• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කළු කුමාරයා ඇත්තටම කළුද

December 26, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කළු කුමාරයා ඇත්තටම කළුද
Share on WhatsAppShare on Facebook

අඳුන් කුමාර, ගිනි කුමාර, මල් කුමාර යන පර්යාය පදවලින් හඳුන්වනු ලබන කළු කුමාරයා, තරුණියන්ට මෙන්ම තරුණ කාන්තාවන්ටද වින කරන යක්‍ෂයෙකි. මෙම කළු කුමාර යක්‍ෂයාගේ උපත පිළිබඳ බොහෝ ජනප්‍රවාද පවතී. ඒවා අතර සුලභම ජනප්‍රවාදය වන්නේ මෙයයි.

අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජුගේ පුතෙක් වූ නීල කුමරු වළගම්බා රජුගේ අන පරිදි සොලීන් විසින් පැහැරගත් තරුණයකු රැගෙන ඒමට ගිය වේලෙහි පුරාණ උතුරු කුරු දිවයෙනහි කිසිදු පුරුෂයකු නොදුටු කාමාශාවෙන් මත්ව සිටි ස්ත්‍රීන්ට මැදිවී එම ස්ත්‍රීන් සිදුකළ පහත් ක්‍රියා හේතුකොටගෙන නීල කුමරුන් දුර්වල වී ස්ත්‍රීන් කෙරෙහි වෛරයෙන් මියගොස් කළු කුමාරයා නම් යක්‍ෂයෙක් වී ඉපදුණු බවයි.

කළු කුමාරයා බොහෝ ලස්සන, කඩවසම් යක්‍ෂයෙක් වන අතර, ඔහු දකින ඕනෑම තරුණියක් ඔහුට වශී වීම වැළැක්විය නොහැකි කරුණකි. මොහු සුදු ඇඳුමින් සැරැසී යගදාවක් අතැතිව, දිගු වරලසක් විදහාලමින් ගවයකු පිට නැඟී ගමන් කරන තරුණයකු බව පුරාණ පොතපතේ සඳහන් වෙයි. කිසිවිට ලිංගික ආශාවන්ගෙන් තෘප්තිමත් නොවන කළු කුමාර යක්‍ෂ තෙමේ වෙසමුනි රජුගෙන් අවසර ගෙන තරුණ රූමත් තරුණියන් මෙන්ම කාන්තාවන් සොයා ගොම්මන් වේලාවේ සැරිසරන බව මතයයි. මෙම කළු කුමාරයාට කළු යකා ලෙසද නම් දෙනු දැකගත හැකිය. නමුත් මොවුන් අවතාර දෙකකි. කළු කුමාරයා තරුණියන්ට ඇල්ම, බැල්ම හෙළන අතර, කළු යකා තරුණ සුන්දර කාන්තාවන්ට ඇල්ම – බැල්ම හෙළා රෝග කිරීම දැකිය හැකිය.

කළු කුමාරයා ගොම්මන් කාලයේදී පමණක් නොව දැරියන් මල්වර වී තනිවූ අවස්ථාවේදී, ගොම්මනේ නාන අවස්ථාවේදී, තනිව ඇති තැන්හී, ගවමඩු ආශ්‍රිතව, සතුන් මරන ස්ථානවල, සොහොන්වල, අත හැර ගිය ගෙවල්වල, ළිං, වැව්, පොකුණු, පීලි ආශ්‍රිතව යුවතියට කෑදර වී, ලොල් වී, තමන්ගේ කාම ආශා සන්තර්පනය කරගැනීම සඳහා තමන්ගේ ග්‍රහණයට ගනී.

මීට අමතරව කළු කුමාරයා අලුත කසාද බැඳි කාන්තාවන්ටද ඉතා ලොල් වෙයි. තවද සැමියා මියගිය අලුත කාන්තාවන්ට, ප්‍රේමවන්තයෙක් සිටින තරුණියන්ටද, විවාහ ප්‍රමාද වන තරුණියන්ටද කළුකුමාරයාගේ දෘෂ්ටිය වැටෙනු ඇත.



තම දෘෂ්ටිය හෙළා ග්‍රහණයට ගත් තරුණියට කළු කුමාරයා දෘශ්‍යමාන වන්නේ සිහින තුළින්ය. ඒ තමා ආදරය කරන අයකුගේ වෙස් ගනිමිනි. එහිදී සිහිනෙන් ලිංගික ක්‍රියාවන්හි යෙදීම සිදුවී තරුණිය දුර්වල වීම සිදුවෙයි. දීර්ඝ කාලයක් මෙලෙස වීම හේතුවෙන් තරුණිය කෙසඟ වී දුර්වර්ණ වී යෑමද දැකිය හැකිය. ඊට අමතරව නිතර මුත්‍රා රෝග, සුදයෑම වැනි රෝග තත්ත්වයන්ද බහුල වෙයි. මෙවැනි ස්ත්‍රීන් තම ජීවිතය එපා වී සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. මොවුන් නිතර සිහිනෙන් බය වී කෑගසයි. උන්මත්ක ලෙස දොඩවයි. අධික රස්නයක වුවද වෙව්ලයි. ගෙදර අය නොමැතිව සිටින විට තව අයකු තමා ළඟ සිටිනවා සේ හැඟේ. කළු කුමාර දෝෂය ඇති කාන්තාවන්ට දරුගැබ් නොපිහිටයි. දරුගැබ් පිහිටියද ටික දිනකින් එය විනාශ වී යයි. කළු කුමාර දිෂ්ටිය උග්‍ර වූ විට අදාළ තරුණිය සිහිමූර්ඡා වී වැටීම සිදුවෙයි. මෙහිදී මැයට ජීවිත හානිය වීමේ අවදානමද වැඩි වෙයි.

කළු කුමාර දෝෂය ඇති වූ මුල් කාලයේ එය ශරීරයෙන් නොපෙනුණද, තරුණියගේ ක්‍රියාකලාපයෙන් හා ජන්ම පත්‍ර පිහිටීමෙන් මෙය බලාගත හැකිය. ඒ අනුව තරුණිය උදෑසන අවදිවන විට ඇගේ ශරීරයේ සිහිරීම් පවතී නම් හෝ ඇඟට තෙහෙට්ටු ගතියක්, අපහසුතාවක් දැනේ නම් එය කළු කුමාර දෘෂ්ටියේ මුල් ආරම්භයයි. මොවුනට දවල් කාලයේදී ඈලිමෑලි දුබලගති පවතී. නිතර තනිව සිටීමට, නිදාගැනීමට මහත් ආශාවක් දැක්වීමද කළු කුමාර දිෂ්ටියේ ලක්‍ෂණ වෙයි.
කළු කුමාර දෘෂ්ටිය වැටීම නිසා අදාළ තරුණියට බොහෝ අභාග්‍යය සම්පන්න කරුණු ජීවිතය පුරාවටම භුක්ති විඳීමට සිදුවනු ඇත. ඒ අතර කරන, කියන සෑම කාර්යයක්ම අසාර්ථක වීම, ආදායම, ලාභ නැති වී ගොස් දිළිඳු වීම, කෑම අරුචිය ඇති වීම, විරුද්ධ ලිංගිකයන්ට හේතු විරහිතව වෛර කිරීම, මානසික පීඩනය ඇති වීම, මංගල යෝග කැඩී යෑම, යුගදිවියේ ගැටලු මෙන්ම සැමියා කෙරෙහි කලකිරීම් ප්‍රකට ලෙස දැකිය හැකිය.

නමුත් කළු කුමාර දෝෂය හා අමනුෂ්‍ය දෝෂය යනු දෙකකි. කළු කුමාර දෝෂයේදී ඉහත ලකුණු පෙන්නුම් කළද, අමනුෂ්‍ය දෝෂවලදී රූපය විරූප වීම, කතා කරන විට කටෙන් දුගඳ පිටවීම, ශරීරය ගඳ ගැසීම, කෙළ වැගිරීම, උදරය විශාල වීම, මානසික රෝගී තත්ත්ව ඇතිවීම දැකිය හැකිය.

කළු කුමාර දෝෂයේ කරුණු, කාරණා මෙසේ වුවද ජන්මියකුගේ උපතේ සිට මරණය දක්වා සිදුවන සෑම දෙයක්ම නිවැරැදිව පැවැසිය හැකි භාව කේන්දරය මඟින්ද කළු කුමාර දෝෂය දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුට හෝ ජ්‍යොතිෂවේදිනියකට හඳුනාගත හැකිය. ඒ අනුව ජන්ම පත්‍රයේ කේතු ග්‍රහයා දුබලව, එනම් සතුරු, සතුරු මුළු භංග නොවන නීචයක 6 වැන්නේ හෝ 8 වැන්නේ සිටීම මෙම කළු කුමාර දෝෂය වැනි තනිකම් දෝෂ ඇති විය හැකි බවට පූර්ව දැනුම් දීමකි. දැරියගේ මල්වර කේන්දරයේද මෙවැනි ග්‍රහ පිහිටීමක් තිබේ නම් එම තත්ත්වය සනාථ වන්නකි. එබැවින් දැරිය තනි නොකිරීම මෙන්ම ඉහත සඳහන් කළ කළු කුමාර දෝෂය වැලඳෙන කිසිදු ක්‍රියාවක් නොකිරීමට දැරිය දැනුවත් කළ යුතුයි. මවද නිතර දැරිය ගැන අවදානයෙන් සිටිය යුතුයි. මෙයට අමතරව දැරියකගේ ජන්ම පත්‍රයේ කුජ ඉතා ප්‍රබල වීම, 6 හෝ 8 හි තැන්පත් වීම, එම කුජ පාප ග්‍රහයන් සමඟ සංයෝග වීම වැනි දේ වී දුබල කුජ 22 වැනි දෙර්කාණාධිපති වීම ආදී කරුණුද කළු කුමාර දෝෂය ඇති වන ග්‍රහ පිහිටීම්ය. මෙයද මල්වර කේන්දරයේ වේ නම් ඉතා භයානක තත්ත්වයකි.

කළු කුමාර දෝෂයෙන් පීඩා විඳින තරුණියකට හෝ කාන්තාවකට එයින් මුදාගැනීමේ ක්‍රමද ජ්‍යොතිෂවේදීන් දැනගත යුතුමය. ඒ සඳහා යන්ත්‍ර – මන්ත්‍ර, ගුරුකම් මෙන්ම බොහෝ කෙම් ක්‍රමද ඇත. ඒ අතර තම පියාගේ සරම හෝ පුරුෂයකුගේ සරමක් ඇඳගෙන නිදා ගැනීම, තොවිල් කිරීම, යකිනාරං කොළ ඇඳ මත අතුරා නිදා ගැනීම, යකිනාරං කොළ නූලක බැඳ ඉණේ බැඳීම, හිස තබන කොට්ටය මත ගිරයක් හෝ යකඩයක් තැබීම, පිරිත් පොත කොට්ටය යට තබා ගැනීම, පිරිත් තෙල් නළලේ තැවරීම, නිදා ගැනීමට ප්‍රථමව පිරිත් පැන් පානය කිරීම, නිදියහනේද පිරිත් තෙල් තැන් තැන්හි සුළු වශයෙන් ආලේප කිරීම, දෙහි කැපීම, පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව තුන්වරක් කියා හෝ තුන්සූත්‍රය කියා නින්දට යෑම ආදී කරුණු සිදුකරයි.

ගැමි සමාජයේ බොහෝ කතාබහට ලක්වන කළු කුමාර දෝෂය රෝග ලක්‍ෂණවලින් මෙන්ම ජන්ම පත්‍රයේ පිහිටීම තුළින් වටහා ගැනීමට, ප්‍රතිකාර කර සුවපත් කිරීමට සෑම ජ්‍යොතිෂවේදියකුම මෙන්ම ගුප්තවේදියකුට හැකියාව තිබිය යුතුය. ඒ සඳහා කළු කුමාර දිෂ්ටිය අනෙකුත් ප්‍රේත, යක්‍ෂ, දිෂ්ටිවලින් වෙන් කර හඳුනා ගැනීමේ ශක්තිය දක්‍ෂතාවය තිබිය යුතුය. නොයෙසේ නම් කළු කුමාර දිෂ්ටියට කරන ප්‍රතිකාර ‘පය බරවායට පිටකර බෙහෙත් බැන්දා’ වැනි වෙයි. ඒනිසා සෑම ජ්‍යොතිෂවේදියෙකු තුළම ගුප්ත ශාස්ත්‍රය පිළිබඳවද, සෑම ගුප්තවේදියකුම ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳවද මනා දැනුමක් අවබෝධයක් තිබිය යුතුමය. ජ්‍යොතිෂය, හස්ත රේඛා, දේහ ලක්‍ෂණ හා ගුප්ත ශාස්ත්‍රය එකිනෙක බද්ධ වූ විෂයන්ය. මෙම විෂයන් 4 සෑම පලාපල පවසන, ක්‍රියාකාරීව ශාන්ති කර්මවල නියැළෙන ජ්‍යොතිෂවේදීන් මෙන්ම ගුප්තවේදීන්ද හැදෑරිය යුතුම වෙයි.

ජ්‍යොතිෂවේදී, දේශබන්දු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද පානදුර

SendShareShare
Previous Post

ජනපති දළදා සමිදුන් වැඳ ආසිරි ලබා ගනී (PHOTOS)

Next Post

මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගන්වයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.