අද පාර්ලිමේන්තුවේ (30) පැවැති පක්ෂ නායක රැස්වීම සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හෝ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සහභාගී වී නොමැති බව වාර්තා වේ.
ඒ අනුව පක්ෂ නායක රැස්වීම පවත්වා ඇත්තේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම සාකච්ජාවට දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, අලි සබ්‍රි, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් අතුලු පිරිසක් සහභාගී වී තිබේ.
කෙසේවෙතත් කතානායකවරයා හෝ නියෝජ්‍ය කතානායකවරයා සහභාගී නොවීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් හෝ මෙහිදී සිදුව නැති බවද දැනගන්නට ඇත.
මෙහිදී 05 වැනිදා පැවැත්වීමට නියමිත නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම පිළිබදව සාකච්ජා වී ඇත.










