රට විවෘත කිරීමෙන් පසු ලංකාවට ආ යුක්රේන සංචාරක කණ්ඩායමේ සිටි තවත් තුන් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඒ අනුව මේ වනවිට කණ්ඩායමේ 6 දෙනකුට කොරෝනා වැළදී ඇති බව තහවුරු වී ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අනියත බියත් ඇති කර නොගන්නා ලෙසත්, මෙම ආසාදිතයන් හෝටල් පරිශ්‍ර තුළම වෙන් කොට තබා ඇති බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.










