• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජසිංහ පවුල කෙස්වලින් කළ දළදා පූජාව…

January 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජසිංහ පවුල කෙස්වලින් කළ දළදා පූජාව…
Share on WhatsAppShare on Facebook

හීන් හීතල මන්දාරමක ආදරය විඳින, කන්ද උඩරටට අපි පයගහන්නෙම අමුතු වෙනසකුත් එක්ක. හැමදාකම දැනෙන දේ තමයි නුවර වෙනස් කියන එක. වෙලාවකට නුවර මනමාලයි. තව වෙලාවකට හැඩකාරයි. වෙලාවකට නුවර පින් පාටයි. තව වෙලාවකට නුවර ආඩම්බරකාරයි. ඒකටත් හේතුවක් තියෙනවා.

වෙන කොහේටවත් නැති විදියෙ හැඩයක්, රටාවක්, පාටක් නුවරට තියෙනවා. ලෝකෙම මිනිස්සු නුවර පෙරහර බලන්න එනවා. නුවරටම සින්න වෙච්ච නැටුමක් තියෙනවා නුවරට. චිත්‍ර කලාවක් තියෙනවා. ඒ නිසා නුවර මේ ලෝකෙ තියෙන හැම නගරයකටම වඩා විශේෂයි. හැබැයි මේ හැමදේටම වඩා විශේෂ දෙයක් නුවර තියෙනවා. ඒ තමයි ඓතිහාසික දළදා මාලිගය. මේ ලිපිය ලියන්නෙ අන්න ඒ දෙස්-විදෙස් සුපතල ඓතිහාසික සිද්ධස්ථානය ගැන. මේක ඉතාම සුවිශේෂී හෙළිදරව්වක් නිසා මේ ලිපිය ලියන්න සිදුවෙලා තියෙන්නෙ ඉතාම පරෙස්සමට. ඒකට හේතුව තමයි මොනම හේතුවක් නිසාවත් මේ ඓතිහාසික ස්ථානවල පරෙස්සමට තියලා තියෙන රහස් හෙළිදරව් නොවිය යුතුයි කියන අදහසක අපි ඉන්නවා. හැබැයි තවත් කාරණයක් තියෙනවා මේ වෙලාවෙ සඳහන් කරන්න ඕනෑ. ඒ තමයි මේ තැන්වල තියෙන සමහර සැඟවිය යුතු නැති දේ කවුරු හෝ කෙනෙක් දැන ඉන්නවා නම් හොඳයි. මොකද සමහර ඉතාම ඓතිහාසික කාරණා, රහසක් නොවිය යුතු නම් හෙළි විය යුතුයි. හැබැයි ඒ හෙළිකිරීම නිසා මේ ඓතිහාසික දේවලට කිසිම හානියක් හෝ පාඩුවක් නොවිය යුතුයි. ඒ වගේම මේ කිසිම දෙයක් සාමාන්‍ය පුද්ගලයෙක්ට දකින්න, බලන්න ලැබෙන්නෙ නැහැ කියන සරල සත්‍ය ඔබ සිහිතබා ගන්න. ඒ නිසා මේ ලිපියෙ හැම වචනයකටම අපි වගකියන නමුත් මේ කිසිවක් ඔප්පු කිරීමේ වුවමනාවක්, අවශ්‍යතාවක් නැහැ. ඉතිහාසය කියන්නෙ ඉතාම විචිත්‍රවත් දෙයක්. අපි අනාගතයේ ඉඳන් දකින්නේ ඉතිහාසයේ එක්තරා සාරාංශයක් විතරයි. එහෙන් මෙහෙන් එකතු කරලා වියාගත්ත පුංචි වියමනක්. මේ වියමන මේ තරමට සොඳුරු නම්, අතීතය කොයි තරම් සුන්දරව තියෙන්න ඇත්ද?
ඓතිහාසික දන්ත ධාතූන් වහන්සේ වැඩ වාසය කරන කාමරය කියලා කියන්නේ විශාල ආරක්ෂාවක් සහිත විශාල රහසිගත බවක් සහ අතිශය පූජනීය බවක් ආරක්ෂා කරන ස්ථානයක්. මේ ස්ථානෙට ඇතුල් වෙන්න, මේ ස්ථානයේ තියෙන බඩුබාහිරාදිය පරිහරණය කරන්න බොහෝ විට අවසර ලැබෙන්නේ කිහිප දෙනෙක්ට විතරයි. ඒ කිහිපදෙනාව තෝරාගන්නෙත් අතිශය විශ්වාසනීයත්වය මත.
ඒ වගේම මෙහි කටයුතු සඳහා ඉතාම විශාල වගකීමක් තියෙනවා. දන්ත ධාතූන් වහන්සේට දානමාන පිළිගැන්වීමේ සිට නානුමුර මංගල්‍යය සිදුකිරීම දක්වාම මේ කටයුතු සදහා විශේෂයෙන්ම තෝරාගත් පිරිසක් ඒ වෙනුවෙන් ඇපකැපවෙලා වැඩ කරනවා. මේ ඇපකැප වීම කොයිතරම්ද කියනවනම් එය බොහෝ දෙනෙකුට තමන්ගේ පුද්ගලික ජීවිතයේ උවමනා එපාකම් පවා අතහැරලා දාලා මේ වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ දළදා ධාතූන් වහන්සේ වැඩ වාසය කරන කාමරයේ බොහෝ රාජකාරි සිද්ධ කරන අයට ජීවිතේ අවමංගල්‍යය උත්සව දෙක තුනකට වඩා සහභාගි වෙන්න ලැබිලා නැහැ. හැබැයි ඔවුන් කවුරුත් ඒ වෙනුවෙන් මැසිවිලි කියන්නේ නැහැ.
නමුත් මේ ලිපියේ අරමුණ ඒ වගේ කාරණා මතු කරන එක නෙවෙයි. ඉතාම රහසිගත දෙයක් දළදා වහන්සේ වෙනුවෙන් පූජා කරන්න එක්තරා වෙලාවක ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ උත්සහ කරලා තියෙනවා. ඒ එදා මේ රාජ රාජ මහාමාත්‍යාදීන්ට පවා දළදා ධාතූන් වහන්සේ කෙරෙහි තිබ්බ අතිශය භක්තියට හේතුවක් වෙන්න පුළුවන්. එදා ඒ පූජා කරපු දේ තමයි ඔහුගේම ශරීරයේ කොටසක් දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් කැපකළ යුතුයි කියන අධිෂ්ඨානය මත ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ පූජා කරන්නේ. ඒ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින කාමරය අතුගාන එකට තමන්ගේ ශරීර කොටසක් පූජා කළ යුතුයි කියන තැනට රජ කෙනෙක් පත් වීම අතිශය පුදුමාකාරයි. එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ තමන්ගේ රැවුල සහ කොණ්ඩය කපලා ඒ රැවුලෙන් සහ කොණ්ඩෙන් කොස්සක් හදවන්න තීරණය කරනවා. ඒ සඳහා ගැලපෙන ශිල්පීන් එහෙම හොයාගෙන ගැලපෙන තාලෙ කොස්සක් හදවනවා. අපි සාමාන්‍යයෙන් දන්නෙ කොහුවලින් හදපු කොසු. ඊට පස්සෙ අද වෙන කොට පාවිච්චියට අරගන්නෙ ප්ලාස්ටික් කෙඳි තියෙන කොසු. හැබැයි රජ්ජුරුවො හදවන්නෙ මේ දෙකටම වඩා වෙනස් කොස්සක්. හදවනා කොස්සෙ අතුගෑවෙන කොටසට දාන්නෙ රජ්ජුරුවන්ගෙම රැවුළෙන් සහ කොණ්ඩෙන් කපා ගත්ත කොටස්. මේ කොස්ස හදවලා රාජසිංහ රජ්ජුරුවෝ කරන්නේ ඒක විශේෂයෙන් දන්ත ධාතූන් වහන්සේට පූජා කරනවා. එහෙම පූජා කරන්නේ එදා සිට මේ දක්වා දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින කාමරය අතුගාන්න තැනට තමන්ගේ රැවුල සහ කොණ්ඩය පූජා කළ යුතුයි කියලා හිතලා කියලයි ඉතිහාසයේ ඉතාම සුළු පිරිසක් පමණක් දන්නා රහසක් විදිහට මතු වෙලා එන්නේ.
එදා ඒ විදියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ තමන්ගේ රැවුලයි, කොණ්ඩෙයි කපලා පූජා කරපු කොස්ස අදත් දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් ඒ කාමරයේ තියෙනවා. එදා ඒ පූජා කරපු කාලයේ සිට බොහෝ කාලයක් තිස්සේ මේ කාමරය අතුපතුගෑම සඳහා පාවිච්චි කරලා තියෙන්නේ මේ රාජසිංහ රජ්ජුරුවන්ගේ රැවුල සහ කොණ්ඩය පාවිච්චි කරලා හදපු කොස්ස. හැබැයි මේ කොස්ස විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්න උවමනා නිසා අද වෙනකොට තීරණයක් අරන් තියෙනවා මේ කොස්ස කාමරය අතුගෑම සදහා පාවිච්චි නොකර ඉන්න. එහෙම පාවිච්චි නොකරත් අදත් මේ රැවුල සහ කොණ්ඩය කපලා හදපු කොස්ස දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් කැපවෙලා දන්ත ධාතූන් වහන්සේගේ කාමරයේ තියෙනවා.
ඒ වගේම එදා රාජසිංහ රජ්ජුරුවන්ගේ බිසව තමන්ගේ හිසකේ කපලා ඒකෙන් මාලයක් හදලා රනින් රුවනින් හැඩවැඩ කරලා දන්ත ධාතූන් වහන්සේට පූජා කරලා තියෙනවා. ඒ පූජා කරපු මාලයත් අදත් දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් ඒ කාමරයේ කරඬුව සහිත කොටසේ වෙන් වෙලා තියෙනවා.
මේ විදියට එදා රජවරුන් විසින් පූජා කරපු අතිශය රහසිගත දේවල් අදත් දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් මේ කාමරයේ ආරක්ෂා වෙලා තියෙනවා. ඒ ආරක්ෂා වෙලා තියෙන්නේ පරම්පරා ගාණක් තිස්සේ තමන්ගේ දිවිහිමියෙන් මේ රහස් රැකගත්ත නිසා. අපි පුවත්පතක් විදියට මේ රහස ජාතියට ප්‍රථම වතාවට හෙළිදරව් කරන්නේ කිසිම විදියකින් මේ ගෞරවයට, අභිමානයට හානියක් කරන්න නෙවෙයි. මේ අතිශය ගෞරවනීය බව ඒ විදියටම ආරක්ෂා වෙලා මේ පූජනීය බව ඒ විදියටම පරෙස්සම් වෙලා මේ රහස් අද වෙනකොට එකින් එක රටට එළිවුණාට ප්‍රශ්නයක් නැහැ කියන අදහස ඇතුවයි අපි මේ කාරණාව කරන්නේ. ඒකට හේතුව තමයි එදා රජවරු දන්ත ධාතූන් වහන්සේට කරපු ගෞරවය සහ ඉතිහාසය පුරා කෲර රජෙක් විදියට අපි චෝදනා කරන රාජසිංහ රජ්ජුරුවෝ කොච්චර බැතිමතෙක්ද කියන එකත් රටට හෙළි කරන්න අවශ්‍ය නිසයි.
ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නාවික නිලධාරීන්ට ගුරුවරුන් විදිහට වැඩකරන්න අනුමැතියක් දී නෑ -අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තුවට කියයි

Next Post

භූමදානයට ඉඩදෙන්න: කොටුවේ ප‌ොඩි හාමුදුරුවන්ගෙන්-ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.