• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොටවත්තලා-චන්ද්‍රසිරිලා-සුමනදාසලා-මංජුලලා අනාවැකි නොකී 2021 රටට හොඳද-නරකද?

January 7, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
තොටවත්තලා-චන්ද්‍රසිරිලා-සුමනදාසලා-මංජුලලා අනාවැකි නොකී 2021 රටට හොඳද-නරකද?
Share on WhatsAppShare on Facebook

මේ ආරම්භ වෙමින් තිබෙන්නේ 2021 වසරය. හාහා පුරා කියා වසරක් උදා වන මොහොතේ පසුගිය වසර දෙස හැරීම, බැලීම හොඳ යැයි සිතෙන්නේ 2020 වසරේ වෙනවා යැයි කියූ දේවල් ඒ විදියටම වුණාද යන ප්‍රශ්නය අප කා අතරත් අඩු – වැඩි වශයෙන් මතුවන නිසාය. වෙනවා යැයි කියූ දේවල් ගැන කතා කරද්දී 2020 වසර ආරම්භයට දින කිහිපයකට පෙර එනම් 2019 වසර අග භාගය අමතක කළ හැකි නොවේ. මතකයේ හැටියට 2019 දෙසැම්බර් 15 පසුවූයේ මැතිවරණ උණුසුමකුත් සිත් තුළ ඇති කරමිනි.

එහිදී 2020 වසර ගැන කාටත් වඩා සොයා බැලුවේ වෙන කිසිවකුටත් වඩා අනාවැකිකරුවන්ය. ඒ කාලයේ බලන බලන චැනල් එකේ නිතර නිතර ඇසුණේ 2020 ගැන විවිධ මාතෘකා යටතේ අනාවැකි කියන වැඩසටහන්ය. ඒ වැඩසටහන් අතර නිතර නිතර දකින මුහුණු කිහිපයක්ද තිබුණේය. ඒ අතරින් නම් කිහිපයක් අනාවැකි අතර තරගයක යෙදී සිටියද යන්නත් සිතෙන තරම්ය. එහි කිහිපදෙනකුගේ නම් ඒ කාලයේ විiුත් සහ මුද්‍රිත මාධ්‍යවල නිතර නිතර දක්නට ලැබුණේය. අසන්නටත් ලැබුණේය. ඔවුන් අතරින් චන්ද්‍රසිරි බණ්ඩාර, ඉන්දික තොටවත්ත, මංජුල පීරිස්, සුමනදාස අබේගුණවර්ධන යන නම් ශ්‍රාවකයන්ට, රසිකයන්ට, පාඨකයන්ට කටපාඩම්ව තිබුණේය.

2020 කිරියෙන්, පැණියෙන් ඉතිරෙනවා. අලුත් රජකු යටතේ සුඛිත, මුදිත දේශයක් බිහි වෙනවා. ජනතාව තුළ සැප, සතුට වර්ධනය වෙනවා. බලාගෙන ඉද්දි රටේ සෞභාග්‍යය උදාවෙනවා. මේ ආදී නානාප්‍රකාර කතා එදා ඇසුණේය. ඇසෙව්වේය. ඇතැම් රූපවාහිනී නාලිකා පැය දෙක තුනේ දීර්ඝ සාකච්ඡාද, ප්‍රදර්ශනය කරනු දක්නට ලැබුණේය. මේවාට අනුග්‍රහාක බවතුන්ද තරගයට මෙන් අනුග්‍රහය දක්වනු දක්නට ලැබුණේය.

බොහෝ ජ්‍යොතිෂවේදීන් සහ අනාවැකිකරුවන් අතරේ ජනප්‍රිය රැල්ල හඹා යමින් සිද්ධාන්තවලින් තොරව හේතු රහිතව ඇතැම් අය සිය දේශපාලන සහ වෙනත් අවශ්‍යතා සඳහා අනාවැකි කියනු දක්නට ලැබුණේය. සමහරු කැට තබා 2020 මහා සෞභාග්‍යයක් මවා පෙන්නුවේ කතාව තුළට අලුත් දේශපාලන සිහිනද යටින් යටින් කාවද්දමිනි.
මේ බොහෝමයක් අනාවැකි කිව්වේ 2020 රටේත්, ජනතාවගේත් වාසනාවේ වසර ලෙසය. සියල්ල උඩු යටිකුරු වෙන වසර ලෙසත් පෙන්වා දුන්නේ 2020 වසරය. ඔවුන් ග්‍රහයන් හා දේශපාලනයද හරිහරියට ගැලපුවේ නවග්‍රහයන් සියලුදෙනාම පාලනය කරනුයේ තමන් යැයි සිතාගෙන මෙනි. ඇතැම් අනාවැකිකරුවන් නොකියා පැවැසුවේ මෙරට ජනතාව බුද්ධිමත්ව සිතා බලා තීන්දු තීරණ ගැනීම තුළ අනාගතය ජයෙන් ජය ලැබිය හැකි වසර 2020 කියාය.

මෙකි නොකී අනාවැකි සමඟින් ආරම්භ වූ 2020 වසර ගෙවී ගොස් අහවරය. දැන් ඉතින් ඇත්තේ හෙමිහිට හැරිලා බලන්ටය. මහා ප්‍රබල යැයි ඔවුන්ම කියා ගන්නා අනාවැකිකරුවන් පැවැසූ ඒ අපූරු සෞභාග්‍යය 2020 ජනතාව අත්වින්දාද ප්‍රශ්නයකි. සෞභාග්‍යයක් තබා පුංචි සහනයක් හෝ අත්වින්දාද? මේ ප්‍රශ්නය සිය දෙනකුගෙන් ඇසුවොත් ඖෂධ ව්‍යාපාරයේ යෙදෙන පිරිස් හැර අන් සියල්ලන්ම නැතැයි කියා කියනු ඇත. මන්ද කොරෝනා වසංගතයත් සමඟින් සියල්ලන්ටම අත්විඳින්නට වූයේ කටුක අත්දැකීම්ය. එහිදී අනාවැකිකරුවන්ද කොරෝනා පිට තබා සිය අනාවැකිවල තිබූ බර නිදහස් කරගන්නට සිතනු ඇත. එහෙත් අනාවැකි යනු කනාවැකි නොවේ නම් ඔවුන්ට මේ අවදානම පෙනිය යුතුව තිබුණේය. මෙවැනි වසංගතයක් ළඟ ළඟම එන බව 2019 වසරේ අග අනාවැකිකරුවන්ට පෙනිය යුතුය. එසේ එවැන්නක් ඔවුන් දුටු බවක් නම් කිසිදු තැනකදී අසන්නට හෝ දකින්නට ලැබුණු බව මතකයට නොනැගේ. එසේ නම් ඔවුන් අනාගතය ගැන ශාස්ත්‍රානුකූලව බලා නැත. බැලුවා නම් මෙවැන්නක් නොදැන සිටීමට ඉඩක් නැත.

මේ අතර පසුගිය වසර පුරාම රූපවාහිනී නාළිකා අරක්ගෙන තිබුණේද මේ කනාවැකි ජ්‍යොතිෂකරුවන්ය. මොවුන් දවස ආරම්භ කරන්නේම සියලුම චැනල්වලට උදේට ඇවිත් දවසේ පලාපල විස්තර ප්‍රකාශ කරමින් එක නාලිකාවක චන්ද්‍රසිරි බණ්ඩාරය. තවත් නාළිකාවක මංජුලා පීරිස්ය. තවත් නාළිකාවක ඉන්දික තොටවත්තය. රේඩියෝ නාළිකාවක සුමනදාස අබේගුණවර්ධනය. නමුත් කොරෝනා මේ නැඹුරුවටත් තිත තිබ්බේය.

මේ සියල්ල සමඟ එකක් නම් පැහැදිලිව කිව හැකිය. ඒ සියලු අනාවැකිකරුවන් අනාගතය දෙස බලා ඇත්තේ තම දේශපාලන කෝණයෙන් මිස ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නොවන බවයි. එනිසාම 2021 වසර උදාවන මොහොතේ පෙර කී සියලු අනාවැකිකරුවන් සැඟවී ඇති ආකාරයක් පෙනෙන්නේය. වැඬේ කෙරෙන තුරු මොන මොනවා හරි කියැවීම විනා මේ බහුතරයක් අනාවැකිකරුවන් කනාවැකිකරුවන්ම මිස සැබෑ අනාවැකිකරුවන් නොවන බව ජනතාව තේරුම් ගෙන හමාරය. ඇතැම් විට මැතිවරණයක් ළංවෙද්දි මේ අය හැංගුණු තැන්වලින් මතුවී වසර මැද මහා පෙරළි ගැන අනාවැකි කියනු ඇත. ජනතාව බුද්ධිමත් විය යුතුය. මන්ද ඔවුන් මේ ගොනාට අන්දන්නේ ඔබය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

‘දළදා මාලිගාව කුඩු කරනවා’: 119ට ඇමතුම් 3ක් ඇවිත්

Next Post

අවුරුදු 5කට පසු කොටස් වෙළෙදපොළෙන් වාර්තාවක්

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.