක් සිදු නොකරන බැවින් සොරකමක් සිදුවී ඇති බවක් අදටත් එම ගල්කොරිවල හිමිකරුවන් දන්නේ නැත.

රුපියල් 60ක් හොරකම් කරලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායම ආරක්ෂක බලධාරීන්ට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ආකාරයෙන් ගැටලු ගෙනදුන් ගල්කොරියේ පුපුරණ ද්‍රව්‍ය සොරකම විසඳන විට මාවනැල්ල පොලීසිය බුදු පිළිම වහන්සේගේ වීදුරු ආවරණය බිඳ දැමූ පුද්ගලයාව කොටුකර ගන්නේ තවදුරටත් සැකයක් ඉතිරිනොකරමිනි. එම පුද්ගලයාද සිංහලයෙකි. කෑගල්ල හෙට්ටිමුල්ලේ පදිංචිකරුවෙක් වන ඔහු මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙකි. තිස් හැවිරිදී ඔහු බුදු පිළිම වහන්සේගේ වීදුරු ආවරණය බිඳ දමන්නේ පිළිම වහන්සේට වන්දනාමාන කරන බැතිමතුන් වීදුරු ආවරණයේ හිඩැසකින් වීදුරු කුටිය තුළට විසිකරන මුදල් සොරාගන්නටය. එදා ඔහු වීදුරු කුටිය බිඳ රුපියල් 60 ක් සොරාගෙන ඇතැයි පොලීසිය නිල වශයෙන් කීවේය. යම් රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ගොස් රෑ බෝවී බස් රථයකින් පැමිණ හිඟුල හංදියෙන් බැස පිළිම වහන්සේගේ වීදුරු කුටිය බිඳ දැමූ බව එම සැකකරු පැවසුවේ යැයිද පොලීසිය කීවේය. එය එසේ වී නම් ජාතික ආරක්ෂාව ගැන පිළිම වහන්සේගේ වීදුරු කුටිය බිඳ දැමීම සම්බන්ධයෙන් බිය විය යුතු නැත. නමුත් අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය හමුවේ නම් ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක බලධාරීන්ට නැවත වරක් සිතන්නට සිදුවනු ඇත.

විශේෂයෙන් මේ වන විට නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක සුපර් මුස්ලිම් ක්‍රියාකාරීත්වයද ජාතික ආරක්ෂාවට හානියක් නොවෙතැයි කියන්නට බැරිය. සහරාන් නැතත් සහරාන්ගේ අන්තවාදී අදහස් අදටත් ඔහු නියෝජනය කළ සංවිධාන විසින් මේ වන විටත් ව්‍යාප්ත කරමින් පවතින්නේ සුළු වෙනස්කම් ඇතිවය. ඒ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේදී පවා හෙළිවිය. මුස්ලිම් මෙන්ම සිංහල අන්තවාදී සංවිධාන ගැනද කොමිසම ගැඹුරින් සාක්ෂි විමසීමක් කළේය. එම සංවිධාන ගැන මෙන්ම එවන් සංවිධාන රටට තවදුරටත් අවශ්‍යදැයි බොහෝ විට පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ලබන 31 වෙනිදා නිකුත් කරන විට දැන ගන්නට ලැබෙනු ඇත. ඇතැම් විට අන්තවාදී සංවිධානවලට එරෙහිව රජය මෙතෙක් දැනෙන ක්‍රියා මාර්ගයක් නොගෙන සිටින්නේ පාස්කු කොමිසමේ වාර්තාව භාරදෙන තුරු වන්නට පුළුවනි. එම ප්‍රහාරයේ බහුතර වින්දිතයන් වන කතෝලික ජනතාවගේ මෙරට නායකයා වන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවා බලා සිටින්නේ එම කොමිසන් වාර්තාව එළියට එන තුරුය. ඒ පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් ඒ තුළින්වත් හෙළිවනු ඇතැයි විශ්වාසයක් ඇතිවය. උන්වහන්සේ මුවින් නිරන්තරයෙන්ම පිටවන්නේ සැබෑ අපරාධකරුවන් හෙළිකරන්නැයි කියාය. ඒ ගැන උන්වහන්සේ පූර්ව විශ්වාසය තබා සිටින්නේ ජනාධිපති කොමිසම කෙරෙහිය.

උසාවියේ ගින්න පහළින් යයිද

අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේ බිම් මහලේ හටගත් ගින්න සම්බන්ධයෙන් විවිධ සැක සංකා පැවතියත් මේවන විට එම ගින්නට හේතුව පැහැදිලිවම හෙළිවී හමාරය. ඒ විදුලි ඉංජිනේරුවරුන්ගේ සහ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවන්ට අනුවය. විදුලි ඉංජිනේරුවන්ට අනුව ගින්නට හේතුව විදුලිය නොවේ. විදුලි කාන්දුවකින් ගින්න හටගෙන නොමැති බව ඒ අය දැනුම් දෙන්නේ ගිනි ගැනීමෙන් දින දෙක තුනක් යන්නට මත්තෙනි. රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිනි සම්බන්ධයෙන් විමර්ශනයේ නිරත විශේෂඥවරයා ගිනි ගැනීම සිදුවූ දිනම ගින්නට හේතුව අනුමාන කළේ මූලික විමර්ශනයේදීමය. ඒ බව ඔහු නිල වශයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ වැඩිදුර විශ්ලේෂණයකින් අනතුරුවය. ඊට අනුව ගින්නට හේතුව ගිනි ගැනීමක් මිස ගිනි තැබීමක් නොවේ. ඒ අනුව උපරිමාධිකරණයේ ගින්න ගිනි තැබීමක් නොවන බව පැහැදිලිය. එසේ නම් එම ගිනි ගැනීම සිදුවූයේ කෙසේද? ඊට රජයේ රස පරීක්ෂකවරයා අනුමාන කරන්නේ සිගරට් කොටයකි. ඒ බිම් මහලේ සිගරට් පානය කරන්නෙක් විසිකළ සිගරට් කොටයකිනි. ගිනිගත් බිම් මහලේ තැන තැන විසිරී තිබුණු සිගරට් ඊට සාක්ෂි ගෙන දුන්නේය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බිම් මහලේ සිට දුම් බොන්නන් සොයා මෙහෙයුමක් දියත් කර ඇත්තේ නීතිය හමුවට ඒ අය පමුණුවන්නටය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හඳුනා ගනීමට හැකියාව ලැබී ඇත්තේ බිම් මහලේ දුම් පානය කරන්නන් හත් අට දෙනෙක් පමණි. ඒ අය උපරිමාධිකරණ සංකීර්ණයේ සුළු සේවකයන්ය. ඒ හැරුණුකොට වෙනත් කිසිවෙකුත් බිම් මහලේ දුම් පානය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට අදටත් හැකියාව ලැබී නැත. ගැටලුව ඇත්තේ එතැන නොවේ. ගිනි ගත් බිම් මහලේ විසිර තිබුණු දුම් වැටි කොට අතර මිල අධික දුම්වැටිද තිබීම නිසාය. එවන් දුම්වැටියක් සුළු සේවකයෙකුට මිලදී ගන්නට තරම් වත්කම් තිබේදැයි ඇත්තේ ගැටලුවකි. එසේම දුම්වැටියෙන් කොටසක් භාවිතා කර වැඩි කොටසක් විසිකරන්නට තරම් වත් පොහොසත්කම් ඇති සුළු සේවකයින්ද උපරිමාධිකරණ සංකීර්ණයේ සේවයේ නිරත වන්නේ ද නැත. එහෙත් එවැනි දුම්වැටි කොටස් ද එදා ගිනිගත් බිම් මහලෙන් සොයා ගෙන තිබුණේය. එසේ නම් ඒ මිල අධික දුම්වැටි පානය කරන්නන්ද හඳුනාගත යුතුය. එසේ නොවන්නට අධිකරණයේ ගින්නට වන්දි ගෙවන්නට වන්නේ අහිංසක සුළු සේවකයින් කිහිපදෙනෙකුට පමණි.

කෝටි 200යේ කුඩු සෙල්ලම

ගෙවී ගිය සතියේ වඩාත්ම අවධානයට යොමුවූයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයත් නාවික හමුදාවත් කළ ඒකාබද්ධ මත්කුඩු වැටලීම කෙරෙහිය. අයිස් නැමැති මත්කුඩු කිලෝ 126ක් සහ හෂිස් කිලෝ 88ක් සමග මේ කණ්ඩායම බහුදින ධිවර යාත්‍රාවක් අල්ලාගත්තේ සැකකරුවන් සිව් දෙනෙක්ද සමගිනි. ඒ සිව් දෙනාම ධීවරයන්ය. තොඩුවාවෙන් ඈත දියඹේ මසුන් මරන්නට මෙන් මුහුදු යන ඔවුන් පකිස්තානයේ සිට මත්කුඩු රැගෙන එන ඉරාන් නෞකාවකින් එම මත්කුඩු තොගය සිය යාත්‍රාවට පටවා ගන්නේ මාලදිවයින් දූපත් ආසන්න මුහුදු සීමාවේය. එය ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළකි. ඉකුත් දෙසැම්බරයේ අවසන් සතියේ එම මත්කුඩු තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පටවා ගන්නා ඔවුන් ගොඩබිම වෙත යාත්‍රා කරන්නේ මෙම මත්කුඩු භාරදීමෙන් පසු අතමිට මෙලවෙන රුපියල් කෝටියක දෙකක මුදල් ගැන සිතමිනි. එහෙත් ඒ වන විටත් තමන් දෙස දෑස් බොහොමයක් බලා සිටින බවක් ඔවුන් දැන සිටියේ නැත. තමන්ට වැඩ වැරදී ඇතැයි දැන ගන්නේ නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා ඔවුන් රැඳි ට්‍රෝලරය වටකර පරීක්ෂා කිරීමේදීය.

ගේම ගැහුවෙ ඇතුළෙ ඉන්න කොණ්ඩ රංජි

මෙසේ රුපියල් කෝටි සියයක් දෙසීයක් වටිනා මත්කුඩු තොගයක් සමග කොටුවන සිව් දෙනාම මේ ජාවාරමේ හාල්මැස්සන්ය. මේ මත්කුඩු තොගය කාගේදැයි කියාවත් ඔවුන් දන්නේ නැත. සියල්ල සිදුවන්නේ මුදලටය. දියඹට යන විට ට්‍රෝලරයේ ඉන්ධන ටැංකිය පිරෙන්නට ලක්ෂ 08ක ඉන්ධන ලැබෙන්නේ බඩු ගොඩබිමට රැගෙන පැමිණි පසු ඉතිරි මුදල ලැබෙන පොරොන්දුව මතය. වරක් දෙවරක් නොව, කිහිප වතාවක්ම මේ ආකාරයට ඔවුන් මහා මුහුදේ සිට ගොඩබිමට මත්කුඩු ගෙන ආවේය. මේ ඔවුන් හසුවන පළමු වතාවය. මෙම ට්‍රෝලරය පවා මිලදී ගෙන තිබෙන්නේ ඒ සඳහාමය. ජනවාරි 04 වෙනිදා මේ පිරිස රැගත් බෝට්ටුව මත්කුඩු තොගයද සුරක්ෂිත කරමින් ගොඩබිමට රැගෙන එන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම මත්කුඩු තොගයේ මහ මොළ හඳුනාගෙන හමාරය. ඊට අනුව මෙම මත්කුඩු තොගයේද හිමිකරු ඉකුත් දෙසැම්බර් 06 වෙනිදා සුරාබදු නිලධාරීන් විසින් ඉරණවිලදී අල්ලාගන්නා මත්කුඩු කිලෝ දෙසීයේම හිමිකරුවාය.

ජූඩ් ප්‍රියන්තත් හවුල්

ඩුබායිහී ජීවත් වන ඔහු ජූඞ් ප්‍රියන්තය. ඔහු ඩුබායි සිටියත් එම මත්කුඩු තොගයේ මෙරට නියෝජිතයා ලෙස හදුනා ගන්නේ රංජිත් කුමාර නොහොත් කොණ්ඩ රංජිය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පවා ලියැවී නැත පුද්ගල චරිතයක් වන කොණ්ඩ රංජි කවුරුන්දැයි සොයා බැලීමේදී හෙළිවන්නේ ඔහු ජා-ඇල පැත්තේ මත්කුඩු සුළුවෙන් බෙදා හැරීම්වල නිරතව සිටි පුද්ගලයෙක් පමණක් බවය. මේ පුද්ගලයා ජූඞ් ප්‍රියන්තගේ අතීජාත මිත්‍රයෙකි. ජූඞ් මෙරට රැඳී සිටියදී ඔහුගේ මත්කුඩු ජාලය ක්‍රියාත්මක වූයේ ජා – ඇල සහ කඳාන ආශ්‍රිතවය. ජූඞ් ඩුබායි පැන ගැනීමෙන් පසු ඒ ගැන ගන්නේ කොණ්ඩ රංජිය. මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඒ වන විටත් පොලිස් අත්අඩංගුවට පත්ව කොණ්ඩ රංජි සිටියේ බන්ධනාගාරගතවය. මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස අනුරුද්ධ සම්පායෝ රැඳී සිටියදී මත්කුඩු ජාවාරම්කරුවෙකුට පහසුකම් සැපයූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවන විට කොණ්ඩා රංජි රඳවා සිටියේ මීගමුව බන්ධනාගාරයේය. අවස්ථා කිහිපයක්ම ඔහුව වෙනත් ආරක්ෂිත බන්ධනගාරයකට මාරු කිරීමට සූදානම් වූවත් සම්පායෝ මීගමුවේ සිටිනතාත් ඔහුට එම මාරුවීම ලැබී තිබුණේ නැත. දැන් ඔහු සිටින්නේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේය. මෙම මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමේ මෙරට නියෝජිතයා ලෙස ඔහු කටයුතු කර ඇත්තේද බන්ධනාගරයේ සිටය. ඒ ජංගම දුරකතනයෙනි. අගුණකොළ බන්ධනාගාරය ජංගම දුරකතනවලින් තොර අධි ආරක්ෂත බන්ධනාගාරයක් යැයි කීවත් කොණ්ඩ රංජි නම් එහි සිට ජංගම දුරකථන භාවිතා කර ඇති බව පමණක් නොව, මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේද නිරත වී ඇති බව සාක්ෂි සහිතව මේ වන විට සනාථ වී හමාරය. මේ ඔහු බන්ධනාගාරයේ සිට කළ කුළුදුල් මත්කුඩු ජාවාරමද නොවන බවද හෙළිවී හමාරය.

තවත් කුඩු වෙන තැනකින් බාලා

ඩුබායි සිට පොලීසියේ දූෂිත නිලධාරීන් සමගින්ද සම්බන්ධකම් පවත්වමින් යහමින් මුදල් විසිකරමින් සිටින ජූඞ් ප්‍රියන්තගේ මත්කුඩු ජාලයේ මෙරට කළමනාකරු ලෙසද කටයුතු කර ඇත්තේ කොණ්ඩා රංජිය. ඊට අමතරව බටගම කුඩු රුවන්ද එම ජාලයට සම්බන්ධව සිටියේය. ඉකුත් අගෝස්තු 31 වෙනිදා ඔහුව පොලීසියට කොටුවන්නේ රුපියල් කෝටි පහකට අධික මත්කුඩු මුදල් ප්‍රමාණයක් ඔහුගේ බැංකු ගිණුමක් ඔස්සේ හුවමාරු වීමක් සම්බන්ධයෙනි.
මේ වන විට බෝට්ටු මගින් අපේ රටට මත්කුඩු ජාවාරම්කරුවන් රැගෙන එන මත්කුඩු ප්‍රමාණය ගණනය කිරීමේදී එතරම් මත්කුඩු තොගයක් මෙරට තුළ භාවිතා වන්නේදැයි ඇත්තේ ගැටලුවකි. ඉකුත් දෙසැම්බර් 31 වෙනිදාද ගාල්ල වරායට ආසන්නයේ ජාකොටුව වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් මත්කුඩු ප්‍රවාහනය කළ බව කියන බහුදින යාත්‍රාවක් අල්ලා ගන්නේ බෝට්ටුකරු ඇතුළු සිව් දෙනෙක් සමගය. මාරවිල, පානම සහ මීගමුවේ පදිංචිකරුවන් වූ ඔවුන් සතුව තිබී අයිස් නැමැති මත්කුඩු කිලෝ 06ක්ද හෙරොයින් කිලෝ 02ක්ද සොයාගෙන තිබුණේය. ඒ සම්බන්ධයෙන් කෙරන විමර්ශනයේදී හෙළිවන්නේ හෙරොයින් සහ අයිස් නැමැති මත්කුඩු කිලෝ 300ක පමණ ප්‍රමාණයක් යම් ස්ථානයකින් ගොඩබා තිබෙන බවය. ඒ වෙනුවට ඔවුන්ට ලැබී ඇත්තේ අයිස් සහ හෙරොයින්ය. ඒ මුදල් වෙනුවටය. එම හෙරොයින් සහ අයිස්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි අටකට වැඩිය. අත්අඩංගුවට ගත් බෝට්ටුකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ බොහෝ දෑ හෙළිකර හමාරය. ඒ ඔස්සේ මේ දිනවල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැඩි උත්සහයක නිරතව සිටින්නේ එම මත්කුඩු තොගය සොයා ගන්නටය. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවත් මේ වන විටත් අවශ්‍ය දැල එලා හමාරය.

මහමොළය ප්‍රංශයේ රූබන්

විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව මෙම මත්කුඩු ජාලයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන සිටින්නේ මේ වන විට එංගලන්තයේ රැඳී සිටින කුඩු ලාල් යැයි කුප්‍රකට පුද්ගලයාගේ ප්‍රධාන ගෝලයා වන රූබන්ය. උතුරේ වැසියෙක් වන රූබන් එල්.ටී.ටී,ඊ.යේ හිටපු සාමාජිකයෙක් ලෙසද හඳුනාගත හැකිය. මේ වන විට ප්‍රංශයේ රැඳී සිටින ඔහු මත්කුඩු පමණක් නොව ඉන්දියාව සහ මෙරට අතර සිදුවන කේරල ගංජා ජාවාරමටද සම්බන්ධය. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් නොවැම්බර් 21 වෙනිදා වැලිගමින් අල්ලාගන්නා හෙරොයින් කිලෝ 111 පිටුපසද සිටියේ රූබන්ය. එහෙත් ඒ ගැන මුල් අවස්ථාවේදී නම කියැවෙන්නේ රූබන් සමග එම මත්කුඩු තොගය මෙරටට රැගෙන එන්නට මුල්වූ ඉතාලියේ රැඳී සිටින විදුර පමණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව නම් මෙරට සිදුවන මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්වලින් සියයට 50කටම රූබන් සම්බන්ධය. රූබන්ගේ බොසා ලාල්ය. එහෙත් ලාල්ට එරෙහිව මෙරට මත්කුඩු බිඳකට නඩුවක් අධිකරණයක සොයා ගන්නට නැත. එසේම ලාල්ගේ නම පොලිස් පොත්වල ලියැවී ඇති තැනක්ද සොයා ගන්නට නැත. ඒ ලාල්ට පොලීසියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ හයි හත්තිය ඇති බැවිනි. වරක් ලාල්ට ගිනි අවි බලපත්‍රයකට රෙකමදාරුවක් පොලීසියක ස්ථානාධිපතිවරයෙකුගෙන් ලැබෙන්නේද ඒ නිසාය. ලාල්ට දේශපාලන සම්බන්ධකම්ද අඩුවක් නැත. එදා පාතාලයට එරෙහිව සුදුවෑන් රථ කල්ලිය ක්‍රියාත්මක වන විට එංගලන්තයට පැන ගන්නට කටුනායක ගුවන් තොටුපොළට යන්නට ඇමතිවරයෙක් ඔහු සමග සිය ආරක්ෂකයන් සමග එන්නේද එම දේශපාලන සම්බන්ධකම නිසාය. ඒ උදව්ට ලාල්ගෙන් ඇමතිවරයාගේ පුතාට ලැබෙන්නේ හැව්ලොක් සිටි තට්ටු නිවාස සංකීර්ණයෙන් රුපියල් කෝටි හය හතක් වටිනා නිවසකි. ලාල් තමන්ට උදව් උපකාර කරන්නන්ට සලකන්නේ එසේය. ලාල්ට හැම පැත්තෙන්ම රැකවරණය ඇත්තේ ඒ නිසා විය හැකිය.

අයිස්වලට නීතියක් නැද්ද

අපේ රටේ මත්කුඩු ජාවාරම්කරුවෝ නීතියේ රැහැනින් බේරී සිය ජාවාරම නිදහසේ පවත්වාගෙන යාමට විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටිති. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පෙනී ගොස් ඇත්තේ දැන් මත්කුඩු ජාවාරම්කරුවන් දේශපාලන වන්දනාවේ යනවා වෙනුවට නීතියේ හිඩැස්වලින් රිංගා සිය ගෝලබාලයින්ද රැකගෙන මත්කුඩු ජාවාරම කරගෙන යන්නට සමත්ව ඇති බවය. ඒ අනුව අපේ රටේ බොහෝ මත්කුඩු ජාවාරම්කරුවන් හෙරොයින්වලින් අයිස් නැමැති ලෝකයේ අති භයානක කෘත්‍රිම මත්ද්‍රව්‍යක් වෙත විතැන් වන බවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පෙනී ගොස් ඇත. ඒ හෙරොයින් ග්‍රෑම් දෙකකට මරණිය දණ්ඩනය ලබාදෙන අපේ රටේ අයිස් කිලෝ සිය ගණනක් ළඟ තබා ගත්තද වසර දෙක තුනකට එහා සිර දඩුවමක් හිමි නොවන බැවිනි. එසේම හොරොයින් සන්තකයේ තබා ගතහොත් ඇප ගන්නට මහාධිකරණයටම යා යුතුය. එහෙත් අයිස්වලට ඇප ගැනීම ගංජාවලට ඇප ගන්නවාටත් වඩා පහසුය. ඒ අයිස්වලට නිසි නීති පද්ධතියක් අපේ රටේ පනවා නොමැති බැවිනි. ගම් මට්ටමින් මේ වන විට ඇතැම් ජාවාරම්කරුවන් තරුණයින් සහ වැඩිහිටි පාසල් සිසුන් ඉලක්ක කරගෙන ප්‍රසිද්ධියේ අයිස් බෙදන්නේද එබැවිනි. අයිස්වලට පමණක් නොව, කෘත්‍රිම මත්ද්‍රව්‍ය ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ගොන්නකටම වසර ගණනාවක් තිස්සේ අපේ රටේ ක්‍රියාත්මක විය යුතු නීතිය සම්බන්ධයෙන් කෙටුම්පත් සකස් වී ඇතත් ඒවා සම්මත වී ක්‍රියාත්මක වනවා වෙනුවට ඇත්තේ හමස් පෙට්ටියේය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

දයාසිරිගේ පෞද්ගලික ලේකම්ටත් කොරෝනා

Next Post

සිරිධම්ම හිමියන්ට මරු කැඳවූ කෝටි පහේ බැංකු ගිණුම: අපයෝජන සිද්ධියකුත් එළියට EXCLUSIVE

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.