• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැරියක දූෂණය කළ සබරගමු කථිකාචාර්යවරයාට ජීවිතේට අමතක නොවන දඬුවමක්

December 22, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
දැරියක දූෂණය කළ සබරගමු කථිකාචාර්යවරයාට ජීවිතේට අමතක නොවන දඬුවමක්
Share on WhatsAppShare on Facebook

දහසය හැවිරිදි දැරියක දූෂණය කළ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුට බරපතළ වැඩ සහිත පහළොස් අවුරුදු සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් විසිපන්දහසක දඩයක් සහ රුපියල් ලක්‍ෂ පහක වන්දියක්ද දැරියට ගෙවන ලෙස නියම කළේය.

මෙසේ සිරදඬුවම් නියම කෙරුණේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ එම්. කිත්සිරි හෙවක්කොඩි යන අයටය.

දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක්ද, වන්දිය නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක්ද විත්තිකරුට නියම විය. සියලු දඬුවම් වෙන වෙනම ගෙවී යායුතු යැයිද තීන්දුවේ සඳහන් වෙයි.

වර්ෂ 2007 මැයි මාසයේ 1 වැනි දින හා එම වසරේම ඔක්තෝබර් 31 යන දින අතරදී 16 හැවිරිදි දැරියක දූෂණය කිරීම විත්තිකරුට එරෙහි අධි චෝදනා ගොනු කෙරුණි.

නීතිපතිවරයා විසින් විත්තිකරුට අධි චෝදනා බාරදී තිබුණි. අධි චෝදනාවලට විත්තිකරු නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසු මීට තුන් වසරකට පෙර මෙම නඩු විභාගය ඇරැඹිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පසුගියදා සිදුවිය.

තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් විත්තිකරු හෘදයාබාධයකින් පෙළෙන, එක් අතක්ද අප්‍රාණික තත්ත්වයෙන් පසුවන නිසා ලිහිල් සිරදඬුවමක් නියම කරන ලෙස විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීමට විරෝධය පළ කරමින්, විත්තිකරු වගකීම් සහිත තනතුරක් දරමින් ක්‍රියා කළ පුද්ගලයකු නිසා දිය හැකි උපරිම දඬුවම් දෙන්නැයි ඉල්ලා සිටියේය.

16 හැවිරිදි දැරියක දූෂණය කිරීම බරපතළ වරදක් බැවින් එවැනි පුද්ගලයකුට දෙන දඬුවම කිසිසේත් ලිහිල් එකක් නොවිය යුතු අතර, එය සමාජයට ආදර්ශයක් විය යුතු බව පිටු 220කින් යුතු තීන්දුව දීමට හේතු පැය හතරක් තිස්සේ විනිසුරුවරයා පැහැදිලි කළේය.

අනතුරුව චෝදනාවලට විත්තිකරු වරදකරු කර ඉහත දඬුවම නියම කළේය.

SendShareShare
Previous Post

කොරෝනා එන්නත මහින්දට දෙන කතාව බොරුවක්

Next Post

ලක්ෂ එකහමාර ගාණේ කිරිසප්පයින් 43ක් විකිණූ NGO කාක්කෙක් අල්ලයි

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.