මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කොට ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා යටතේ පවතින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයට බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ කොළඹ, අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත් රැස්වීමට සහභාගි වෙමිනි.
‘යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවලට සහභාගි වීමට ඉඩ ලබාදෙනවා. මෙවර වැඩිම මුදලක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් මිලියන 8400 ක් පමණ වෙන්කර තිබෙනවා. ඒ අනුව මහජන ක්‍රිඩාපිටි, පාසල් ක්‍රීඩාපිටි ඒ ඒ අංශ සමග එකතු වෙලා සංවර්ධනය කරන්න කටයුතු කරනවා. සුළු වාරිමාර්ග යටතේ වැව් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා.’ යැයි ඒ මහතා පැවසීය.










