කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (06) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 7,036.76 ක් ලෙසින් වාර්තා වූ එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 57.90 ක ඉහළ යාමක් වේ.
2015 නොවැම්බර් 24 දිනට පසු ඒකක 7,000 සීමාව කරා සියලු කොටස් මිල දර්ශකය පැමිණි පළමු අවස්ථාව මෙයයි.
2021 වසරේ පළමු ගනුදෙනු දින 3 තුළ දී මේ දක්වා සියලු කොටස් මිල දර්ශකය වසර ආරම්භයට සාපේක්ෂව 3.87%කින් වර්ධනය වී තිබේ.
මේ අතර ඊයේ දින වාර්තාගත රු. බිලියන 7.15 ක පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. මෙහිදී දෛනික පිරිවැටුමෙන් 44% ක පංගුවක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස් ගනුදෙනු හරහා සටහන් වීම තවත් විශේෂත්වයකි.
සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු ලෙසින් රු. බිලියන 2.06 ක හා ගිවිසා ගනු ලැබූ (Crossing) ගනුදෙනු ලෙසින් රු. බිලියන 1.11 ක වටිනාකමකින් යුතු බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් හුවමාරු විය. එසේම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය වෙනුවෙන් 19.73% ක දායකත්වයක් ලබා දීමට ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමත් විය. තවද එම සමාගමේ කොටස් මිලියන 580 ක් අද දින ගනුදෙනු වී තිබුණි.