කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින්, දෙසැම්බර් 23 බදාදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.
Voice For Sri Lankan Muslim සංවිධානය විසින් එම උද්ඝෝෂණය සැලසුම්කර තිබේ.
එහිදී විරෝධතා රථ පෙළපාලියක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ප්‍රංශ – ශ්‍රී ලංකා මුස්ලිම් සංවිධානය හා ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක එකතුවකින් සංවිධානය කළ නිහඬ උද්ඝෝෂණයක් පැරිස් නගරයේ කළාප අංක 11හී පිහිටි ඵෙතිහාසික සුප්‍රසිද්ධ රිපබ්ලික් චතුරශ්‍රයේදී (මහජන චතුරශ්‍රයේදී) 19 වෙනි සෙනසුරාදා පැවැත්විණ.
කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ඉඩ නොදීමට විරෝධය පළකරමින් දෙසැම්බර් 12 දා ලන්ඩනයේ දී ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණ.










