තවත් කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 15ක පිරිමි දරුවකු සහ 72 හැවිරිදි කාන්තාවක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
15 හැවිරිදි දරුවා මහරගම අපේක්ෂා රෝහලේ ලියුකේමියා රෝගයෙන් පෙළෙන දරුවකු බවත්, රෝගය වැළදීමෙන් පසු එම දරුවා අයි.ඩී.එචි. රෝහලට මාරු කර එවා ඇති බවත් වාර්තා වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනූව අද දිනයේදී තහවුරු වී ඇති කොවිඩ් මරණ ගණන 7කි.











