• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

රැල්ල බිඳන සුළඟ මැදින් බත්තලන්ගුණ්ඩුවට

September 17, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

බත්තලන්ගුණ්ඩුව පිහිටා තියෙන්නේ ලංකාවට වයඹ දිගින් වූ මුහුදේ. සිතියම් අධ්‍යයනයකින් හොඳින් බැලුවොත් පෙනේවි එහි දූපත් 15ක් තියෙනවා. එයින් උච්චිමුනේ සහ මොහොන්තුවාරම දූපත්වලට පස්සෙ තිබෙන සුන්දර ලොකුම දූපත තමයි බත්තලන්ගුණ්ඩුව කියන්නේ. ඒ වගේම මේ දුපත් ටිකෙන් ලක් පොළොවෙන් දුරින්ම, ඒ කියන්නේ කිලෝමීටර 25ක් පමණ ඈතින් පිහිටා තියෙන්නෙත් බත්තලන්ගුණ්ඩුව දූපතමයි. මෙවර ‘ඇවිදිමු ලංකා’ අපගේ සංචාරය මේ දූපතටයි. මේ සංචාරය අපි යන්න හිතුව දවසේ ඉඳන්ම අපට නොයෙකුත් කතා අහන්න ලැබුණා. මේ දූපතේ සිද්ධවෙන නොයෙකුත් දූෂණ, වංචා සහ සංචාරකයන්ට එහි වැසියන් කරන හිරිහැර, මුහුදු ගමනේදී සිදුවන අනතුරු එකින් එක කියන්න ගත්තේ දූපතේ සංචාරය නොකළ, ඒ මායිමකට හෝ නොගිය පුද්ගලයන්.

කොහොම හරි මේ ගමන යන්න පහළොස් දෙනකු ලෑස්ති වුණත් දූපත ගැන තිබෙන බිය නිසාවෙන්දෝ සාමාජිකයන් එකින් එක ගමනට සහභාගි වන එක මඟහැරියා. කොළඹ ඉඳන් කල්පිටිය ජැටිය වෙනකම් යන්න වෑන් එකක් ලෑස්ති කරගත්තත් ඒ ඔක්කොම නවත්තලා දාන්න සිද්ධ වුණේ ගමනට පස් දෙනකුවත් නැති හින්දා. කොහොම වුණත් මේ ගමන මට තනියම හරි යන්න ආසාව උවමනාව නම් තිබ්බා. එන කට්ටියට එන්න කියල මම මේ ගමන යන්න ලෑස්ති වෙලා ඕනෙම කරන බඩු ටිකක් විතර අරන් කොළඹ කොටුවට ආවේ බස් එකේ හරි මේ ගමන යන්න හිතාගෙන. මාත් එක්කම සමීර මල්ලි සහ නුවර සමන් අයියත් ඕනෙ දෙයක් වෙයිනේ මල්ලි කියාගෙන අපිත් එක්ක එකතු වුණා. රත්මලානේ දිනේෂ් අයියත් එන්න වැඩි කැමැත්තක් තිබ්බේ නැති වුණත් බස් එක කල්පිටි යන්න ඔන්න මෙන්න කියල තීයෙද්දි කොළඹට ආවා. දැන් අපි හතර දෙනෙක් ඉන්නවා. ඒ වුණත් කියපු අහපු දේවල් එක්ක පොඩි බයකුත් නොතිබ්බාම නෙවෙයි.

කොළඹ ඉඳන් කෙළින්ම කල්පිටිය ජැටියටම යන්න ලංගම බස් තිබුණත් ඒ බස් ගමන් අරඹන්න උදේ පහ හමාර විතර වෙනවා. අපට ඒ වෙනකම් ඉන්න බැරි නිසා වව්නියා බස් එකේ නැඟල පැය හතර හමාරකට පස්සෙ කල්පිටියට හැරෙන හන්දිය වන පලෙවි හන්දියෙන් බැස්සා. කොළඹ ඉඳන් පලෙවි හන්දියට එන්න ඕනෙ තරම් බස් තිබ්බත්, පලෙවි හන්දියෙ ඉඳන් කල්පිටිය ජැටියටම යන්න බස් අඩුයි. දවල් වෙනකොට නම් විනාඩි දහයෙන් දහයට බස් තියෙනවා. පලෙවි හන්දියෙන් බැහැල ඒ ළඟ තියෙන කඩයකින් බස් එන වෙලාව ඇහුවාම ඒ අය හරියටම බස් එන වෙලාව කියනවා. උදේටත් කෑම කඩ දෙක තුනක්ම විවෘතයි.

කොහොම හරි පැය භාගයක් විතර යනකොට බස් එකක් ආවත් බස් එකටම හිටියෙ දහදෙනෙක් විතර වගේ. පලෙවි හන්දියෙ ඉඳන් කල්පිටිය ජැටියට යන්න පැයක් විතර යනවා. ඒ යනකොට ඉතින් සෆාරියක් යනව වගේ තමයි. අධික වේගයෙන් තනි කෙළින් තියෙන පාරේ යන විට රියැදුරු මහතාට මාර්ගයේ සමහර තැන්වල තිබෙන ගැටි අමතක වෙනවා. එතකොට නම් අඩ නින්දේ ඉන්න අපි උඩ වීසිවෙනවා.

කල්පිටිය නගරය කිසිදු සංවර්ධනයකට ලක්වී නැති තරම්. එහි තිබෙන ඇතැම් වෙළෙඳසල් ඉතාමත් පැරැණි ඒවා. මාර්ගද අබලන්. හැම විටෙකම දුහුවිලිවලින් පිරුණු නගරය කලබලයි. මුස්ලිම්වරුන් බහුලව සිටින නගරයේ වෙළෙඳසල්වල කරවල වෙළෙඳාම මුල් තැනක් ගෙන ඇත. එහේ මෙහේ දුවන වෙළෙඳුන්, පාරිභෝගිකයන්, නගරවැසියන් තවමත් හරිහැටි උදෑසන නොවුණත් කලබලවී ඇත්තේ ඇයි දැයි සොයා බැලීමේදී පෙනුණේ කලින්දා නෙළාගත් මුහුදු මාළු අස්වැන්න අලෙවිය සඳහා අගනුවරට යැවීමට ගන්නා උත්සාහයයි. මෙහි ප්‍රධාන ජීවනෝපායන් වන්නේ මුහුදු මාළු සහ කරවල වෙළෙඳාමයි. දුම්කොළ වගාවද මෙහි දක්නට ලැබෙනවා.

ජැටිය ළඟම තියෙන වයලට් අක්කාගෙ කඩෙන් උදේට කෑමත් කාලා වතුර ලීටර් දහයක් ගත්තේ දූපතේ කිසිදු තැනක බොන්න තරම් හොඳ වතුර නැති බව දැනගත්තට පස්සේ.කල්පිටිය ජැටියෙ ඉඳන් බත්තලන්ගුණ්ඩුව දූපතට යන්න මගී ප්‍රවාහන බෝට්ටු දෙකක් ක්‍රියාත්මක වෙනවා. සතියේ දිනවලදී පෙරවරු අටයි තිහට සාමාන්‍ය මගී ප්‍රවාහන බෝට්ටු ආරම්භ වෙනවා. පැය තුන හමාරක, ජීවිතයට අමතක නොවන සුන්දර මුහුදු අත්දැකීමක් වෙනුවෙන් ඔබට එක් වාරයක් සඳහා එක් අයකුගෙන් රුපියල් තුන්සිය පනහක මුදලක් වැයවේ. පහසුකම් අවම බෝට්ටු තුළ ඉඳගැනීමට හෝ පහසුකම් නොමැත. ඔබට අවශ්‍ය නම් සුඛෝපභෝගී මගී ප්‍රවාහන බෝට්ටු කලින් වෙන්කරගත හැකියි. නමුත් එය මිල අධිකයි.
මේ ගමනේදී ඔබට අවශ්‍ය සියලුම දේ කල්පිටිය නගරයෙන්ම රැගෙන යා යුතුය. දූපත තුළ කඩ සාප්පු හා හෝටල් නොමැත. අපි දූපතට ගොඩවන විට එයද කල්පිටිය නගරය සේම කාර්යබහුලයි. සෑම තැනකම රාත්‍රියේ මුහුදු ගොස් පැමිණි බෝට්ටු සීයක් දෙසීයක් පමණ වෙරළට පැමිණ එකම කාලගෝට්ටියකි. කාන්තාවන් ලහි ලහියේම දැල්වල සිරවී සිටින මසුන් ගලවා කූඩ තුළට දමයි. මේ වාරකන් කාලයයි. නමුත් මාළු අස්වැන්න සරුය. කුඩා මාළු වාරකන් කාලෙට වුවද බත්තලන්ගුණ්ඩුව ආශ්‍රිත මුහුදෙන් සුලබව හසුවේ. නැඟෙනහිර හා දකුණේ ධීවරයන් මෙම කාලවලදී බත්තලන්ගුණ්ඩුව දෙසට රැකියාව පිණිස තාවකාලිකව පැමිණෙයි.

දූපතේ නිවාස තහඩුවලින් වටකර පොල්අතු සෙවිලි කළ අඩි අටකට දහයකට වඩා උස් නොවූ ඒවාය. සෑම නිවෙසකම මිදුලෙහි කරවල වේළීමට දමා ඇත. මෙහි ස්ථිර පදිංචි වැසියන් පවුල් හැත්තෑවක් පමණ වුවත් ස්ථිර නොවූ ජනගහනය අටසියයක් පමණ සිටිති. දූපතේ රජයේ ආයතන ලෙස එක් පාසලක් සහ පොලිස් මුරපොළක් පමණක් ඇත. විදුලිය හා යටිතල පහසුකම්ද නොමැත. දූපතේ වැසියන් තම ජල අවශ්‍යතාව වෙනුවෙන් කිලෝමීටර දහයක් පමණ ගොස්, හාරාගන්නා දිය වළකින් ජලය ලබාගෙන පෙරා ගනියි. අන්ත දුක්ඛිත තත්ත්වයක් යටතේ වුවද ඔවුහු සතුටින් සමගියෙන් සිටිති. දූපතේ සියලු වැසියන් කතෝලික බැතිමතුන්ය. ඔවුන් කතෝලික පල්ලියක් අලංකාර ලෙස ඉදිකරගෙන තිබේ. වාර්ෂිකව ශාන්ත අන්තෝනි මුනිතුමා වෙනුවෙන් දූපත් මංගල්‍ය ලෙස මෙහි උත්සවයක් සංවිධාන කෙරේ. මෙම මස පහළොස් වැනි දින එය උත්සවාකාරයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

අපි හතරදෙනාම පැය තුන හතරක්ම දූපතේ ඇවිද ගියෙමු. කිසිදු කරදරයක් බලපෑමක් නොමැත. සියලුම වැසියන් හොඳින් කතාබස් කර අපගේ ආගිය තොරතුරු විමසීය. විටෙක අපගේ මාළු අවශ්‍යතාව වෙනුවෙන් ඔහුන් මුදල් පවා නොගත්තේය. මෙහිදී විශේෂයෙන් පොලිස් මුරපොළෙහි නිලධාරීන් දැක්වූ සහයෝගය සිහිපත් කළ යුතුමය. අවශ්‍ය තොරතුරු හා දූපතේ යා හැකි තැන් පවසා, අපගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් මුරපොළ තුළ වුවද ආහාර පිසගන්නැයිද ඔවුන් අපට උපදෙස් දුන්නේය. අප කූඩාරම් ගෙනගිය නිසාත් අපහට වෙරළෙහිම කූඩාරම් අටවා එම අත්දැකීම ලබාගැනීමට අවශ්‍ය නිසාත් අප එය ස්තුතිපූර්වකව බැහැර කර කඳවුරු භූමියක් සොයා ගියෙමු. එල්.ටී.ටී.ඊ. යුද සමයේදී මෙම දූපත් ඉතාමත් අනාරක්ෂිත ස්ථාන ලෙස පැවැත ඇත. එකල ඔවුන්ගේ තිප්පොළක් ලෙස මේ දූපත භාවිත කර ඇත. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ගෙන එන මත්ද්‍රව්‍ය හුවමාරු ස්ථානයක් ලෙසටද දූපත යොදාගෙන ඇත. දැන් ඒ සියලු අයථා ක්‍රියා අවසන්ව තිබේ.

කර්කශ පොළොවේ ඇත්තේ කටු සහිත ගස් හා තෘණය. කිසිදු ජීවියකු මෙහි දක්නට නැත. සුළං සැඩ නිසා වෙරළ අසලම කූඩාරම් අටවාගැනීමට නොහැකිය.
කෙසේ හෝ පැයක් පමණ ඇවිද කූඩාරම් ගැසීමට ඉතා පහසු හා සුදුසුම ස්ථානයක් අප සොයාගත්තෙමු. මෙය නම් කඳවුරක් සඳහා දූපතේ ඇති එකම ස්ථානයයි. පොලිස් මුරපොළේ සිට කිලෝමීටර දෙකක් පමණ පසුපසට වන්නට මෙම ස්ථානය පිහිටා තිබේ. දං ගස් වැනි ගස් වර්ගයකින් සෙවණ ලද කුඩා පිට්ටනියක් වැනි මෙම තැන කදිමය.
අපි අපේ කුඩාරම් එතැන සකස් කර රාත්‍රී ආහාර සූදානම් කරගත්තා. ඩෙල්ෆ්ට් සංචාරයෙදී සිදුවුණා සේ දූපතට මාස ගණනකින් පසු වැස්ස වැටෙන්නට පටන්ගත්තා. අපි හැමෝටම පුදුමයි.
බත්තලන්ගුණ්ඩුව දූපතේ වෙරළක ඉර බැසයන හැන්දෑවක ඉන්නට පින් කළ යුතුය. එය සැබැවින්ම සුන්දර අත්දැකීමකි. ජීවිතයේ ඇති සියලු ප්‍රශ්න දුක් සැණෙකින් අමතකවී මේ ලොවෙහි අප පමණක් ජීවත් වන බව හැඟේ. මුහුද රළුය. හෝගානා ශබ්දය අඩුය. පෙණ නඟමින් රළ වෙරළ සියුම්ව සිඹියි. කකුළුවන් ඒ මේ අත යමින් දවසේ අන්තිම හොරාවේද තම ජීවිතය කපුටන්ගෙන් හා වෙනත් පක්ෂීන්ගෙන් රැක ගැනීමට වෙර දරයි. ‘මෙලොවෙහි වාසනාවන්තම දෑස් සංචාරකයන් සතුය’ යන කියමන සැබෑවක්මය. ඔබ මෙය විඳිය යුතුමය. ඒ අත්දැකීම අකුරු කළ නොහැකි තරම්ය.
බොහෝ වේලාවක් මුහුදේ නෑම නිසා දෑස් රතු වී ඇත. අප යළිත් කූඩාරම්වලට යනවිට අපට සිද්ද වෙන්න ඕනේ ලොකුම කරදරය වෙලා. පසුදින උදේට කන්න තිබ්බ නූඞ්ලස් පැකට් ටිකයි, බිත්තර, කිරි පැකට්, කෝපි අසුරා තිබූ මල්ල කපුටන් සහ බල්ලන් විනාශ කර දමල. නමුත් රෑ කෑම ටික පමණක් ආරක්ෂා වෙලා. දැඩි කුසගින්නත් එක්කම රෑ කෑම කාලා අපි නිදාගත්තා. නින්දේ ප්‍රබලතාව ගැන කියනවා නම් මුහුදු රළ අපේ කූඩාරම් තුළට ඇවිත්. මහා වැස්සක්ද කඩාවැටී ඇත. ඒත් අප කිසිදු දෙයක් ගැන දැනුවත් වුණේ නැත. උදේම අවදිව අපේ බඩු බාහිරාදිය අස්පස් කර දූපතට තිබෙන එකම පෙට්ටි කඩෙන් රෝල්ස් කා තේ බී දහවල් එකට කල්පිටිය බලා යන බෝට්ටුවට නැඟුණේ ජීවිතයට තවත් නවමු අත්දැකීම් ගොන්නක් එකතු කරන්.

ඉතින් ඔබත් යන්න මේ සුන්දර අත්දැකීම විඳගන්න බත්තලන්ගුණ්ඩුවට. ඔබ එහි යන්නේ නම් එහි ධීවර ගම්මානයේ ජීවත්වන අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයට අවැසි පොතක්, පෑනක්, පැන්සලක් ගෙන ගොස්දී ඒ මිනිසුන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරන්නට හැකි නම් ඔබ සැබැවින්ම විශිෂ්ට පුද්ගලයකු වනු ඇත.
ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

රනිල්ගෙන් තවත් වාර්තාවක්

Next Post

ජීවිතය ගැන සිහිනයෙන් අනාවැකියක්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.