• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මංගල්ලේ සල්ලිවලින් ගමකට කන්න දුන් ඇත්ත මිනිස්සු

December 21, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මංගල්ලේ සල්ලිවලින් ගමකට කන්න දුන් ඇත්ත මිනිස්සු
Share on WhatsAppShare on Facebook

ඇඳිරිනීති සමයේ තරුණ යුවලක් ඔවුන්ගේ විවාහ උත්සවය කල් දමා පවුල් 3000ක බඩගින්න නිවු කථාවක් පසුගිය සතියේ වාර්තා වුණා. ඔවුන් දෙදෙනා හරියටම විවාහ වීමට දින යොදාගෙන සිටියේ 2020 මැයි පහළොස්වනදායි. ඒ කඩවත පදිංචි වෙලා ඉන්න සචින්ත ප්‍රේමරත්න සහ දෙව්නි යසාරා සිල්වා යන දෙපළයි. ඔවුන් රටේත් ජාතියෙත් වගකීම ගැන හිතලා ඒ දිනට ඔවුන්ගේ විවාහය නෛතික කටයුතුවලට පමණක් සිමා කළා. පසුව ඔවුන් පසුගිය අගෝස්තු මාසයේදි විවාහ දිවියට පත්වුණා.
බොහෝ දෙනෙක් මංගල දිනය කල් දැම්ම ගමන් කටකතාවට කියන්නේ ඒක බාධයි, හරි අසුබ ලකුණක් කියලයි. සචින්තලාටත් එවැනි කථා අසන්නට ලැබුණා. නමුත් මේ අසුභ ලකුණ සුභ කරන්නේ කොහොමද කියලා මොවුන් කල්පනා කරන්නට ඇති. ආදරය කියන්නේ ඔවුන් දෙදෙනාගේ ආදරය පමණක් නොවෙයි කියලා ඔවුන් සිතුවා. මේ අසුභයි කියන අයට සමාජයේ කොපමණ කරදර තියෙනවාද කියලා ඔවුන් හිතුවා. මේ ගැන හිතලා ඒ හිත්වලට පුංචි හරි හිනාවක් ගේන්න මොවුන් අධිෂ්ඨාන කරගත්තා. ඒ අනුව විවාහය වෙනුවෙන් එකතු කළ මුදල්වලින් අසරණ ජනතාවට පිහිටක් වුණා. කොරෝනා නිසා බොහෝ ප්‍රදේශ වසා තිබුණා. බඩුවක් මුට්ටුවක් ගන්න කඩයක් හොයාගන්න බැරිවුණා. සමහර විට කඩයක් හොයාගත්තත් මිනිස්සුන්ට මුදල් හොයාගන්න බැරි අවස්ථා තිබුණා. ඔවුන් දෙදෙනාගේ අනාගතය කාගෙවත් මතයට වෙනස් කරන්න බැහැ කියන අදහස ඔවුන් දෙදෙනාගේ හිත්වල හැමදාම තිබුණා. දෛවඥයෙකුට හඳහනකට කොලකෑල්ලකට ජීවිතය තීරණය කරන්න බැහැ කියන බවද ඔවුන් දැන සිටියා.
සචින්ත සමාජයට කියාදුන්නේ “ජීවත් වෙනකොට මෙවැනි ප්‍රශ්න ඔබටත් ඇති, ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ ඔබයි. ඒ ශක්තිය පන්නරය ගන්න විශ්වාසය ගොඩනැඟීම ඔබේ වගකිමක්. සමහර අය අසුබයි කියන කථා ඔබට සුභ කරගන්න පුළුවන්. අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න විහිලුවට ගන්න හොඳ නැහැ” කියන පණිවුඩයයි.

ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධතාවයට වර්ෂ හයක් ගතවුණා. ඒ රැස් කරගත් කුසල් ප්‍රමාණයට සමාන කුසල් ප්‍රමාණයක්ම මේ පුණ්‍ය කර්මයෙන් රැස්කරගන්නට ඔවුන් කටයුතු කළා. ඔවුන් උපයාගත් මුදල් මෙන්ම බොහෝ දෙනෙක් මේ සදහා උපකාර කරන්නට ඉදිරිපත් වුණා. මොවුන් දුප්පත් පවුල් 3000ක් වෙනුවෙන් සති දෙකකට සෑහෙන්න බඩු මලු බෙදා දෙන්න කල්පනා කළා. මෙයින් සමාජයට පණිවුඩයක් මෙන්ම බොහෝ දෙනෙක්ට ධනාත්මකව සිතන්නට කියා දීමක් සිදුවුණා. මේ බඩුමලු බෙදා දුන්නේ කුරුණෑගල, කොළඹ, ගම්පහ යන ප්‍රදේශවල ජීවත් වූ අසරණ දුප්පත් ජනතාවටයි.
සචින්ත 2019 වර්ෂයේ සිට සමාජ සේවා කටයුතුවලට දායක වුණා. සචින්ත හදමඑය එද ඍැඉමසකා ීරස ඛ්බන් යනුවෙන් සංවිධානයක් ගොඩනැගුවා. තරුණ තරුණියන් මේ සඳහා සහභාගි කරවා ගත්තා. මෙයින් තරුණ පිරිස නැගිට්ටවන්නට කටයුතු කළා. තරුණ පිරිසට සමාජය ලෝකය දෙස ඇස් ඇරලා බලන්නට ඉගැන්නුවා. මෙයින් වැඩිහිටියන්ට ගරු කිරීම සහ වැඩිහිටියන් රැකබලා ගැනීමේ පණිවිඩය පතුරුවා හැරියා.

සචින්ත තම තරුණ කණ්ඩායම සමග එක්වී සමාජයේ කොරෝනා වසංගතය තුරන් කිරිමට කටයුතු කරන්නට වෙහෙසුණා. සචින්ත කියා සිටින්නේ “පාට පක්ෂ භේද අමතක කරලා එක රටක් ලෙස එක ජාතියක් ලෙස සිතුවොත් නිසි සෞඛ්‍ය නිති රිති අනුගමනය කළොත් ඔබට ගොඩ එන්නට පුළුවන්. ඔබ උල්ලංඝනය කරන සෞඛ්‍ය රීතියක් ගානේ ගෙදර ඉන්න අම්මාව තාත්තාව මතක් කරන්න. දස මාසයක් ලේකිරි කරලා හැදුව අම්මාවත්, තමන් උස් මහත් කරන්න වෙහෙසුන තාත්තාවත් රැකබලා ගන්න. සෞඛ්‍ය බලධාරින් ආරක්ෂක අංශ නිලධාරින්ට කරන මෙහෙයට අගයක් දීලා උදව් කරන්න ඕනේ. ලංකාවේ ඉන්න මිනිස්සු දුප්පත්. දුක්විඳලා හීන හැබෑ කරගත්ත මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ට අකාලයේ මියයන්න දෙන්න බැහැ” යනුවෙනි.
මේ දවස්වල කොරෝනා වසංගතය හේතුවෙන් මිනිස්සුන්ට රැකියා අහිමිවෙන අවස්ථා බොහොයි. සමහරුන්ට වැටුප් කපා හැරලා. මේවාට මේ රටේ විසඳුම් නැහැ. සමහර වෙලාවට මිනිස්සු කහට එකක් බිලා වේල පිරිමසාගන්න අවස්ථා බොහෝයි. ඒ බඩගින්න නිවන්න පිහිට වෙන්න පුළුවන් නම්, පුංචි හරි උදව්වක් කරන්නට පුළුවන් නම් ඒක ලොකු ශක්තියක් වෙනවා. මිනිස්සුන්ට මුලින්ම පවුල් 500ක් සදහා බඩුමලු බෙදා දීමට සචින්ත කටයුතු කළා. පසුව ඒ ප්‍රමාණය 3000 දක්වා වර්ධනය කරගැනිමට ඔවුන්ට හැකියාව ලැබුණා. මොවුන් සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කළා. ඔහු අබාධිත අයටද සාමාන්‍ය ජනතාවට වගේම අඩුවක්, වෙනස් හැඟීමක් ඇති නොවන පරිදි ආධාර සැපයිමට කටයුතු කළා. බඩු බෙදාදීමේදී ආරක්ෂක අංශ, පොලිසිය, ජනාධිපති මාධ්‍ය අංශය ඔවුන්ට උදව් කළා.
මුලින්ම ඔහුගේ පවුලේ අය මෙන්ම මිතුරු මිතුරියන්ද මේ පුණ්‍ය කටයුතු සදහා දායක කරගත්තා. සචින්ත මේ සදහා කුඩා ව්‍යාපාර ව්‍යවසායකයන්ගෙන්ද උපකාර ලබාගැනීමට කටයුතු කළා. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා මගින් ආරංචි වී උපකාර කිරිමට බොහෝ පිරිසක් ඉදිරිපත් වුණා. මේ කටයුත්ත පිටුපස දෙස් විදෙස්වල අය හිටියා . ඒ බොහෝ පිරිසට පිං අනුමෝදන් කරන්න සචින්ත සහ දෙව්නි අමතක කළේ නැහැ. ඒ වගේම මේ කටයුතු කිරිමට ශක්තිය දුන් දෙමව්පියන් මෙන්ම තමන්ගේ පාසල් මාතාවට පිංදෙන්නටද අමතක කළේ නැහැ. ඔවුන් ඉගෙන ගත් කොළඹ ආනන්ද විද්‍යාලය වගේම ගෝතමි බාලිකාවද මතක් කළා.
රටේ මෙවැනි පුණ්‍ය කටයුතු සිදුවෙද්දි මාධ්‍යයේ වගකීමක් තියෙනවා. ඒ දේ ප්‍රචාරය කරන්න. කාගෙවත් පෞද්ගලික ජීවිතයක් නිරුවතක් පෙන්නලා මාකට් කරනවාට වැඩිය මෙවැනි දේට දායක වෙන්න හැකිවෙනවා නම් කොතරම් උතුම් කාර්යයක්ද? ඒ වගේම පක්ෂ පාඨ කුල භේද මේ සියල්ලම අමතක කරලා මේ අවස්ථා ගැන බලන්නට ඕනේ කියන දේද ඔහු කියාදුන්නා.
සමාජයේ බොහෝ තරුණයින් මත්ද්‍රව්‍ය මත්කුඩුවලට යොමු වෙද්දි මේ වගේ පුණ්‍ය කටයුතුවලට දායක වන තරුණ තරුණියන් බිහි වනවා දැකගැනීම සමාජයේ හරි දුර්ලභයි. තරුණයින් සිගරට්වලට බෝතල්වලට යටකරන මුදල්වලින් මේ පුණ්‍ය කටයුතුවලට දායක වුණා නම් අප රට කොතරම් ලස්සන වෙයිද? රටේ දුගී ජනතාව බඩගින්නේ කොතරම් සිටිනවාද? මේ වසංගත තත්ත්වය අවස්ථාවේ පුළුවන් තරම් ජනතාවගේ බඩගින්න නිවන්නට ඔබට යමක් කරන්නට පුළුවන් නම් ඒ උතුම් සද්කාර්යක්. මෙවැනි කටයුතුවලට තරුණ තරුණයින් දායක විම රටකට ආඩම්බරයක් වගේම ආදර්ශයක්. අප අවසන් මොහොතේදි ගෙනයන්නේ මිල මුදල් නොවෙයි කළ හොදම විතරක් බව මතක තියාගන්න. අපේ තරුණ පරම්පරාවට හිතන්නට යමක් කියාදුන් සචින්තට බොහෝමත්ම ස්තුතියි වගේම ඔවුන්ගේ යුගදිවිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.
ඔබටත් මේ සචින්තගේ පුණ්‍ය ක්‍රියාවලට දායක විමට අවශ්‍ය නම් ඔහුව මේ දුරකථන අංකයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. (සචින්ත 077-8582622)

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ලන්ඩන්-පැරිස් විරෝධයෙන් පසු සිරුරු භූමදානයට ඉඩ ඉල්ලා අමෙරිකාවේත් උද්ඝෝෂණ

Next Post

කතරගම-නුවරඑළි-සිරිපාදෙ යනවා නම් සහතිකය අනිවාර්යයි

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.