මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගැන්වීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. Made in Sri Lanka ණය වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවූ දේශීය කර්මාන්ත නඟාසිටුවීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ දිගුවක් ලෙස මෙම සුවිශේෂී ගිවිසුම් ගතවීමේ අවස්ථාව හැඳින්විය හැක. Made in Sri Lanka යනු රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව මෙන්ම ව්‍යාපාර දියුණුව සඳහා ඉදිරිපත් කළ ණය යෝජනා ක්‍රමයකි.
මෙම වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන බැංකුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය අවශ්‍යතා ඇති ව්‍යාපාර හඳුනා ගැනීමට උපකාර කරමින් ඊට අලෙවිකරණ උපදේශනය ලබාදෙන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) තවත් සහයෝගීතාවයක් ඇතිකර ගත්තේය.
මේ සඳහා වන ගිවිසුම් අස්සන් කිරීම පසුගියදා මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී සිදුකෙරිණි. ඉන් අනතුරුව ව්‍යවසායකයින් 23 දෙනෙකු වෙනුවෙන් ණය ප්‍රදානයන්ද සිදුකෙරිණි.











