• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කෝටි ගණන් සල්ලි හොයන මැෂිමට බය රන්බීර්

December 27, 2020
in Heart
Reading Time: 2 mins read
A A
කෝටි ගණන් සල්ලි හොයන මැෂිමට බය රන්බීර්
Share on WhatsAppShare on Facebook

සමස්තයක්ව ගත් කළ උතුරු ඉන්දියානු සුපිරි තාරකාවන් තම පෙම් පලහිලව් ගැන ප්‍රසිද්ධියේ කිරීමට අකැමැත්තක් දක්වන්නෝ වෙති.
එම අකැමැත්ත තුළ සමහර විටෙක ‘නළු තරුව’ සිටින අතර, තවත් විටෙක ‘නිළි තරුව’ද සිටින අවස්ථාවන් වෙයි.
පසුගිය සතියක ටයිගර් ශෙරොෆ් සමඟ ඉතා සමීපව ඉන්දීය ගුවන් තොටුපොළෙහි ඇවිද යමින් සිටි දිශා පටානි ඔවුන්ගේ සේයාරූ පෙළක් ගත් ‘ඉන්ඩියන් ටුඬේ’ පුවත් පතෙහි කැමරා ශිල්පියාට හැරෙන තැපෑලෙන් දුරකතන ඇමැතුමක් දී කියා තිබුණේ තමාගෙත්, ටයිගර්ගේත් පමණට වඩා වූ සමීප රූප පුවත්පතෙහි පළ නොකරන්නැයි කියාය.
විවාහ ගිවිස ගැනීමට ඔන්න මෙන්න වාගේ සිටින ආලියා බාට්ද එවැනිම නිළි තරුවකි. කිසිවිටෙකවත් කොතැනකදීවත් තම පෙම ගැන හෝ විවාහය ගැන ප්‍රසිද්ධියේ කතා නොකරන්නට පරෙස්සම් වන්නියකි.
සුපිරි නළු රන්බීර් කපූර් නිතර ආලියා ගැන කතා කළද, ආලියා එලෙස රන්බීර් ගැන කතා කරන අවස්ථා ඉතා අවමය. ‘කොෆි විත් කරන්’ වැඩසටහනේදී රන්බීර් ආලියා සහ ආලියා සමඟ තමාගේ තිබෙන පෙම ගැන බොහෝ මිහිරි කතා කීයේ කරන්ගේ උසීගැන්වීම මතය. ප්‍රසිද්ධ ඕපාදූපකාරයකු වූ කරන් ‘කොෆි විත් කරන්’ වැඩසටහන මුළු ඉන්දියාවේ අංක එකේ විශේෂාංගයක් කළේද ඔහුගේ ඒ රසින් පිරුණු ඕපාදූප ස්වභාවය නිසාමය.
එහෙත්..,
එදින රාත්‍රියේම රන්බීර්ට දුරකතන ඇමැතුමක් දුන් ආලියා ඔහුට නොසෑහෙන්න දොස් කියා තිබුණේ ඔහුගේ පමණට වඩා කියැවීම කමකට නැති බවකි. කරන් ජොහාර්ගේ පාලනයක් නැති ඕපාදූප පිපාසයට රන්බීර් තමා සහ ඔහුගේ සමීප ඇසුර රසවත් ෆලුඩා එකක් කොට දුන් ආකාරය ඉතාම අශෝභන යැයි යන්න ආලියා තම වැඩිමල් සහෝදරිය පූජා බාට් හමුවේද කියා තිබිණි.
‘ඔබත් – ඇයත් අතර තිබෙන පෙම් පලහිලව්ව ආලියා මාධ්‍යයට වසන් කරන්නේ ඇයිදැයි…’
යනුවෙන් මාධ්‍යවේදියකු රන්බීර්ගෙන් අසා තිබූ මොහොතක රන්බීර් කියා තිබුණේ,
‘එය මගෙන් නොව, ආලියාගෙන්ම අසන්නැයි…’
කියාය.
රන්බීර් එහෙම කියා ඇඟ බේරා ගත්තේ ආලියා බාට්ට තියෙන බය නිසාද..?
එහෙම බයක්ද රන්බීර් ආලියාට ඇතැයි සිතන්නට බැරිය. එයට හේතුව වන්නේ රන්බීර් පසුගිය දිනෙක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ‘රජිව් මසන්ඞ්’ නම් නිවේදකයා සමඟ නැවැතත් ආලියා බාට් ගැන නන්දොඩවීමය. කට පරෙස්සම් කරගන්නැයි ආලියා කොතෙක් කීවද රන්බීර් නැවැතත් නවතම ආකාරයට තම ප්‍රේම පුරාණය ගැන රියැලිටි වැඩසටහනකදී පුරාජේරු කීවේය.
‘ආලියා ගැන තවමත් යමක් නොකියන්නේ, ඈ ඔබට දෙහි කපාවි දැයි බය නිසාද?’
රජිව් මසන්ඩ කතාබහ අතරතුරදී රන්බීර්ගෙන් ඇසුවේය.
එයට පිළිතුරු ලෙස, හරි අපූරු සිනාවක්ද රන්බීර්,
‘මම බලා සිටියේ ඔබ මට තල්ලුවක් දෙනතුරුයි. දැන් ඒ තල්ලුව ලැබුණා… කියන්න මොනවද ඔබට දැනගන්නට ඕනෑ…’
යනුවෙන් කීයේය.
ඔබ දෙදෙනාගේ විවාහය තීන්දුවී ඇතැයි දැනගන්නට ලැබුණා.’
ඒ රජීව් මසන්ඞ් ආලියා බාට් සම්බන්ධව ඇසූ පළමු ප්‍රශ්නය විය.
‘ඔව්… එයට දින නියමකර ගැනීමට ආසන්නව තිබුණා. ‘කොවිඞ්-19’ අගුළු දැමීම නොතිබ්බා නම් මේ අවස්ථාවේ මමත් ආලියාත් සීතලට හිම වැටෙන ලස්සන රටක මධුසමය ගතකරන්නට තිබුණා.
රජිව් මසන්ඞ්ගේ ඕපාදූප තල්ලුව හරහා රන්බීර් දුන් පළමු උත්තරය එය විය.
ඒ ආරම්භය හරහා රන්බීර් ආලියා ගැන තව තව බොහෝදෑ දොඩවන්නට ගත්තේ කටට බ්‍රේක් එකක්වත් නොදෙමිනි.
ඔබ දන්නවාද මන්දා, ආලියා කියන්නේ පිරිමියකුට ලබන්නට පින තිබිය යුතු කෙල්ලක්… ඈ සිටින තැන ගිනිගහන කාන්තාරයක් වුවද, සීතල වෙනවා.
‘ඇයත් – මමත් පෙම් කරන මුල් අවදියේ මගේ තාත්තා මට කිව්වා… විවාහය සඳහා කෙල්ලක තෝරා ගැනීම ප්‍රේම කිරීම සඳහා කෙල්ලක තෝරා ගැනීම තරම් සරල නැහැ කියා.’
ඔහු එහෙම කීයේ, මමත්, ආලියත් අතර ඇති වූ පුංචි රණ්ඩුවකට මම මගේ දුරකතනය විසන්ධිකර ගෙන සිටි අවස්ථාවකයි.
සමහර විට මමද නැවතිල්ලෙ හිතා බලනවා. අපි දෙන්න හරියටම මැචින්ද කියා. අද මම ඔබ සමඟ හැමදෙනාටම ඇහෙන්නට කියනවා.., මට ගැළපෙන අපූරුම බිරිය ආලියා බාට් කියලා…’
එහෙම පවසන විට රන්බීර්ගේ තරුණ දෙනෙත මත පිරිසුදු පෙමක දයාවන්ත කඳුළක් මෝදුව තිබෙනු තමා දුටු බව රජිව් මසන්ඞ් ප්‍රකාශ කර තිබුණේය.
‘ඔබ ඈ ගැන බොහෝ හැඟීම්බර බවයි පෙනෙන්නේ…’
රජිව් මසන්ඞ් මද සිනහවකින් ඇසුවේය.
ආලියා මට ශ්‍රියාකාන්තාවක් වාගේ. ඇය ඉස්සරහා මම පුංචිම පුංචි තිතක් විතරයි..,
‘ආලියා වටා චිත්‍රපට නිෂ්පාදකවරුන් වටවී සිටින විට මම ආඩම්බර වන්නේ ඇය කෝටි ගණන් මුදල් උපයා දෙන යන්ත්‍රයක් නිසාම නෙවෙයි, ඇගේ අති දක්‍ෂ රංගනයට ඔවුන් වශීකෘතව සිටීම මට මහා සතුටක් වන නිසයි.
විටෙක මම ආලියා හමුවේ පුංචි කිරි දරුවෙක් වාගේ. ඈ මා ගැන, මගේ කෑම – බීම ගැන, ඇඳුම් – පැලැඳුම් ගැන හරියට වෙහෙසවෙනවා.
ඇතැම් විට මගේ යහළුවන් කියනවා ආලියා ටිකක් සැරපරුෂයි නේදැයි කියා. හැබැයි ඇගේ ඒ සැරපරුෂ බව මට විශාල ආශිර්වාදයක් වුණාය කිව්වොත් හරියටම හරි.
අවසාන වශයනේ ආලියා බාට් නම් අපූරු කෙල්ල ගැන යමක් කියනවා නම්…
මම ඇයට ගොඩාක් ආදරෙයි. ගිටාරයේ තත් වයන විට මම ඇගේ ආදරය සිහියට නඟාගන්නා අවස්ථාවල ඉතාම ලස්සනට මා වෙතින් එය වාදනය වන්නේ ඉබේටමයි…’
අප ළඟදීම විවාහ වෙනවා… ආලියා සම්බන්ධ වන මගේ ජීවිතය ඉතාම සුන්දර, අලංකාර ඉසව්වක් වන බව මට විශ්වාසයි.
මම කතා කළා වැඩිද මන්දා…,
අවසානයේ රන්බීර් රජිව් මසන්ඞ්ගෙන් ඇසුවේය.
නැහැ… ඔබ හරි අපූරු කෙනෙක්… ඔය තරම් ගෞරවනීය ලෙස කිසිවකු තම අනාගත සහකාරිය ගැන කතා කරනවා මම අහලා නැහැ. ඔබටත්, ආලියාටත් මම සුබපතනවා…,
රජිව් මසන්ඞ් එහෙම කීවේය.
රියැලිටි වැඩසටහන එතැනින් නිමවිය.
ආලියා නැවැතත්,
‘ඔබේ කට කිසිම කමකට නැතැයි කියා රන්බීර්ට දොස් කිව්වාද..?’
එහෙම ආරංචියක් නම් තවම නැත…
ආලියාගෙන් කෙටි පණිවුඩයක් නම් ලැබුණු වගට රන්බීර්ගේ ජංගම දුරකතනය විසින් සාක්‍ෂියක් එක්කර තිබිණි.
ගිටාරය වයමින් ගීතයක් මුමුණන ඔබ දෙස නිහඬව බලා සිටින මොහොතක් අපේක්‍ෂා කරමි… ඉක්මනට හමුවෙමු…,
එහි සඳහන්ව තිබුණේ එහෙමය…,
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නගින ඩොලරය බස්සගන්න ආණ්ඩුව ඩොලර් පොම්ප කරන්න යයි

Next Post

නෙස්ලේ දේශීය නවෝත්පාදන බලගන්වයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.