• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට ලොකු ආශාවක් තිබ්බ රන්ජන් එක්ක නටන්න

December 26, 2020
in Heart
Reading Time: 3 mins read
A A
මට ලොකු ආශාවක් තිබ්බ රන්ජන් එක්ක නටන්න
Share on WhatsAppShare on Facebook

අම්ම නැති හින්දා හිතට දුකක් දැනුණා…

කවිෂා කාවින්ද ගැන ගොඩදෙනෙක් දන්නේ නැතුව ඇති. ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධනගේ ආදරණීය දියණිය. කවිෂා ළමා කාලයේ ඉඳලා හැදුණෙ, වැඩුණෙ ඇමෙරිකාවේ. ඇය සත්සමුදුරෙන් එපිට ජීවත් වුණත් ඇය පසුගියදා ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ෂෙහාන් ජයසූරිය සමඟ විවාහ වුණා. කාලෙකට පස්සේ ලංකාවට ආපු කවිෂාගේ දිවිපෙවෙත ගැන අප කතාබහ කළා.
කවිෂා සුබ මංගලම්?
ගොඩාක් ස්තුතියි අයියේ.
ඉතින් කොහොමද අලුත් ජීවිතේ?

සතුටින්… සතුටින්… තවම ඉතින් අලුත් ජීවිතය පටන්ගත්තා විතරනේ.
මේ කොරෝනා වසංගතයත් එක්ක විවාහ මංගල්‍ය කල් දාන්න හිතුවේ නැත්තේ ඇයි?
පසුගිය ජූලිවල තමයි වෙඩින් එක ගන්න සැලැසුම් කළේ. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ මම ලංකාවට ආවේ. ඒත් අපිට ජූලි මාසයේ වෙඩින් එක ගන්න බැරි වුණා. ආපසු අපි තීරණය කළා දෙසැම්බර් මාසයේ ගන්න. එහෙම හිතලා පසුගිය දහඅටවැනිදා අපේ විවාහ මංගල්‍යයේ කටයුතු සිදුවුණා.
ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ දුවක් වන ඔබ තරු පිරිවරාගෙන රාජකීය මංගල සාදයක් ගන්න නේද අදහස තිබුණේ?
කලා ක්‍ෂේත්‍රයේ දන්න කියන හැමෝටම ආරාධනා කරලා විවාහ මංගල්‍ය ලස්සනට කරන්න ආශාවක් තිබුණා. ඒත් ඉතින් සෞඛ්‍ය නීති-රීති අනුව වැඩි දෙනෙක් අපේ සාදයට සම්බන්ධ කරගත්තේ නැහැ. අපේ අම්මා ළඟින්ම ඇසුරු කළ මම දන්න කියන අයට තමයි ආරාධනා කළේ.
විවාහ මංගල්‍යයට අම්මා නැති අඩුව තදින්ම දැනෙන්න ඇති?
හිතට දුකක් දැනුණා. ඒත් කොරෝනා වසංගතය නිසා මවුපියන්ට ඒමට බැරි වුණා. සාදයට ආපු හැමෝමත් අම්මාගේ සුවදුක් ගැන විමසුවා. අම්මා දුරක හිටියත් අන්තර්ජාලය ඔස්සේ අපි සමඟ සම්බන්ධ වෙලා හිටියේ. අපේ විවාහ මංගල්‍යයේ තවත් විශේෂත්වයක් තමයි මගේ දෙවැනි අම්මාවරු, පියවරු තමයි ඇවිල්ලා හිටියේ. ජීවන් කුමාරතුංග, ශෙරිල් කුමාරතුංග ඒ ආදරණීය අම්මයි, තාත්තයි තමයි මගේ මංගල ඡායාරූපවල මගේ මවුපියන් විදියට පෙනී සිටියේ. මට වගේම ඒ තනිකම ෂෙහාන්ටත් දැනෙන්නට ඇති ඇමෙරිකාවට ගිහින් විවාහය ලියාපදිංචි කරන කොට. ඒ මොහොතේ ඔහුගේ කවුරුවත් හිටියේ නැහැ.
ඔබ දෙදෙනාගේ ආදර කතාවේ මුල ෆේස්බුක් නේද?
ඔව්… අපි දෙදෙනා දැන හඳුනන්නේ ෆේස්බුක් හරහා තමයි. ඉතින් අපි අවුරුදු පහක් විතර ආශ්‍රය කරලා තමයි කසාද බඳිමු කියලා තීරණය කළේ. ෂෙහාන් ඇමෙරිකාවට ආවා මාව බලන්න. එවිට තමයි දැනගත්තේ මම ඩිලානි අබේවර්ධනගේ දුව කියලා. ඉතින් සියලුමදෙනාගේ ආශීර්වාද මැද අපි සතුටින් ඉන්නවා.
ඇමෙරිකාවේ හැදුණු වැඩුණු ඔබ ලංකාවම තෝරාගත්තේ ඇයි ඔබේ විවාහයට?
මම පුංචි කාලේ හිටියේ ලංකාවේ. අනෙක මම වරින් වර ලංකාවට ඇවිත් යනවා. ඇමෙරිකාවේ මගේ පවුලේ අය වගේම, ලංකාවෙත් මගේ හිතවතුන් ඉන්නවා. ඉතින් මම හිතුවා විවාහ මංගල්‍යය ලංකාවේ ගන්න. චන්දිමාල් අයියා මගේ මංගල ඇඳුම් සම්බන්ධව සියලුම වැඩකටයුතු කළා.
ඔබේ විවාහ මංගල සාදයේදී රංජන් රාමනායක ගායනා කළ ‘රන් සමනළ ජෝඩුව වාගේ’ සින්දුව සමාජ මාධ්‍ය ජාල හරහා කතාබහට ලක්වී තිබුණා?
ඔව්… මගේ අම්මාගේ ඉල්ලීමකට තමයි රංජන් මාමා ඒ සින්දුව ගායනා කළේ. අම්මයි, රංජන් මාමයි රඟපාපු චිත්‍රපටයක සින්දුවක් ඒක. ඉතින් මගෙත් ලොකු ආශාවක් තිබුණා රංජන් මාමා සමඟ ඒ සින්දුවට නටන්න. මගේ ඉල්ලීමට මා සමඟ රංජන් මාමා නැටුවා.
කාලයක් ඔබේ මව කලා ක්‍ෂේත්‍රයේ නිර්මාණවලට නැතුවම බැරි කලා ශිල්පිනියක් වුණා. ඒ අඩුව ඔබ පිරවීමට නේද මගබලාගෙන ඉන්නේ?
මම අම්මා සමඟත් සුළු සුළු චරිත රඟපෑවා. රඟපාන්න ලොකු ආශාවක් හිතේ තිබුණා. ‘හාස්‍ය’ චිත්‍රපටයක සුවිශේෂී චරිතයක් නිරූපණය කළා. පසුකාලීනව මගේ අධ්‍යාපන කටයුතුත් සමඟ ඒ සියල්ල මඟහැරුණා.
ඉතින් දැන් දිගටම ලංකාවේ ඉන්න නිසා කලාකටයුතු කරගෙන යෑමට පහසුවෙයි?
අනේ මම ලංකාවේ ඉන්නෙ නැහැ. තව ටික දවසකින් ඇමෙරිකාවට යනවා මගේ රාජකාරි වැඩකටයුතු නිසා. අනෙක මම එහේ ගන්න වැටුප බලද්දි මේ ලැබෙන මුදල හැරෙන්නවත් මදි. විවේකය ලැබෙන කාලය අතරතුර ලංකාවට මම එනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

යකෙකුටවත් බය නැති ලංකාවේ යක්කු

Next Post

ජනපති දළදා සමිදුන් වැඳ ආසිරි ලබා ගනී (PHOTOS)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.